Friday 11 May 2012

යුද ජය සැමරුමේ නොදකින පැත්ත



සර තිහක් පැවැති යුද්ධය හමාර වූ විට වැඩි වශයෙන්ම සතුටට පත්වූයේ උතුර නැගෙනහිර සාමාන් වැසියෝය. උයාගත් බත් මුට්ටිය කාලතුවක්කු උණ්ඩවලට හසුවී පිපිරී යද්දී හිස් ලූ ලූ අත දිවු ඔවුන්ගේ ජීවිතවලින් විශාල ප්රමාණයක් මේ මහපොළවට මිහිදන් වන්නට තරම් යුද්ධය කුරිරු විණි.
උතුරේ නැති සතුට
යුද්ධය හමාර වී වසර තුනක් ළං වන්නට ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයකි. එදා යුද්ධය අවසන් වූ දිනයේ පැවැති සතුට කොතෙක් වුවත් උතුරේ වැසියෝ තවමත් පීඩාකාරී ප්රශ්න ගණනාවකින් හෙම්බත්ව සිටිති. එම ප්රශ්නය දෙස බලන විට තවමත් යුද්ධය අවසන් වී නැතැයි යන හැඟීම උතුරේ වැසියන් තුළ පමණක් නොව දකුණේ වැසියන් තුළද පහළ වනවාට කිසිදු සැකයක් නොමැත.
යුද්ධය හමාර වී රට එක්සේසත් වූයේ යෑයි ප්රකාශ වීමත් සමගම මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ජනතාව සිතා ගත්තේ මින් ඉදිරියට මේ රට තුළ අස්සක් මුල්ලක් නෑ නිදහසේ ගමන් කළ හැකි බවය. නමුත් එය එසේ සිදු වී නොමැත.
යාපනය මහනුවර -9 මාර්ගයේ තවමත් ක්රියාත්මක වන මුරකපොලු දෙකකි. ඕමන්ත ප්රදේශයේ හා අලිමංකඩ ප්රදේශයේ පිහිටි මුරකපොලු දෙකයි. රටේ ආරක්ෂාව වෙනුවෙන් පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීම වෙනම කරුණකි. එහෙත් නිදහසේ ගමන් කිරීම අපේක්ෂා කරන වැසියන්ව බස්රථවලින් බිමට බස්වා ඔවුන්ගේ ගමන් මලු අතදමා කූරු ගසා පරීක්ෂා කොට ඔවුන්ගෙ වතගොත ලියාපදිංචි කිරීම තවමත් සිදුවෙයි. එපමණක් නොව මේ මුරකපොලු හරහා තම ගමන් මලුද කරපින්නාගෙන යුද්ධය හමාර වී වසර තුනකටත් පසුව ගමන් කිරීමට සිදුවීම පීඩාකාරී තත්ත්වයකි. එමෙන්ම සාමාන් ජනතාවගේ සමබර සිතුවිලි වෙනත් වෙනත් සිතුවිලි කරා සීරුමාරුවීමට බෙහෙවින් බලපාන තත්ත්වයකි.
සාමන්‍ය ජනයාට කැකිරි
මේ මුරකපොලු හරහා දකුණේ ජනතාව ගමන් කරන්නේ තමන්ගේම වාහනයකිනි. එහිදී සිදුවන පරික්ෂාවෙන් හා ලේඛනගත කිරීම් ඉතා අඩු මට්ටමක පවතී. නමුත් උතුරේ එදිනෙදා කටයුතු සඳහා මේ මුරකපොලු හරහා විශාල පිරිසක් ගමන් කරන්නේ පොදු ප්රවාහන පද්ධතියට අයත් වන බස්රථවලය. එවිට ඔවුන්ට මුරකපොලුවලදී දුක්ගැහැට හා පීඩාවන් රැසක් විඳින්නට සිදුවෙයි. මේ නිසා උතුරේ දෙමළ ජනතාව යුද්ධය හමාර වී ඇතත් තමන් දෙස මෙතරම් සැකයෙන් බලන්නේ මන්දැයි යන සිතුවිල්ලේ ළතැවෙති. මේ තත්ත්වය හා සිතුවිල්ල අපේ රටේ ඉදිරියට එතරම් හොඳ දෙයක් නොවේ. මේ නිසා මෙම මුරකපොලු දෙකේදී සාමාන් ජනතාවට පීඩාවන් ඇති නොවීමට ක්රමවේදයක් සකස් වීම ඉතා අත්යවශ්යයෙන් හා කඩිනමින් සිදුවිය යුත්තකි.
නිදහස ලැබූ රට තුළ නිදහසේ ඇවිඳ යැමට තවත් කෙනෙකුගෙන් අවසර ලබා ගැනීමට අවශ් වීමද අවශ් නොවේ. නමුත් මේ වන විට මුලතිව් දිස්ත්රික්කයේ බොහෝ තැන්වලට යැමටද, කිළිනොච්චියේ යළි පදිංචි කළ ගම්මාන වෙත යැමටද, සෙට්ටිකුලම මැණික්ෆාම් අනාථ කඳවුරට යැමටද රාජ් ආරක්ෂක අමාත්යංශයෙන් අවසර ලබාගත යුතුය. යුද්ධය හමාර වූ රටක මෙවැනි අවසර ගැනීම් සිදුවිය යුත්තේ මන්දැයි යන්න විශාල ප්රශ්නයකි. එමෙන්ම මෙතරම් නීතිරීති පනවා දැන් ආරෂාව සැලසිය යුතුවන්නේ ඇයි දැයි යන්නද ප්රශ්නයකි.
සරණාගත තහනම් කලාප
යළි පදිංචි කිරීමේ කටයුතු බාර අමාත් ගුණරත්න වීරකෝන් මහතා ප්රකාශ කරන්නේ සෙට්ටිකුලම මැණික්ෆාම් අනාථ කඳවුර කඳවුරක් නොව ඕනෑම අයෙකුට යා හැකි මෙන්ම එම කඳවුරේ සිටින පිරිස්වලටද ඕනෑම තැනකට යා හැකි ස්ථානයක් බවය. නමුත් මෙම කඳවුර පාලනය කරනු ලබන යුදහමුදාවට ඉහළින් ලැබී ඇති නියෝගවලට අනුව රජයේ නොවන වෙනත් දේශපාලන පක්ෂයක මන්ත්රීවරයකුට පවා ඇතුළු විය නොහැක.
අනාථ කඳවුරකට මේ තරම් ආරක්ෂාවක් යොදා ආරක්ෂා කරන්නේ කුමක් යන සැකය සියලු දෙනාටම ඇති වන නිසා මාධ්යවේදීන් මැණික්ෆාම් අනාථ කඳවුරට කෙසේ හෝ ඇතුළු වී එහි සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීමට පෙළඹෙති. රජය කුමක් ප්රකාශ කළද මැණික්ෆාම් අනාථ කඳවුර තුළට ගිය විට ජිවිතයේ යථාර්ථයන්, මානුෂීය ගුණධර්මයන්වල බිඳ වැටීම්, අනාථභාවය, ධරිද්රතාවය, අංගවිකල බව ආදී වූ ජීවිත හා සමාජ ප්රශ්නවලින් පිරුණු මානව කුලකයක් එහිදී දැකගත හැකි වෙයි.

හමුදාවට ගත් ජනයාගේ ගෙවල්
මුලතිව් දිස්ත්රික්කයේත් යාපනය දිස්ත්රික්කයේත් තවමත් අධිආරක්ෂිත කලාප ක්රියාත්මක වෙයි. මේ අධිආරක්ෂිත කලාප වශයෙන් හඳුන්වා ආරක්ෂක අංශ වැටවල් ගසාගෙන සිටින්නේ සාමාන් වැසියන්ට අයත් ඉඩම්ය. බොහෝ ආරක්ෂක කඳවුරු පවත්වාගෙන යන්නේද සාමාන් වැසියන්ට අයත් නිවාසවලය. මේ තත්ත්වය මත යුද්ධය අවසන් වී වසර තුනක් ළඟාවෙන මේ මොහොත වනවිටත් උතුරේ සාමාන් වැසියන්ට තමන්ට අයත් ඉඩම්වලට නිවාසවලට යැමට නොහැකිව ඔවුහු අසරණ වී සිටිති.
අධිආරක්ෂිත කලාප සමග බැඳුණු මහාමාර්ග තවමත් සාමාන් ජනයාට වසාදමා තිබේ. යාපනයේ දඹකොළපටුනේ සිට කැෂුරිනා වෙරළ දක්වා ඉතා පහසුවෙන් ගමන් කළ හැකි කෙටිම මාර්ගය වසාදමා ඇත. දඹකොළපටුනත් කැෂුරිනා වෙරළත් යන දෙකම සංචාරක ස්ථානයන්ය. ඒවාට ළඟාවිය හැකි මාර්ග වසා දමා ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම ගැන කතා කරති. අද මෙම පළාත්වල සංචාරය කරන දේශීය සංචාරකයන්ට මේ තහනම් නියෝග නිසා ගමන් අප්පිරියා වී තිබේ. විදේශිකයන්ට උතුරේ මංමාවත් ගැන එතරම් අවබෝධයක් නොමැති නිසා ඔවුන් කෙසේ හෝ යා යුතු තැනට යැමට උත්සහ කරණු ලබයි.
යුද්ධය හමාරවීමෙන් පසුව රට තුළ සතුරු බලවේග ක්රියාත්මක නොවේ නම් පාරවල් වැසීම, අධිආරක්ෂිත කලාප පිහිටුවීම, මුරකපොලුවල දහදුකවිඳීමට සිදුවීම, තමන්ට අයිති ඉඩකඩම් හා නිවාස පරිහරණය කිරීමට නොහැකිවීම යනදේ සිදුවී ඇත්තේ කාගේ වරදින් දැයි අපි නොදනිමු. රට කරවනු ලබන රාජ් නායකයා රටේ හතර කොන ගැන නොදන්නවා නොවිය හැකිය. නමුත් රාජ් නායකයාව අන්දවා කුමන හෝ බොරුවක් ගොතා වෙනත් අය සිය බල පරාක්රමය පතුරවමින් රටේ යම් යම් ප්රදේශ පාලනය කිරීමට දරන උත්සාහය නිසා මෙම අවුල් සහගත තත්ත්වය ඇතිවී ඇති බව නම් අපට පැහැදිලිය.

ජිනිවා නොගොස් කෙහේ යන්නද?
මෙවැනි පසුබිමක් මත උතුරේ ජනතාව සිය ඉල්ලීම් දිනා ගැනීමට ජිනීවා සමුළුවට කරුණු ඉදිරිපත් කිරීම අරුමයක් නොවේ. ඔවුන් එසේ කරුණු ඉදිරිපත් කරනු ලබන්නේ රටට හෙණ ගැසීමේ අරමුණින් නොව තමන්ට අයත් දේ නිසිලෙස තමන් වෙත අත්පත් කර ගැනීමේ අටියෙනි. රාජ් නායකයින් රවටවා වෙනත් පිරිසක් ප්රාදේශීය වශයෙන් තම පාලන බලය ගෙන යැමට දරන උත්සහාය නිසා නානාවිධ ප්රශ්නවලට හා චෝදනාවලට කරදීමටත් ඇදගෙන නෑමටත් සිදුවන්නේ රාජ් නායකයාටය. රාජ් නායකයින් මේ පිළිබඳ සැබෑ තත්ත්වය සොයා බලන්නේද නැත. වෙනත් උවමනාවකට ඔවුන් පැමිණියද ඔවුනට මේ දේ දෘෂ්යමාන නොවන්නේ ඔවුන් බිමින් නොව උඩින් හෙලිකොප්ටර් යානාවල ගමන් කරන නිසාය.

යුද ජය සමරන ජෝගියට වචනයක්
 යුද්ධය හමාර වී වසර තුනක් පිරීමට නියමිත ලබන මැයිමස 19 වෙනිදා අපේ රටේ උදවිය සාමය තලුමරමින් ජෝගි නටන්නටත් උත්සව පවත්වන්ටත් දැන් දැන්ම අර අදිති. එවැනි උත්සව පැවැත්වීම ගැන අපට ඊර්යායවක් නොමැත. ඇත්තේ වේදනාවක් පමණි. වේදනාවද උත්සව පැවැත්වීම ගැන නොව දකුණේ උත්සව පැවැත්වෙද්දී ලද යුද ජයග්රහණය තුළ පීඩා විඳින අපට ඇති ප්රශ්න තුළින් දැනෙන වේදනාව නිසාය.
මේ ප්රශ්න ගැන විපක්ෂනායකවරයා කතා කළ විට ඔහු රාජය අපහසුතාවට පත්කොට වත්මන් රජය පෙරලන්නට කටයුතු කරන පුද්ගලයකු ලෙස හංවඩු ගැසෙයි. දෙමළ ජාතික සන්ධානය මේ ගැන කතා කරණ විට රට බෙදන්නට සැරසෙන පිරිසක් ලෙස ලේබල් ඇලවෙයි. වෙනත් දේශපාලන පක්ෂවලටද තව තව දේ කියෑවේ. මේ ගැන ලියන හා කතා කරන මාධ්යවේදීයෝ ප්රභාකරන්ට යළි පණදීමට උත්සහ කරන පිරිසක් ලෙස රජය හඳුන්වයි. නමුත් ඇත්ත වශයෙන්ම අද උතුරේ සිදුවන මේ තත්ත්වය මුලුමහත් රටටම හානිදායකය. එහෙයින් රජය කරවන මහ උතුමන්ලා මේ ගැන සොයා බලත්වා!

දිනසේන රතුගමගේ ( වව්නියාව)දිවයින පුවත්පතින් උපුටා ගන්නා ලදී  (මාතෘකාව සහ උප මාතෘකාව අපෙනි)
ඉහත ජායාරූපය: වන්නියේ යුද කරණය 2012 අප්‍රෙල්



No comments:

Post a Comment