Sunday 29 April 2012

සිවරාම් නොහොත් "තාරකී" මරාදමා වසර 6 යි. ඝාතකයන් තවම නිදැල්ලේ

yukthiya.com
ඡායාරුපය - JDS








1959 යේ අගෝස්තු 11 දින මඩකලපුවේදී උපත ලද ධර්මරත්නම් සිවරාම් නොහොත් "තාරකී" 2005 වර්ෂයේ අප්‍රේල් 28 බම්බලපිටියේදී රාත්‍රී 10.30 පමණ සුදු පැහැති ජීප්රථයකින් පැහැර ගනු ලැබිණි. පසුදා උදයේ (29) දී අගනගරයේ දියවන්නා ඔය අසලින් තාරකීගේ ප්‍රාණය නිරුද්ධකළ සිරුර හමුවිය. තම මාධ්‍ය සගයෙකු වූ කුසල් පෙරේරා හමුවී "හිරු" පුවත් පත් කාර්යාලය බලා යෑමට පැමිණීමේදී සිවරාම්ව පැහැරගනු ලැබීය. සිවරාම් පැහැරගත් ජීප්රථයේ අංකය ආරම්භ වන්නේ WPG11 යනුවෙන් නම සඳහන් නොකළ මාධ්‍යවේදියෙකු එවකදී පැවසීය. සිවරාම් මාධ්‍ය කේෂත්‍රයට හඳුන්වා දෙනු ලැබුවේ රිචර්ඩ් ද සොයිසා විසින් විය. නූතන දැනුම ඔස්සේ මිලිටරි යාන්ත්‍රණයන් සහ දේශපාලන සම්බන්ධයෙක් ඉතා ගැඹුරු විග්‍රහයන් ඉදිරිපත් කළ ඔහු දෙමළ ජන සමාජයේ නූතන විද්වතෙකු විය. සාම්ප්‍රධායික දෙමළ සමාජය අතික්‍රමණය කරමින් වඩාත් පුළුල් දැක්මකින් යුතු අයෙක් විය. සිවරාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ රජයට සහ රජයේ සහය ලබන කරුණා පර්ශවය වෙතද එවකදී ඇගිල්ල දිගුවිය. විශේෂයෙන් දමිළ ජමාධ්‍යවේදීන්ට සහ සියලු ජනමාධ්‍යවේදීන්ට සැලකීමේදී රාජපක්ෂ රජය අනුගමනය කරන "සුදුවෑන්" සංකල්පයම මෙහිදී භාවිතයට ගැනීම එම සැකය වඩාත් තීර්ව කරවීය. කෙසේ නමුත් තාරකී ඝාතනය කර වසර 6 ඉකුත්වී ඇති නමුත් තවමත් තාරකී ඝාතනය කළ මිනිමරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වී නොමැත. තාරකී ඝාතනය පිළිබඳ නඩු විභාගය විවිධ හේතුමත කල් යමින් සිටින බව පෙනී යයි. සිවරාම් වැනි බුද්ධිමතෙකු, අභිත ජනමාධ්‍යවේදියෙකු ඝාතනය කිරීම දෙමළ ජනසමාජයට පිරිමැසිය නොහැකි පාඩුවකි. එදා සිවරම් ඝාතනය වෙනුවෙන් ප්‍රකාශය පත්වූ හිරු පුවත්පතේ විශේෂ කලාපයට ලිපියක් යොමුකරන, තරකීගේ සමීප අතීත මිතුරකු හා දැන් ප්‍රංශයේ තනාපති වන දයාන් ජයතිලක සඳහක් කර සිටියේ "සිංහලයන් විශ්වාස කළ අවසන් දෙමළාත් මරාදමයි " යනුවෙනි. . විශේෂයෙන් සිවරාම් එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකලාපයන් ද විවේචනයකල අතර දැන් අමාත්‍ය මුරලිදරන් හෙවත් කරුණා වෙත සිවරාම් එදා ලියන ලද විවෘත ලිපියේ සදහන් කරුණු අදටද කරුණාගේ දේශපාලන භූමිකාවට අදාලය. වාම විප්ලවාදී බලවේග ලෙස තමන්ව හඳුන්වාගත් දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණද එහි එවක ප්‍රචාරක ලේකම් වූ විමල් විරවංශද තාරකී භයානක ත්‍රස්තවාදියෙකු ලෙස නම්කිරීම මගින් ඔහු මරාදැමීමට අවශ්‍ය මතවාදය ගොඩනැගුවේය. පසුකලෙක සමස්ථ දෙමළ ජනතාව සම්බන්ධයෙන්ම එවැනි දේශපාලන පක්ෂ දැරු අදහස ඒ හා සමාන විය. එවැනි ඉතිහාසයක් දෙස ස්ව්‍යං විවේචනාත්මක හැරීබැලීමකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී ධජයේ උරුම කරුවන් වීමට දුෂ්කර බව අපි සියලු දෙනා තේරුම් ගත යුතුය. එදා සිවරාම් උතුරේ ලියු සත්‍යයට ඔවුන්ට අද දකුණේදී මුහුණ පාන්නට සිදුවී තිබේ. එම නිසා තාරකීගේ අගය අදටත් වඩා හෙටට දැනෙනු නොඅනුමානය.

Saturday 28 April 2012

''මේ සිංහල අපගේ රටයි, අප ඉපදෙන මැරෙන රටයි'' දඹුල්ලෙන් ඇසෙන ජාතික උදානය - ගාමිණී වියන්ගොඩ

Lanka News Web පසු ගිය දා දඹුල්ලේ පිහිටි මුස්ලිම් පල්ලියක් කඩා විනාශ කෙරුණි. තවත් හින්දු කෝවිලක් බලහත්කාරයෙන් ඉවත් කරන බවට තර්ජනය කොට තිබේ. මේ මැර ප්‍රහාරය සහ තර්ජනය පෙරමුණේ සිටියේ, ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් යැයි කියාගන්නා භික්ෂූන් පිරිසකි. එවැනි එක් බුද්ධ පුත්‍රයෙක් තමාගේ සිවුර ගලවා උඩ පනිමින් මේ ප්‍රචණ්ඩත්වයට ජනතාව උසිගැන්නුවේය. විනාශය අවසානයේ මේ භික්ෂූහූ පිරිත් සජ්ජායනා කළහ. ජනතාව සාධුකාර දුන්හ. සාමාන්‍ය ජීවිතයේ හැසිරීම කෙසේ වෙතත්, කැමරාවක් ඉදිරියේ හැසිරීමේ දී, සිවුර ගලවන මොහොතේම එය දෘෂ්‍ය මාධ්‍යයෙන් විදාරණය වන බව මේ පිරිස නොදැන සිටියේ යැයි සිතිය නොහැකිය. එහෙත්, ආධ්‍යාත්මික හරය හල පිරිසක්, භික්ෂූත්වය යනු වර්ගයක්, ජාතියක් සහ භාෂාවක් තුළ ආයතනගත වීමක් වශයෙන් සලකන පිරිසක්, බුදුන්ටත් බුදුන්ගේ ධර්මයටත් වඩා තමාගේ වරිගය උසස් යැයි සළකන පිරිසක්, කැමරාවක් ඉදිරියේ නොව, බුදුන් වහන්සේගේ ශ්‍රී නේත්‍රා අභියසම වුව මෙසේම හැසිරෙනු ඇත. මන්ද යත්, බුදුන්වහන්සේ සිංහලයෙකු නොවන බැවිනි. ලෝකයේ ''පිරිසුදුම ථේරවාදී බුද්ධාගම'' යැයි ඇතැමුන් අද හඳුන්වන්නේ මෙවැනි ගෝත්‍රික බුදු දහමකි. දඹුල්ලේ දර්ශනය දැකීමේ දී කෙනෙකුගේ කල්පනාවට නැගුණේ, ඉන්දියාවේ විවිධ අවස්ථාවල සිදුව ඇති හින්දු මුස්ලිම් ගැටුම් තුළ දස දහස් ගණනින් එකිනෙකා මරා ගත් අතීත ඝෝර චිත්‍රයක මතකයකි. ලංකාවේ බෞද්ධ භික්ෂුවගේ වර්තමාන ගමන් මග මේ ඉන්දියානු මාවතට හෝ තලිබාන් ගමන් මගට පිවිසීමට දැන් ඉතා ආසන්න යැයි කෙනෙකුට සිතුණොත් එහි පුදුමයක් නැත. යුද්ධය ආරම්භයටත් පෙර සිටම මේ ලියුම්කරු තදින් විශ්වාස කළ එක කාරණයක් තිබුණි. එනම්, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම යන වෙළඳ දැන්වීම යටතේ ක්‍රියාත්මක වන යුද්ධයක ජයග්‍රහණය, සිංහල}බෞද්ධ ස්වෝත්තමවාදයකින් මෙහා නතර වීමට කිසි ඉඩක් නැති බවයි. එය, මේ අවස්ථාවේ නැවත පැහැදිළි කිරීමක් අවශ්‍ය නොකරන, වෙනත් නොයෙක් අවස්ථාවල අවශ්‍ය පමණට කතා කොට ඇති, දීර්ඝ කතාන්දරයකි. ඒ නිසා, ආ ගිය කතා පසෙකින් තබා, ඇති වූ සිද්ධිය දෙසට හැරෙමු. මේ සමස්ත සිද්ධිය එදා මෙහෙයැවූයේ දඹුලූ විහාරාධිපති ඉනාමලූවේ සුමංගල හිමියන් ය. පොලිස් නිලධාරියාට සහ ප්‍රාදේශීය ලේකම්වරියට උන්වහන්සේ දුන් නියෝග දෙස බලන විට, කෙනෙකුගේ මතකයට එන්නේ, මර්වින් සිල්වා අමාත්‍යවරයා සිවුරක් දරාගෙන සිටියේ නම් කෙබඳු වේ දැ යි සිහියට නංවන සිතුවිල්ලකි. ප්‍රාදේශීය ලේකම්වරිය අමතා ඔහු දුන් නියෝග දෙස බලන විට, ඇගේ පැත්තෙන් වැඩේ දුරදිග ගියේ නම්, ඇයව අල්ලා ළඟ ඇති ගසක බැඳීමට වුවත් එතුමන් පසුබට නොවෙති යි කෙනෙකුට සිතුණ තරමි. මේ ප්‍රචණ්ඩත්වය සමනය කිරීමට උත්සාහ කරන එක් උසස් පොලිස් නිලධාරියෙකු අමතා උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ: ''වියදමක් යන වැඩක්.. දැන් මේ, ශ්‍රමදානෙන් වැඩේ කරලා දෙන්නනේ අපි හදන්නේ. ඉතිං ආණ්ඩුව අපිට උදව් කරන්න එපායැ..'' බෞද්ධ භික්ෂුවක් මේ දේශනා කරන්නේ කුමක් ද? තමන්ගේ චන්ඩි කමින් මුස්ලිම් දේවස්ථානය සහ හින්දු කෝවිල ''ශ්‍රමදානයෙන්'' විනාශ කර දැමීම, ''අනවශ්‍ය වියදම්කාරී'' ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ඨත්වයට වඩා යෝග්‍ය බව ය. සාදු. සාදු. සාදු... මේ අතරේ එක් අහිංසක කාන්තාවක් එම හිමියන්ට කරුණු පැහැදිළි කර දීමට ඉදිරිපත් වෙයි: ''මං නං පුංචි කාලේ ඉඳං මේ කෝවිල මෙතන තියෙනවා, අපේ හාමුදුරුවනේ..'' යි ඈ එකත්පස්ව කියන විට එතුමන් පෙරලා ප්‍රශ්න කරන්නේ, ''ඒ කියන්නේ, 1800 ගණන්වල සිට ද?'' යන උපහාස පැනය අකාරුණිකව ඇය වෙත දමා ගැසීමෙනි. ඉන් පසු එතුමන් එම කාන්තාව අමතා නිකුත් කරන අවසාන නිවේදනය මෙසේය: ''කෝවිල උඹලා අයින් කර ගනිල්ලා. නැත්නං අපි ඇවිල්ලා උඹලාගේ ගෙවලූත් අයින් කරලා දානවා. උඹලාගේ දෙවියන් වහන්සේ කැමති තැනකට වැඩමගෙන පලයල්ලා..'' බෞද්ධ භික්ෂුවකට තබා බෞද්ධ ගිහියෙකුටවත් තරම් නොවන එවැනි අශෝභන ආකාරයකින් එතුමන් හැසිරුණේ ඇයි? දඹුල්ල, බෞද්ධ ශ=ද්ධ භූමියක් වශයෙන් සැළකෙන නිසා ය. එවැනි බෞද්ධ භූමියක අන්‍යාගමිකයන්ගේ දේවස්ථාන නොතිබිය යුතු බවට ඇති අබෞද්ධ විශ්වාසයක් නිසා ය. ආගම පිළිබඳ මූලධාර්මික කාරණයක් වශයෙන් ගත් කල මේ භික්ෂූන් වහන්සේගේ තර්කය සහසුද්දෙන්ම බෞද්ධ විරෝධී ය. බුදුන්ගේ සදහම් ධර්මය තුළ පැනෙන, (අනෙකා) ඉවසීම සහ අවිහිංසාව වැනි උත්කෘෂ්ටයන් මොහොතකට පසෙකින් තැබුවත්, උන්වහන්සේගේ ජීවමාන භාවිතය සහ ආදර්ශය තුළින්ම මේ තර්කය සපුරා නිෂේධ කොට ඇත. බුදුන් වහන්සේ වැඩ විසූ ෙජ්තවනාරාමයට අල්ලපු වත්තේ තිබුණේ, ඌරන් මරණ ඌරු කොටුවකි. චුන්ද සූකර නම් වු මේ ඌරු කොටුකාරයා තමන්ගේ ජීවිත කාලය තුළ කිසි දවසක බුදු බණ අසන්නට ආවේ නැත. පන්සලට අල්ලපු වත්තේ කෙරෙන තමන්ගේ ප්‍රාණඝාත කර්මාන්තය කිසි දවසක නතර කෙළේ ද නැත. එසේ තිබිය දී පවා, බුදුන් වහන්සේ ඒ ඌරු කොටුව තමාගේ ශ=ද්ධ භූමියෙන් ඉවත් කරන්නැ යි ඌරු කොටු හිමියාගෙන්වත්, එදා රාජ්‍ය පාලකයන්ගෙන්වත් ඉල්ලා සිටියේ නැත. මේ ෙජ්තවනාරාමය අනිත් පැත්තේ තිබුණේ, නිඝණ්ඨයන්ගේ ආරාමයකි. එහි ඝෝෂාකාරී යාතිකා නිසා තමන්ගේ බණ භාවනාවට බාධා පැමිණෙතැ යි වරක් එක් භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට පැමිණිලි කොට සිටි විට උන්වහන්සේගේ පිළිතුර වුණේ, අදාළ පාලකයන්ට ඒ ගැන කරුණු පහදා දෙන ලෙස මිස, උපාසික උපාසිකාවන් උසිගන්වාගෙන ගොස් නිඝණ්ඨයන්ගේ ආරාමය බිමට සමතලා කරන ලෙස නොවේ. කෙසේ වෙතත්, ආගම පිළිබඳ එවැනි ප්‍රායෝගික සහ මූලධාර්මික කාරණා පසෙකින් තැබුවොත්, නූතන සමාජයේ ප්‍රජාවන් අතර ආගම සම්බන්ධයෙන් හතුරු ආකල්ප හෝ ගැටුම් ඇති විය හැකි පසුබිමක් තුළ, එක් ආගමික ප්‍රජාවක් ප්‍රකෝප ගැන්වෙන ආකාරයෙන් වෙනත් පසමිතුරු ආගමික සංස්ථා එම අවකාශය තුළ ගොඩනැගීම යෝග්‍ය නැති බව අප පිළිගත යුතුය. උදාහරණයක් වශයෙන් ගතහොත්, යාපනේ වර්තමාන හින්දු පරිසරය තුළ අළුතෙන් බෞද්ධ සිද්ධස්ථාන හෝ බුද්ධ ප්‍රතිමා පිහිටුවීම යෝග්‍ය නොවන්නා සේ ය. එහෙත් මෙම සිද්ධියට අදාළ දඹුල්ලේ මුස්ලිම් පල්ලිය සහ හින්දු කෝවිල අළුත් ගොඩනැංවීම් නොවේ. ඒවා අවුරුදු 50 කට ආසන්න කාලයකට හෝ ඊටත් වැඩි අතීත ඉතිහාසයකට උරුමකම් කියයි. එසේ නම්, දඹුල්ලේ භික්ෂූන් වහන්සේලාට මෙම පල්ලිය සහ කෝවිල විශේෂයෙන් අද දවසේ ප්‍රශ්නයක් වුණේ කෙසේ ද? උත්තරය වෙන කිසිවක් නොව, සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින ගිහි පැවිදි පොල්මක්කාරයන් අද පෙළෙන යුද ජයග්‍රහණයේ උන්මාදය යි. මේ කියන ''ශ=ද්ධ භූමි'' සංකල්පය දෙස තවත් සමීපව අප විමසා බැලූවොත් අප ඉදිරියේ මැවෙන්නේ ඇත්තෙන්ම හාස්‍යාකාර දර්ශනයකි. ලංකාවේ බෞද්ධ විහාර අතුරෙන් බොහොමයක, කේන්ද්‍ර බැලීම, අණවිණ කොඩිවිණ කිරීම, දෙවියන්ට කන්නලව් කිරීම, පොල් ගැසීම වැනි අබෞද්ධ සහ මිථ්‍යා අභිචාරයන් සිදුවන බව කවුරුත් දනිති. ඉනාමලූවේ සුමංගල හිමියන්ගේ දඹුලූ විහාරය තුළ පවා, විෂ්ණු දෙවියන්ගේ සහ ගණ දෙවියන්ගේ ප්‍රතිමා දෙකක් සහිත හින්දු දේවාල ඇත. ඊට අමතරව, හින්දු විශ්වාසය මත පොල් ගසන අඩවියක් ද ඇත. ඉතිං, තමාගේ පන්සල ඇතුළේම හින්දු දේවාල සහ හින්දු භක්තිය නඩත්තු කරන ඉනාමලූවේ සුමංගල හිමියන්, පන්සලට පිටතින් පිහිටි එවැනිම තවත් හින්දු කෝවිලක් ''බෞද්ධ ශ=ද්ධ භූමියක'' නාමයෙන් ඉවත් කළ යුතු යැයි කියන්නේ කුමන තර්කයක් උඩ ද? දිවි හිමියෙන් ආරක්ෂා කරගත යුතු යැයි කියන මේ ''ශ=ද්ධවන්ත භාවය'' වර්තමාන දේශපාලන මනෝභාවය විසින් ඉල්ලා සිටින ගෝත්‍රික සම්මාදමක් මිස මොන ලෙසකින්වත් බුදුරජාණන් වහන්සේගේ උත්තුංග ධර්මයට සම්බන්ධ දෙයක් නොවන බව මේ කරුණු අනුසාරයෙන් අපට අවබෝධ විය යුතුය. එම දේශපාලන මනෝභාවය තුළ, බෞද්ධ නොවන සිංහලයාටත්, විශේෂයෙන් දෙමළ ජාතිකයාට සහ මුස්ලිම් භක්තිකයාටත් ඇත්තේ, හැම අතකින්ම ඇහිරුණු ඉඩකඩක් පමණි. ....

Friday 27 April 2012

Hague court convicts Taylor of crimes in Sierra Leone

A United Nations-backed court convicted former Liberian president Charles Taylor of war crimes and crimes against humanity, the first time a head of state has been found guilty by an international tribunal since the Nazi trials at Nuremberg. The first African leader to stand trial for war crimes, Taylor had been charged with 11 counts of murder, rape, conscripting child soldiers and sexual slavery during intertwined wars in Liberia and Sierra Leone, when more than 50,000 people were killed. The warlord-turned-president was accused of directing Revolutionary United Front (RUF) rebels in a campaign of terror to plunder Sierra Leone's diamond mines for profit and to obtain weapons. On Thursday, the court ruled that Taylor, 64, was criminally responsible for aiding and abetting the crimes, and found him guilty of providing weapons, food, medical supplies, fuel and equipment to forces in Sierra Leone which committed atrocities. But it said he was not guilty of either ordering or planning the atrocities - a disappointment for the prosecution and a decision which could eventually result in a lighter sentence. "The trial chamber, having already found the accused guilty of aiding and abetting, does not find the accused also instigated these crimes," Presiding Judge Richard Lussick said. Wearing a dark blue suit and maroon tie, Taylor looked calm and subdued as the presiding judge took more than two hours to read out the charges, evidence and final ruling. The litany of gruesome crimes covered rapes and enslavement, beheadings and disembowellings, amputations and other mutilations carried out by child soldiers notorious for being high on drugs and dressed in fright wigs. "A civilian was killed in full public view and then his body was disembowelled and his intestines stretched across the road to make a checkpoint. Women and children were raped in public, people were burned alive in their homes," the judge said. "The purpose of these atrocities was to instill terror in the civilian population." And in return for providing arms and ammunition for the conflict, the judge recounted how Taylor had received "blood diamonds", as the stones from Sierra Leone's conflict zones were known, including a 45-carat diamond and two 25-carat diamonds. The trial attracted international attention, not just because of Taylor himself but because supermodel Naomi Campbell was called as a witness by the prosecution in an attempt to show that Taylor was knowingly trading weapons for diamonds. The prosecution said Taylor had sent uncut diamonds to Campbell's hotel room after a dinner given by Nelson Mandela, attended by both her and Taylor. She told the court she had no idea who had sent her the diamonds, which she called "dirty little pebbles". POWERFUL MESSAGE Human rights groups and victims welcomed the court's decision, with some saying it would serve as a strong warning to other leaders responsible for atrocities in conflict zones. "Taylor's conviction sends a powerful message that even those in the highest-level positions can be held to account for grave crimes," Elise Keppler, senior counsel for Human Rights Watch, said in a statement. "Not since Nuremberg has an international or hybrid war crimes court issued a judgment against a current or former head of state. This is a victory for Sierra Leonean victims, and all those seeking justice when the worst abuses are committed." A sentencing hearing is scheduled for May 16, with a decision expected later that month. Court sources said the judges had earlier been in disagreement over the verdict and were not speaking to each other at the end. Carsten Stahn, professor of international criminal law at the University of Leiden, said the decision to convict unanimously was a surprise. "There have been rumours of conflicts between the judges in the trial chamber, which is partly why it's taken so long to reach a verdict," he said. El Hadji Malick Sow, who as alternate judge sat through the six years of the trial but was excluded from deliberations, sought to express a dissenting opinion at the end. "The guilt of the accused from the evidence provided in this trial is not proved beyond reasonable doubt," he said, remaining in the chamber after his colleagues had left and his microphone had been switched off. Victims were in no doubt about the conviction. "I'm so happy that justice has been done," said Alhaji Jusu Jarka, 46, who had both hands amputated during an attack on Freetown on Jan. 6, 1999. Standing outside the special court in Freetown, he told Reuters he hoped Taylor would get "100 or more years" when sentenced. Taylor has denied the charges, insisting he tried to bring peace to the region and arguing his trial was a politically motivated conspiracy by Western nations. But the judge said that "the accused was publicly promoting peace, while privately providing arms to the RUF," adding that "There was a constant flow ... of diamonds from Sierra Leone to the accused, often in exchange for arms and ammunition." Liberian Senator Sando Johnson, a family spokesman, said: "We will not give up in this fight and we will not give up this struggle. We are going to stand by Mr Taylor until death do us part." At the start of the hearing, Taylor seemed relaxed, waving at some people sitting in the public gallery, and separated from the windowless trial chamber by a thick pain of glass. Later, as the presiding judge's reading of the judgment appeared to swing against Taylor, the former president clasped his hands more tensely in front of him. Taylor, a former Baptist who converted to the Jewish faith, is one of just a handful of former leaders who have appeared before the international courts. The International Criminal Court, also in The Hague, is pursuing several investigations with mixed success. Last year it arrested former Ivory Coast president Laurent Gbagbo, who is charged with individual responsibility on counts of crimes against humanity -- murder, rape and other forms of sexual violence, persecution, and other inhuman acts. It issued an arrest warrant for Saif al-Islam Gaddafi, son of the country's late leader, but is caught in a battle with the Libyan authorities over where Saif, who was captured last year but remains in Libyan hands, should be tried. Former Yugoslav president Slobodan Milosevic died in The Hague in 2006 before the war crimes tribunal for former Yugoslavia could reach its verdict. The Taylor case was closely watched for its security implications, with a U.S. diplomat warning in the WikiLeaks cables that if Taylor was acquitted or given a light sentence, his return to Liberia could threaten "a fragile peace". Taylor's trial was moved to The Hague in June 2006 due to fears that a trial in Sierra Leone's capital Freetown could kindle unrest in Sierra Leone or Liberia. On Thursday, the U.S. State Department welcomed the verdict. "Today's judgment was an important step toward delivering justice and accountability for victims, restoring peace and stability in the country and the region, and completing the Special Court for Sierra Leone's mandate to prosecute those persons who bear the greatest responsibility for the atrocities committed in Sierra Leone," it said in statement.

Cluster bombs found in Sri Lanka, UN expert says

Unexploded cluster munitions have been found for the first time in Sri Lanka, a UN expert on land mines has claimed. In an email, Allan Poston said that small bombs from the weapons were discovered in the north of the country, near to where a child was killed in an explosion last month. The government has denied that it ever used cluster bombs during the civil war with Tamil Tiger rebels. They are banned under an international treaty that took effect in August 2010. The treaty has been signed by more than 60 countries, but not Sri Lanka, China, Russia, India, Pakistan and the US - who all argue that the bombs are a legitimate weapon of war when used properly. The UN says that tens of thousands of civilians may have been killed in the last few months of the Sri Lankan war in 2009. Cluster weapons scatter small bomblets indiscriminately. Those that do not explode often maim or kill civilians, in some cases years later. The AP news agency on Thursday said that it had obtained a copy of an email written by Mr Poston. Mr Poston is the technical adviser for the UN Development Programme's mine action group in Sri Lanka. It said that the unexploded cluster bomblets were discovered in the Puthukudiyiruppu area of northern Sri Lanka. It is the same area where a boy was killed in March as he and his sister tried to pry apart a device which they hoped to sell for scrap metal. "After reviewing additional photographs from the investigation teams, I have determined that there are cluster sub-munitions in the area where the children were collecting scrap metal and in the house where the accident occurred," the email said. "This is the first time that there has been confirmed unexploded sub-munitions found in Sri Lanka." Sri Lankan military spokesman Brig Ruwan Wanigasuriya said the armed forces had "not used any bombs that fall into the category of cluster munitions". Asked whether Tamil Tiger rebels might have done, he said there had been such allegations but he could not substantiate them. He said that the military has now asked the UN for any evidence they have to support the claims. According to Colombo reports there have been several allegations from civilians since the war ended - testifying before a war panel and elsewhere - that the government used cluster bombs.

Tuesday 24 April 2012

සහෝදර ජනයාගේ දේවස්ථානයක් කඩන විට සාදුකාර දුන් මිනිස්සු

ආගම අබිං බඳු බව වරක් කාල් මාක්ස් පැවසීය. නමුත් පශ්චාත් යුධ ලංකාවේ අපට නම් ආගම කසිප්පු බවට පත් වී ඇත. අබිං ගත් පුද්ගලයා හුදකලා චෛතිසිකයක හිඳිමින් අබිං මිහිරියාව විඳිනවා මිස ගෙවල් කඩන්නට, එකිනෙකා සමග කලහයන් ඇති කරගන්නට උත්සාහ ගන්නේ නැත. නමුත් යමෙක් කසිප්පු පානය කළ විට ඔහු එන්නේ වලියටමය. කවුරුවත් කලහයට එන්නේ නැත්නම් බිරිඳ සමග හෝ කලහයක් ඇති කර ගැනීම කසිප්පුකාරයාගේ සිරිතය. ඉතින් ආගමික කසිප්පු බී වෙරී වී සිටින ලාංකිකයා අද කලහ කරන්නට සතුරන් සොයමින් සිටියි. මේ කසිප්පුකාරයන් හිතන ආකාරයට තමන් අදහන්නේ ලෝකයේ සත්‍යම සත්‍ය ආගමයි. එබැවින් ලොව අනිකුත් මිනිසුන්ට වඩා මොවුන් සුවිශේෂීය. තමන් මනුෂ්‍යන්ට වඩා දේවත්වයට ලංවූ සුවිශේෂී සත්ත්ව කොටසක් බවට මේ කසිප්පුකාරයෝ සිතති. ඉතින් මේ තමන්ගේ සත්‍යම සත්‍ය ආගමට වඩා පහත් ආගම් සියල්ල සෝදා දැමීමට මෙම කසිප්පුකාරයන් කලහ කරගනිමින් සිටිති. පසුගිය දා දඹුල්ලේ ආගමික සිද්ධස්ථාන කිහිපයක් ඉවත් කිරීමට කලහ කරගත්තේ ආගමික කසිප්පු වලින් ඉහ මොළ අවුල් කරගත් මෙබඳු පිරිසකි. මේ කසිප්පුකාරයන් දඹුල්ලේ පිහිටා තිබුණු මුස්ලිම් පල්ලියකට අප්‍රසිද්ධියේ බෝම්බ ගැසූවේය. තවත් විටෙක සාදු කාර නගමින් ප්‍රසිද්ධියේම පල්ලියට හානි කළේය. ‛උඹලගෙ දෙවියො අරන් ගියෙ නැත්නම් උඹලගෙ ගෙවල් අයින් කරන බවට’ හින්දු භක්තික කාන්තාවකට ප්‍රසිද්ධියේ තර්ජනය කරන්නට තරම් විටෙක මේ කසිප්පුකාරයෝ නිර්භීත විය. ආගමික බිස්නස් විශේෂයෙන්ම තෘෂ්ණාව ප්‍රධාන සතුරා කර ගත් ආගමට දේපළක් අවශ්‍ය නැත. දේපළ අවශ්‍ය වන්නේ තෘෂ්ණාව ප්‍රධාන මිතුරා කරගත් ව්‍යාපාරික කටයුත්තකටය. යමෙක් ආගම වෙනුවට දේපළකට පෙම් බඳියි නම් ඒ තැනැත්තා ආගමික නායකයෙක් නොව ව්‍යාපාරිකයෙක් ලෙස සිතුවාට කමක් නැත. ඉතින් පසුගිය දා සාදුකාර මැද දඹුල්ලේ රඟදැක්වූයේ එවන් ව්‍යාපාරික නාඩගමකි. ඉස්ලාම් භක්තිකයන්, හින්දු භක්තියන් පන්නා ඉඩම් අත්පත් කරගැනීම බෞද්ධාගමේ උන්නතියට හේතු වනවා යැයි යමෙක් සිතන්නේ නම් එය මුලාවකි. මන්ද අවසානයේ අත්පත් කරගන්නා මේ ඉඩම් වල හැදෙන පොල් හෝ වෙනත් භෝගයක ආදායමට ඇත්තේ ආගමික වටිනාකමක් නොව ආර්ථික වටිනාකමක් බැවිනි. එබැවින් මෙම සිදුවීම බෞද්ධාගමේ උන්නතියට හෝ දිනූ නිදහස රැක ගැනීම සඳහා සිදු වූවක් නොව තවත් අමතර ආදායමක් උපයා ගැනීම සඳහා සිදු කළ උසි ගැන්වීමක් ලෙස තේරුම්ගත්තාට වැරැද්දක් නැත. ආගමේ නාමයෙන් සිදුවන ව්‍යාපාර ලංකාව වැනි පහත් ධනවාදය ක්‍රියාත්මක වන රටකට සාමාන්‍ය තත්ත්වයකි. නමුත් වරද ඇත්තේ මෙබඳු ව්‍යාපාරයක් නිසා තවත් මිනිසුන් කොට්ඨාසයක් සමාජයෙන් පිටස්තරයන් බවට පත් කිරීමය. දඹුල්ලේ පැවති මෙම ව්‍යාපාරික නාඩගමේ මිලේඡත්වය අපට හමුවන්නේ සිය ව්‍යාපාරික කටයුතු සඳහා තවත් ප්‍රජාවත් බලවත් ලෙස අපහසුතාවයට පත් කිරීම තුළය. බඩට වඩා ඔළුව හිස් වීම අප දැන් කතා කරන්නේ තමන්ගේ රටේ සහෝදර ජනතාවකගේ ආගමික සිද්ධස්ථානයකට පහර දෙන විට සාදු කාර දුන් ජනතාව ගැනය. මෙම සාදුකාර ජනතාව පෙලන ප්‍රධාන අර්බුදය වූ කලි නිමා නොවන ආර්ථික දුබලතාවයයි. මේ ආර්ථික දුබලතාවයත්, එමගින් හටගත් අතෘප්තියත් නිසා මේ ජනතාවගේ ආත්මය හිස්ය. ජාතිමාමක ව්‍යාපාරික රැල විසින් ජනතාවගේ මෙම හිස්කම ආගමික කසිප්පුවලින් පුරවමින් සිටියි. තවත් මිනිසෙකුගේ විශ්වාසයන් ගිනිතියන්නටත්, ඒවා ගිනිගන්නා විට හූ කියමින් සාදු කාර දෙන්නටත් තරමට මේ කසිප්පු මතින් අධිකය. ඉතින් ජනතාව පෙලෙන මේ හිස්කමත් එයින් අයුතු ප්‍රයෝජන ගන්නා ව්‍යාපාරිකයනුත් සමස්ත සමාජයම අශිෂ්ටත්වයට දක්කමින් සිටියි. අවසානයේ දිනූ නිදහස රැක ගන්නට කියා තව තවත් සමාජයේ නිදහස සීමා කරමින් සිටියි. රටේ අනාගතයේ උන්නතිය වෙනුවෙන් යැයි කියා තව තවත් රටේ අනාගතය ප්‍රපාතයට තල්ලු කරමින් සිටියි. කටුපොත විසිනි - විකල්ප

Monday 23 April 2012

නිර්වාණය



The Two Wolves Inside Us All



ඉනියවන්හි හඳගමයානු අඩිශබ්දය කියවීම හෙවත් නොඉඳුල් ම වැලිතලයක පසු ධනවාදයේ රජ දැක්ම




ප්‍රවේශය
ශ්‍රී ලාංකික සිංහල සිනමාවේ තෙවැනි කැරැල්ලේ පුරෝගාමියා ලෙස ලෙස්‌ටෝරියානු අභිධානය ලද චිත්‍රපට අධ්‍යක්‍ෂ අශෝක හඳගම සිය සත්වැනි චිත්‍රපටය බිහිකොට ඇත. එය "ඉනියවන්"  නම් වන දමිළ භාෂීය චිත්‍රපටය යි. මෙම අභිනව සිනමා කෘතියේ විශේෂිත දර්ශනයක්‌ 2012.04.03 දා කොළඹ තරංගනී පරිශ්‍රයේ දී දියත් කෙරිණ. මෙම රචනාව සම්පාදනයේ ප්‍රථම තීරණය ට එම රැයේ ම එළැඹිය ද, ඊට ගාමක බලය ලදුයේ තවත් කරුණු 3 ක්‌ නිසා ය. පළමුවැන්න නම් "ලෙස්‌ටර්ට ලැබුණු හොඳම තෑග්ග" ලෙස 2012.04.05 දා නිරෝධ විසින් "දිවයින" "වටමඬල" ට ලියූ චින්තාවලී සටහන යි. විකල්ප පුවත්පතක කර්තෘ වාක්‍යයක්‌ තරම් අධිකාරී ස්‌වරයක්‌, නිරවද්‍ය දැක්‌මක්‌ හා බසක්‌ මෙන්ම කරුණු අතින් සුපෝෂිත බවක්‌ පළ කළ එම ලියෑවිල්ල මා ලද යහපත් උත්තේජනය කි. එසේම එහි ප්‍රතිපක්‍ෂය දැනවූ රචනාවක්‌ 2012.04.08 දා එක්‌තරා සති අන්ත පුවත් පතක ට ලියනු ලැබ තිබිණ. එහි ඇතැම් අදහස්‌ පදනම් විරහිත බව පෙනී යයි. එයින් ජනිත විය හැකි අදහස සිනමානුරූපී චිත්‍රපට විචාරයක්‌ සේ පිළිගතහොත් මේ අගනා කලා කෘතිය ට අගතියක්‌ සිදුවේය යන හැඟීම දෙවැනි පෙළැඹවීම යි. එසේම තෙවැන්න ඉනියවන් නැරඹූ කුළුඳුල් ප්‍රේක්‍ෂකාගාරයේ ඇතැමුන් දැරූ අදහසකි. එනම් "මෙවර නම් හඳගමයානු අඩිසද්දේ හොඳින්ම ඇසෙන නමුත් කුමක්‌දො දෘෂ්ටිමය අවුලක්‌ තැවරී ඇත" යන ප්‍රවාදය යි. එය විමසා බැලීම ද මේ ලිපිය ට ප්‍රවේශය සකසා දුනි.

හැඳින්වීම සහ උපන්‍යාස

වේදිකා නාට්‍යය සහ ටෙලිනාට්‍යය යන මාධ්‍ය දෙකෙහිම සිය අනන්‍යතා සහිතව නිර්මාණකරණයෙහි යෙදෙන අශෝක හඳගම ලාංකික දෘශ්‍යාලංකාරයෙහි මුද්‍රාවක්‌ බවට පත් වන්නේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙස ය. සඳ දඩයම (1997), චන්දකින්නරී (1998), මේ මගේ සඳයි (2000), තනි තටුවෙන් පියාඹන්න (2003), අක්‍ෂරය (2006), විදූ (2010) යන සිනමා කෘතිවලට පසු දමිළ භාෂීය ඉනියවන් (2012) ප්‍රේක්‍ෂකාගාරය හමුවේ තබා ඇත. මෙම නිර්මාණාවලියෙහි අනුභූති පාර්ශ්වයෙන් ලාංකික ජාතික ප්‍රශ්නය යන නාමකරණය ලද උතුරු නැගෙනහිර ජනවාර්ගික යුද්ධය තේමා කොට ගන්නේ "මේ මගේ සඳයි" මගිනි. ජනඝාතක යුද්ධය සහ ඊට මුවා වී ඇති රුදුරු දේශපාලන පාශය ලෝක මට්‌ටමින් සිනමාවට ගෝචර වී ඇත්තේ බොහෝ දුරාතීතයේ සිට ය. මයිකල් කර්ටිෂ් Casaඉක්‌බජ් බිහි කරන්නේ 1942 දීය. එතැන් සිට කොතෙක්‌ නම් නිදර්ශන අප සතු ද? එම විශිෂ්ට නිර්මාණ යුද්ධය සමග තැළී පොඩි වූ මනුෂ්‍යත්වය සහ දේශපාලනයට උකස්‌ කළ මානව සබඳතා හි ස්‌වරූපය ගවේෂණය කරයි. ශ්‍රී ලංකාවේ දී මෙම යුද සහානුභූතික සිනමා කෘති ආවලිය කොටස්‌ දෙකකට බෙදෙයි. එනම් 2009 මැයි 18 වැනිදා නන්දිකඩාල් නිමේෂයට පූර්ව සහ පශ්චාත් වශයෙනි. කොටි වලිගය (1986), නොමියෙන මිනිසුන් (1994), සරෝජා (2000), මේ මගේ සඳයි (2000), පුරහඳ කළුවර (2001) ඉරමැදියම (2003), සුළඟ එනු පිණිස (2005), ප්‍රභාකරන් (2008) යන චිත්‍රපට පූර්ව නන්දිකඩාල් ප්‍රවර්ගයට අයත් වේ. එසේම අලිමංකඩ (2009), ස්‌තුතියි නැවත එන්න (2010), ඉරහඳ යට (2010), සෙල්වම් (2011), ගාමනී (2011), මාතා (2012), ඉනියවන් (2012), ඉගිල්ලෙන මාළුවෝ (2012) යන නිර්මාණ පශ්චාත් නන්දිකඩාල් චිත්‍රපට ගණයට වර්ග කළ හැකිය. මේ කෘති සියල්ල යුද්ධයේ සැබෑ තුවාලවල වේදනාව නිර්ව්‍යාජ ලෙස රූපණය කිරීමට සමත් නොවූ බව අපි දනිමු.

අශෝක හඳගම සාමාන්‍යයෙන් චිත්‍රපටයක්‌ ජනගතකළ පසු සංවිධාන දෙවර්ගයක්‌ බිහි වීම දැන් සාමාන්‍ය දෙයකි. එනම් හඳගම රැක ගැනීමේ සහ හඳගම වැනසීමේ සංවිධාන ද්විත්වය යි. විය යුත්තේ කෘතිය රැක ගැනීම හෝ එම කලා නිර්මාණය වෙනුවෙන් පෙනී සිටීම ය. ඉනියවන් යනු නිරෝධ කීවා සේ ම රැකගත යුතු චිත්‍රපටය කි. අසීමිත මහජන ප්‍රදර්ශනය අත්විඳිය යුතු චිත්‍රපටය කි. ප්‍රධාන පෙළේ ප්‍රදර්ශන මණ්‌ඩලයක, සිංහල හෝ දෙමළ චිත්‍රපට ශාලාවල මේ ජනවර්ග දෙකම රොද බැඳ නැරඹිය යුතු චිත්‍රපටය කි. මක්‌නිසාද මෙවර ද හඳගම සිය සුපුරුදු යෝධ කැඩපත අප දෙපිරිසම ඉදිරියේ ලම්භකව තබා ඇති බැවිනි. ඇඳුමට යටින්, සමට යටින්, ධවල වර්ණ දේශපාලනයට යටින් ඇති රුදුරු බව, නොමිනිස්‌ බව, සියලුදෙනා යළිදු රවටා ඇති බව, ජාතික ප්‍රශ්නයට "වඩා දෙයක්‌" නොයිඳුල් තල්අරඹ තුළ පිළිකුල් මු
ද්‍රා
වක්‌ සටහන් කරමින් තිස්‌ වසරකින් හෝ ජයගත නොහැකි මිලිටරිය අසමත් කරවන සංග්‍රාමයක්‌ අරඹා ඇති බව ප්‍රතිබිම්බය ලෙස සටහන්ව ඇති බැවිනි.චිත්‍රපට කතා සාරාංශය

2009 මැයි 18 දා අවසන් සටනින් පසු පරාජිත විමුක්‌ති කොටි සංවිධානයේ හිටපු සාමාජික තරුණයෙක්‌ රජයේ පුනරුත්ථාපන වැඩසටහනකට මුහුණ දී අනතුරුව සිය ගමට පැමිණීමෙන් චිත්‍රපටය ඇරැඹේ. සිය මව ඇතුළු සමස්‌ත ගම ම විමතියට පත් වේ. ඔහු නොමැරී බොහෝදෙනා මියයැම ගමට ගෙන දෙන්නේ ක්‍ෂිතිමය අදහසකි. සංවිධානයට බැඳුණු පුතුන් මළ පියෙක්‌ ඔහුට දිනපතා සාපකරයි. තරුණයාගේ පැරැණි පෙම්වතිය විවාහ වී එක්‌දරු මවක වී ඇත. ඇගේ සැමියා මධුසමය දා ම මියයයි. තරුණයා දරුවාද සමඟ ඇය සිය නිවසට කැන්දන් එයි. ජීවත්වීම ඇරැඹීමට රියෑදුරු බලපත්‍රය ගැනීම සඳහා රුපියල් 20,000 ක්‌ වෙළෙන්දොa ඉල්ලති. අම්මා දුන් පැරැණි රන් මාලය උකසට තැබීම ට යන ඔහු උකස්‌ හිමියකු හඳුනාගෙන එහිම ආරක්‍ෂක නිලධාරී රැකියාව ද ලබයි. එහෙත් ඉක්‌මනින්ම ඔහු වටහා ගන්නේ රන්බඩු කඩයට මුවා වී මුදලාලි මහා මත්කුඩු ජාවාරමක්‌ කරන බවයි. කලින් සිටි ආරක්‍ෂක නිලධාරියාගේ පවුල මේ තරුණයාගේ පැමිණීමෙන් අවුලට පත්වේ. එම පවුලේ බිරිඳ මේ තරුණයා පසුපස එයි. මත්කුඩු ඇතුළු නව ව්‍යාපාර යාපනය වසා පැතිරීම ඇරැඹී ඇත. "හිටපු කොටි" ද මේ ජාවාරම්වල පැටලී සිටිති. පණ ගසන යාපනය කොන්දේසි විරහිතව රුදුරු ධනේශ්වරයට විවෘත වී ඇත. තරුණයා වළලා තිබූ ගිනි අවිය සොයා යන්නේ සියල්ල අවසන් කිරීමට ය. මුදලාලි ඇතුළු මැරයෝ ඔහුව හඹා එති. ආරක්‍ෂක නිලධාරියාගේ (හිටපු) බිරිඳ හපයක්‌ ලෙස මැරයන්ගේ වෑන් රථයෙන් පාරට විසි වේ. යතුරුපැදියකින් උන් පසුපස පන්නා ගියද තරුණයා මග දමා මැරයෝ පලා යති. වැරහැලි වී පොඩි වී ඇති ගැහැනිය වත්තම් කරගන්නා තරුණයා යළිදු සිය ජීවිත ගමන අරඹයි. දැවැන්ත ගුවනට යොමුවන අවසාන ශුන්‍ය රූපය කියා සිටින්නේ කිසිවක්‌ අවසන් නැති බවයි. සාමය යනු යුද්ධය තරම් ම ව්‍යසනයක්‌ බව ද නැගී එන රුදුරු වෙළෙ
දාම පශ්චාත් යුද යාපනය යළිදු මුදා නොගත් ප්‍රදේශයක්‌ කර ඇති බව ද හෙළි කරමින් චිත්‍රපටය නිම වේ.උතුරු - නැගෙනහිර "ඡේ. ආර්. ගෙන් පසු ලංකාව වීම" හෙවත් ඉනියවන් කියවීම

ඉනියවන් යනු සාකල්‍යයෙන් ම හඳගමයානු චිත්‍රපටය කි. එහිදී දෘෂ්ටිවාදී කියෑවීම සහ සිනමාත්මක කියවීම යන ලෙසින් ශානරික කියවීමක්‌ භාවිත කිරීම අසීරුය. මේ සියල්ල සම්මිශ්‍රණය වී "දෘෂ්ටිමය රූපයක්‌" සාදන හඳගමයානු සිනමාව ඉල්ලා සිටින්නේ සමස්‌තාර්ථ කියවීමකි. තමා පිළිගත් චිත්‍රපට විධිය සහ කලා මාධ්‍යයක්‌ ලෙස එහි ස්‌වභාවය පිළිබඳ විතණ්‌ඩ මතය ක පය ගැසූ අශෝක හඳගම විදූ (2010) සමග තමාට මගහැරුණු ප්‍රේක්‍ෂකාගාරය ද යළි කැඳවීමේ ප්‍රයත්නයක නිරත විය. එහිදී හඳගමයානු සිනමාව ප්‍රතිපත්ති වෙනස්‌ කර ගත් බවට චෝදනා ද ඇසුණි. "කෝ තමුසෙගෙ අඩි සද්දේ"  යනුවෙන් හඳගමගේ ම දේශපාලනික දෙබස්‌වලින් විචාරකයන් වැඩ ගත්තේ ඔහුට රිදවීමට නොවේ. එහෙත් මෙවර පරිසමාප්ත ලෙස එකී පියවර නාදය අනුනාද වේ. එතැනදී අප වටහා ගත යුතු අනුයාත වූ තවත් කරුණු රැසකි. අක්‍ෂරය සිනමා කෘතිය සාමාන්‍ය ලෙස ජනගත නොවූ බව අපි දනිමු. තහනම් නියෝග, අමිහිරි සංවාද තර්ජන, නඩුහබ බහුල සිනමා දිවියක්‌ ගෙවූ හඳගම විදූ සමඟ වඩා පුළුල් ප්‍රේක්‍ෂකාගාරයක්‌ සොයා ගත්තේය. අනෙක්‌ අතට මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රකාශන නිදහස, කලා කෘතියක කොන්දේසි පවත්වා ගැනීමේ නිදහස, සමාජ ව්‍යාපාරයක්‌ නඩත්තු කිරීමේ නිදහස මරණයෙන් හෝ අතුරුදන් කරවීමකින් කෙළවර වීම රහසක්‌ද? නැත. ධවල භීෂණය යළිඳු කරළියේ බව අපි සියලුදෙනා දනිමු. සිය ප්‍රතිපත්ති නොව උපක්‍රම වෙනස්‌ කරගෙන සිනමාවේ නිරත හඳගමයානු සිනමාවේ ස්‌වරූපය හඳුනාගත යුතුය. වඩා වැදගත් වන්නේ සිනමාවෙන් පලා නොගොස්‌, පීඩිත හා තර්ජිත භූමියේ ම ඔහු තවදුරටත් චිත්‍රපටකරණයේ නියුතු වීම ය. එමගින් ඔහු සමාන වන්නේ ජµdර් පනාහි නම් ඔහුගේම ධීර මිතුරාට නොවේද? ප්‍රාග්ධනයෙන් මතු නොව ජීවිතයෙන් ද පාරජාතික වී ආරක්‍ෂාකාරී, සුඛර සිනමා දිවියකට මාරු නොවී, අර්බුදය පවතින ගොදුරු බිම අත නොහැර - සටන් බිම තුළම සිය අඩි ශබ්දය පවත්වා ගැනීම අතිශය වැදගත් ය.

ඉනියවන් තුළද ජීවත් වන පාත්‍රයන්ට ඔහුගේ පූර්ව චිත්‍රපටවල මෙන්ම සංඥ නාම නැත. ඔවුහු නම් නැතිව ජීවත් වෙති. ලොව ඕනෑම ගමක, රටක ජීවත් වන වඩාත් පුළුල් චරිත එමගින් ඉඟි කෙරේ. නොමැරී ඉතිරි වූ "හිටපු කොටි" තරුණයාගේ ගමට පැමිණීම අපූර්ව ලෙස ඉදිරිපත් කර ඇත. ඔහු (දර්ශන් ධර්මරා-) බසයෙන් සිය ගම වෙත ගමන් කරන දර්ශනය දීර්ඝව දිග හැරේ. නාමාවලිය මතු නොව යුද්ධයෙන් නටබුන් වූ උතුර පසුබිමින් අනාවරණය වේ. බසයෙන් බැස ක්‍රම ක්‍රමයෙන් සිය සුපුරුදු දෙවැට දිගේ ගම් කොරටුවට පිවිසීම චන්න දේශප්‍රිය ඉවසීමෙන් කළ රූපාවලියකි. තල්කොළවලින් වට වූ ගෙවතු අතර වැටී ඇති වැලිපාර දිගේ ඔහු ඇවිද යැම අතිදීර්ඝ අනාවරණයක්‌ සේ ගැනීමෙන් මේ ආපසු ගමන කෙතරම් බර ද යන්න හෙළි වේ. නොනළුවන් වූ දමිළ ගම්වැසියන් කාලශ්‍රැති නොබිඳ - පළපුරුදු නළුවන් සේ රාමුව පෝෂණය කර ඇත. ඔහුගේ පැමිණීමෙන් විමතියට පත් අම්මා (මහේෂ්වරී රත්නම්) ඊළඟට කරන්නේ මියගියා යෑයි සිතූ පුතුගේ ඡායාරූපයට පැළදි මල් මාලය ඉවත් කිරීමයි. හමුදා සෙබළ නිවෙස්‌වල සුලබ දර්ශනයක්‌ වන මේ මල් මාලය දමිළ විමුක්‌ති කොටි සිටි ගෙවල ද තිබූ බව සිහි වන්නේ කම්පනයක්‌ ද සමගිනි.

"ඌ ජීවත් වෙනවා. මගේ කොල්ලො තුන්දෙනාම මරාගෙන ඌ ජීවත් වෙනවා. අපේ එවුන්ගේ වැළලිච්ච තැන්වත් සොයාගන්න නැහැ. තොගේ එකා යහතින් ඉන්නවා" මේ අසල්වැසි දමිළ පියාගේ වේදනාභරිත චෝදනාව අමතක වූ ජීවන පදාසයක්‌ අපට සිහි කර දෙයි. සියුම් කලාකරුවා සිය කෘතියට අනුභූති ලබන්නේ යුද්ධයේ බෝම්බ හඬින් පමණක්‌ නොවේ. වෙඩි තැබීම යනු යුද්ධය යෑයි සිතූ "මාතා" වැනි කෘතිවලට හඳගමගේ මේ විපුල පරිකල්පනය ආදර්ශයක්‌ බඳුය.

ඉනියවන් චිත්‍රපටය අතීතාවර්ජන බහුල විය හැකි කතා මූලයක්‌ වුවද එම සුලබ ක්‍රමය අධ්‍යක්‍ෂවරයා නිතර භාවිත නොකරයි. තරුණයාගේ පූර්ව ප්‍රේම සම්බන්ධය අනාවරණයට එක්‌ අතීතාවර්ජනයක්‌ යොදා ගැනෙයි.

"කෑලි කපලා කලපුවෙ දැම්මත් අඩු කුලේ බල්ලෙකුට ඕකි දෙන්නෙ නැහැ"  තාත්තා එදා කියා තිබුණේ එසේ ය. පොන්මණී චිත්‍රපටයේ ද ප්‍රධාන තේමාව මෙය නොවේද? කෑලි කපලා කොහිල කොටුවෙ දැම්මත් බොනී මහත්තයාට දුව නොදුන් සිංහල පියා සිටියේ පරසතුමල්වලය. ඊට අමතරව විමුක්‌ති කොටි සංවිධානයක්‌ බිහි වීමට කුල පීඩනය නම් සාධකයක්‌ද බලපෑ බව හඳගම අඟවා සිටියි. සරුංගලේ නඩරාජා ද සිය නැගණියගේ ප්‍රේමයට හරස්‌ විය. දෙමළ - ක්‍රිස්‌තියානි සහ දෙමළ - හින්දු ප්‍රශ්න ද යුද්ධයට බීජ සැපයූ බව අපට සිහි වේ.

රැකියාවක්‌ සොයා ගෙන නගරයේ ඇවිද යන තරුණයා තමා හඹා එන හිටපු කොටි කාඩර්වරයා හඳුනා ගනියි. ඔහුගේ විලාසිතාගාර ඇඳුම් හා වෙළෙඳ සංඥවක්‌ වී ඇති නව දිවිය උත්ප්‍රාසයක්‌ බඳුය. "රස්‌සාවක්‌ හොයනවාද?"

"ඔව්."

"බොරු වැඩක්‌"

"ටිකක්‌ නිදහසේ කතා කරමුද?"

"බොරු වැඩක්‌"

මේ නම් හඳගමයානු සිනමාවය. ඔහුට අනන්‍ය දෙබස්‌ ය. උත්ප්‍රාසී සංවාද විසින් ඔවුන්ගේ ස්‌ථාවරවල වෙනස ගම්‍ය කරනු ලබයි. සාම උදාවෙන් පසු මෙතෙක්‌ සීමා වී තිබූ විනෝදයක්‌ වන "යාපනේ යාම" සිංහලයන් අතර සුලබ විය. "රියෝ අයිස්‌ ක්‍රීම් කඩය හෝ හොඳ තල් සූකිරි ටිකක්‌ සොයා ගැනීම" වැනි යාපනයේ විනෝද ගමන් ගිය සිංහලයන්ගේ "දැවෙන ප්‍රශ්න" චිත්‍රපටකරුවා අමතක කර නැත. සිංහලයන් මේ ගොං ප්‍රශ්න අසන්නේ හිසගිනි ගෙන මළකඳන් උඩින් පැන ආ රැකියා විරහිත "හිටපු කොටින්ගෙන්" වීම කම්පනයක්‌ ගෙන දෙයි.

මේ කෘතියේ ද හඳගමගේ සුපුරුදු උපක්‍රමික සංවාද බහුලය. "ඇයි?" "නිකං" . පෙම්වත්තු කියති. මේ නම් කිසිවිටෙක නිකං නොවන බව අපි දනිමු. 

Absence තුළ ගැබ් කළ  Presence වනිත කිරීම හඳගමයානු සිනමාවේ බහුල උපක්‍රමයකි.

"තමුසෙ අහගෙන හිටියත් නැතත් මං කියනවා. අඩු වයසින් අම්මලා වුණු මං වගේ දහස්‌ ගණන් කෙල්ලන්ගේ කතාව" තරුණයාගේ පෙම්වතිය (සුභාෂිණී බාලසුබ්‍රමනියම්) නැඟූ එම දෙබස්‌ සිංහල හෝ දමිළ ජාතිය නියෝජනය නොකරයි. එය ශ්‍රී ලංකාවේ නූතන රාජ්‍ය ව්‍යqහයට අදාළ කටුක සත්‍යය පමණක්‌ දරා සිටියි. හඳගම හිට ගන්නේ විමුක්‌ති කොටි සමගද සිංහල රෙජීමය සමගද වැනි අපරිණත ගැටලු මතු කරන්නේ සිනමාව මතු නොවූ නුදුරු අතීතයේ යථාව හිතාමතා ම අමතක කළ අය නොවේද? පෙම්වතිය සිය කාලකණ්‌aණි විවාහය සිදුවූ අයුරු තරුණයාට විස්‌තර කරන අවස්‌ථාව අතීතාවර්ජනයක්‌ ද මිශ්‍ර කර අජිත් රාමනායක කළ අපූර්ව සංස්‌කරණ අවස්‌ථාවකින්ද යුක්‌තය. මංගල රාත්‍රිය ගත වේ. ආකර්ෂණීය මනාලිය කඳුළින් සිය උරුමය විඳගන්නා අතරේ සිංහල ෂෙල් වෙඩි දෙමළ අහස ගිනි තියයි. අතීතය හා වර්තමානය යා කර සංස්‌කරණය දිග හැරේ. ෂෙල් පුපුරා යන රතු වන් අහස යට මංගල සාරිය සුළඟේ පා කරමින් තරුණිය දිව යයි. චිත්‍රපටය තුළ යාපනයේ යථාර්ථය සොයන ඇතැම් විචාරකයන්ට මේ අවස්‌ථාව ග්‍රහණය වේද? මහා මන්දිරය දිගේ සාරිය විසුරවමින් දේව්දාස්‌ සොයා පාරෝ දිව ගියා අපට සිහිවෙයි. අසෝක අධිරාජයාගේ අවසන් සටනේ මළකඳන් උඩින් විකල් හිසින් දිව ගිය අම්බපාලි සිහි වෙයි. මේ නම් සිනමාවය. එය මවන යථාර්ථය දෘශ්‍යාලංකාරයට අදාළ වියරණයක්‌ තුළ විකසිත වෙයි. "මාතා" තුළ වූ එකම සිනමාත්මක රූපය යෑයි කිව යුතු නොගැඹුරු මුහුදු දිය විමුක්‌තිකාමීන්ගේ රුධිරයෙන් රක්‌ත වර්ණ වූ දර්ශනය තුළ නන්දා - පියල් - බලදාස වැනි යථාර්ථයන් ප්‍රශ්න කිරීම සිනමානුරූපී නැත.

රාත්‍රියේ දිවයන තරුණියගේ වේගය දිවා කාලයේ කොටු පවුර උඩ දිවයන තරුණියට යාවේ. දිවා කාලයේ ද හඬපටයේ ෂෙල් පුපුරයි. යළි අතීතය රාත්‍රියක්‌ පුරා දිව ආ තරුණිය පසු දා උදෑසන විවාහ මංගල්‍යයේ සුන් බුන් මැද, කපලා කලපුවේ නොදා රැකගත් හින්දු සංස්‌කෘතිය උඩ ඇද වැටෙයි. ජීවිතය යනු චාරිත්‍රවලට වඩා විශාල ප්‍රපංචයකි.

තරුණිය හා තරුණයා බසයේ ගමන් කරති. ඇය බැස යන්නට සූදානම් වී... "ඊට පස්‌සේ මට ළමයෙක්‌ හම්බ වුණා. උගෙ උප්පැනෙට මළගිය තාත්තගේ නම දාගන්න මං තාමත් නඩු කියනවා." මේ දෙබස්‌ බසයේ අනෙක්‌ අයට ඇසෙන්නට කීම යථාර්ථයක්‌ නැති බව සිනමාව නොදත් ඡායා මාත්‍ර විචාරකයන් මතු කිරීමට ඉඩ ඇත. ඇදී යන බසයට තරුණිය කෑ ගසා මෙසේ කියයි "කැමැති නම් ඇවිත් අපේ තාත්තාට කියලා මාව අරන් යනවා" මේ නම් නියම සිනමාව ය.
දේශපාලනික දෙබස්‌

රූපය හඳගමගේ ද භාෂාව වුව ද ඔහුට ම අනන්‍ය වූ සංවාද මගින් හඳගමයානු සිනමාවේ පදාසයක්‌ ඉනියවන් තුළ ද ආරක්‍ෂා කර ගනියි. මේ දෙබස්‌ බොහෝ දුරට ඔහුගේ දේශපාලන දෘෂ්ටිය මොළවාලයි.

"මං ජීවිතේ අල්ලා ගන්නේ කවුරුත් නොහිතන තැනකින්. මේ පළාතට එන්න තාම හිතලාවත් නැති බිස්‌නස්‌ එකකට මං අතගහනවා" සරුවපිත්තල උකස්‌ කඩයක්‌ කරන මුදලාලි (රාජා ගනේෂන්) මත්කුඩු ජාවාරම යාපනයට පුරෝගාමී ලෙස හඳුන්වා දීමට යයි. පාරිභෝගික ධනවාදයේ පිළිකුල් ගොදුරු හඹා යන කුරිරු පාසටහන් දැන් ඒ නොයිඳුල් වැල්ලේ සටහන් වනු ඇත. මෙතැනින් පසු හඳගමගේ කේන්ද්‍රීය චරිතය වන්නේ තරුණයා නොව මුදලාලි බව අපට පැහැදිලිය. "මේ කුඩු අත්හැරියේ නැත්නම් අපෙ රට කුඩේ කුඩු" ලෙසින් නිහාල් නෙල්සන් දකුණට ගැයුවේ දශක දෙකකට එපිට නොවේද? දකුණේ සාමවිනිසුරුවරුන් කුඩු ජාවාරම හරහා දේශමාන්‍ය වී ආචාර්ය වී කප් ගසා සිටිනතුරු තිස්‌ වසරක්‌ සංවෘත්ත ලෙස තිබූ ප්‍රදේශයක වැලි කැටයක්‌ පාසා සියවසරකින් හෝ ජය නොගත හැකි යුද්ධයක්‌ මුල් අල්ලන බවකීම හඳගමගේ ප්‍රයත්නය බව පෙනී යයි. මෙය මිනිස්‌ බෝම්බවලට වඩා රුදුරු ය. "මුදානොගත්" යනු ධනවාදය පිණිස මුදානොගත් බව දැන් සැමට තහවුරු වනු ඇත.

"මේ වගේ රස්‌සාවක පළවැනි විනය තමයි කිව්වදේ කරන එක. ප්‍රශ්න බැහැ. උඹ ප්‍රභාකරන්ගෙන් ප්‍රශ්න ඇහුවද?" මුදලාලි තරුණයාගෙන් අසයි. ක්‍රියාවක (aජඑ) සිsටින කාලයේ තරුණයාට පාරභෞතික ප්‍රශ්න නැත. අරගලය "ගරිල්ලා ශරීර" තුළ තිබෙන විට ප්‍රශ්න නැත. තරුණයා අරගලයෙන් මිදී පාරිභෝගික වීගෙන එන විට ප්‍රශ්නවලින් හිස පිරී යන අයුරු ඉතාම සියුම් නිරූපණයකි. JR ගෙන් පසු ලංකාවේ බඹසර රැකි කලාපයක්‌ ශීඝ්‍රයෙන් පසු ධනවාදී වණික්‌කාර සල්ලාල සමීකරණවලින් දූෂණය වන අයුර න්‍යාය ගත කළ යුත්තේ දීප්ති කුමාර ගුණරත්න ඇතුළු පෙරටුගාමී පක්‍ෂය මගිනි. නිව්ටන් ගුණසිංහගේ වියෝවෙන් පසු මේ විනෝද සමාජය ඇසුරින් ඥනයක්‌ නිෂ්පාදනය කළේ ඔවුන්ය.

රියෑදුරු බලපත්‍රය ගැනීමට රුපියල් 20,000 ක්‌ ගමේ කඩයේ මුදලාලිගෙන් තරුණයා ඉල්ලයි.

"කප්පම් ද? ඒ කාලෙ ගියා"ඒ කාලෙ ගියා නම් දැන් මේ කාලෙ යහපත් දැයි මේ දෙබස්‌ යටිතලයයි. දැන් උතුරේ එකතු කරන්නේ නිලලත් කප්පම් ය. තෙල් මිල, බඩු මිල, මත්කුඩු, ස්‌ත්‍රී දූෂණ, ගනුදෙනු බවට පත් වූ ජීවිත යනු කප්පම් නොවේද?

"අපි මෝඩයෝ තමයි. අපේ අතට තුවක්‌කු දීලා උඹලා පාස්‌පෝට්‌ හදා ගත්තා. අපේ උන්ගේ මළකඳන් උඩින් උඹලා රට පැන්නා. අපි මෝඩයෝ නොවෙයිද?" මේ විවේචනය කථානායක තරුණයාගෙනි. සත්‍යම දෙබස මීට වඩා බියකරු නොවේද? තුවක්‌කු සහ සයනයිඩ් ප්‍රදානය කළ අය රජයේ ඇමැතිවරු නොවේද? ඔවුහු හමීඩියා ඇඳුම් ඇඳ ධඉseඩැර ඵ්ට්‌zසබැ හි පිටකවරය සරසති. දිවසුන් බඳු ලියන් පිරිවරා රජයේ ප්‍රධානීන් සමග බාල් නටති. මේ නම් ඌරන් සහ මිනිසුන් එක ගොඩේ වැළඳ නැටූ ජෝරඡ් ඕවල්ගේ නිමේෂය නොවේද?

"අපේ ගෙදර මිනී කනත්තක්‌ කරන්න හිතාගෙන ඉන්න හැමෝටමයි කියන්නේ........... මං අලුතින් ජීවත් වෙන්න පටන් ගත්තා. දැනගනියව්. යකෝ ඉස්‌කෝලෙ යන එක නවත්තලා ඔ 56 ක්‌ අතට ගත්තේ තොපිට රටක්‌ හදන්න. ඒ යුද්දෙදි දාස්‌ ගාණක්‌ මැරුණා. මං ඉතුරු වුණ කරුමෙ මට නිදහසේ ගෙවන්න දීපියව්" තරුණයාගේ මෙම වදන් අප ත්‍රස්‌ත නොකරයිද? ඔහු ක්‍ෂතියක දිවි ගෙවයි. මේ චරිතවල සමාජීය මූලයන්ට ජාතිවාදී ප්‍රවේශයකින් තොරව පිවිසෙන හඳගම මනුෂ්‍යත්වය පාර්ශ්වයේ පුරුදු ලෙසම හිට ගනියි. "එදා කළේ සෙල්ලමක්‌. අද ඇත්ත ගේම් එක" උකස්‌ මුදලාලි තරුණයාට කියයි. යුද්ධයට වඩා ජීවිතය අසීරුය. වෙඩි තියන එකට වඩා හේන් කෙටීම අමාරු බව "මේ මගේ සඳයි" හි කියූ විට ලංකාව පරල වූ බව මට සිහි වේ. අද රණවිරුවන් බාස්‌ උන්නැහේලා වී පෙදරේරු මෙහෙයුම්වල ය. තිස්‌ වසරකට පසු කිසි කෙනකුගේ ගැටලු විසඳී නැත. නුවරකලාවියේ තරුණයන් වෙත පැවරී තිබූ එළවළු විකිණීම දැන් නැවත උදාවී ඇත. ඊට අමතරව සිය නැගණිය ගණිකා නිවාසය තුළ අයියාටම හමුවේ. ඇත්ත ගේම් එක හඳගමගේ කැඩපත මත රඟ දෙයි. මේ චිත්‍රපටය තුළ රජයේ පුනරුත්ථාපන මතවාදය ධනාත්මකව ප්‍රචාරය කරන බව සඳහන් කරන්නන් තුළ සාමාන්‍ය කලාකෘතියක සරල වනිය පවා ග්‍රහණය කිරීමේ නුවණ නැත. ඉනියවන් බඳු කෘතියක දවටා ඇති බරපතළ විවේචනය මගහැරුණහොත් සිදුවන අගතිය සුළුපටු නැත.

පශ්චාත් යුද යථාර්ථවත් යාපනය තුළ හමුදා සෙබළු නැතිවීම වැනි ප්‍රශ්න කෙතරම් ප්‍රවේශමෙන් ඇසිය යුතු ද? විවිධ කලාකරුවන් යුද්ධය සිනමාව තුළ ලියූ අයුරු සමාන නැත. ප්‍රසන්න විතානගේ හෝ විමුක්‌ති ජයසුන්දර අනුදත් ක්‍රමය මෙය නොවේ. "ඔබට සෙවණ - පුතුට නිවන" බස්‌ හෝල්ට්‌ එක අවශ්‍යම නැත.

"අවුරුදු 20 ක්‌ 30 ක්‌ යුද්දෙන්ම තැළුණු පොඩිවුණු නගරයක්‌ තුවාල හොඳ කරගෙන ඇහැ ඇරෙනවා. අපි ඉක්‌මන් නොවුණොත් අපිව පහු කරගෙන යන අය දිහා අපට බලා ඉන්නයි වෙන්නෙ. පේනවානේ තමන්ට මගඇරුණු ජීවිතය අල්ලා ගන්න මිනිස්‌සුන්ට තියෙන හදිස්‌සිය." බොරු ඉස්‌සන් තුළ දවටා ඇත්ත මත්කුඩු විකුණන මුදලාලිගේ යථොක්‌ත දෙබස වැනි එක වැකියක්‌ ලිවීමට ගාමනී, මාතා රචකයෝ අසමත් වෙති. තමා පය ගැසූ දේශපාලන මතය රාජ්‍යයට සේවය කරනතුරු එවැනි නිරාකූල වැකි නොලිය වේ. එසේම "ඇහැ ඇරෙන නගරය" යනු රජයේ සංවර්ධන ව්‍යාපෘති සේ අර්ථකථනය කරන විචාරකයා බලවත් සේ නොමග යයි. ඉනියවන් තුළ ඇත්තේ එහි ප්‍රතිපක්‍ෂය යි. පරක්‌කු ධනවාදය, මගහැරුණු වේගය ද ආවරණය කරගනිමින් යාපනයේ පැතිර යයි. වෑන් රථයේ යනතුරු තරුණයාට මුදලාලි පණගසා නැගිටින නගරය පෙන්වන්නේ රාජ්‍යයේ ව්‍යාපෘති පෙන්වීමට යෑයි සිතන්නා අනුවණයෙකි. රථයේ වීදුරුවෙන් විෂයගත වන කැමරාව විවිධ ලීසින් සමාගම්, දුරකථන කුටි, රක්‍ෂණ සමාගම්වල පුවරු ද සෙමෙන් හසු කර ගනිමින් ඇදී යයි.

"එතකොට මේ ඉස්‌සො නොවෙයිද?"

"ඉස්‌සො. ලක්‍ෂ ගාණක ඉස්‌සො"

"තමුසෙ ඊයේ ඩිලිවරි කරන්න දුන්නෙ කෝටි ගාණක බඩු - ඉස්‌සො"

"ඇයි ඉස්‌සො නොවෙයිද?"

"ඉස්‌සො ම තමයි. ඇත්තම ඉස්‌සො"

දැන් ඉතිං සිංහල බෞද්ධයාටත්, හින්දු බැතිමතාටත්, සංකිලි රජුටත්, හිසසුන් ගාන්ධිටත් භේදයකින් තොරව ඇත්තම ඉස්‌සන්ටද වඩා ඇත්ත වූ ව්‍යාජ සංඥව විශ්වාස කිරීමට සිදු වනවා ඇත. කේසා, ලෝමා, නඛා, දන්තා ලෙසින් පිළිකුල් භාවනා වැඩූ නිමිති සියල්ල ඇකඩමි මට්‌ටමින් යාපනයේ විවෘත වනවා ඇත. ඩ්සීටීස්‌, සිනෙ සිටීස්‌, ජීන්ස්‌, සිම්කාඩ්, කෙටි පණිවුඩ හා රියෑලිටි වැඩසටහන් දෙගොඩතලා යනු ඇත.

මින්පසු කිසිම ඩයස්‌පෝරාවකට පාරිභෝගිකයන් රැළක්‌ අරගලයට දිශානත කළ නොහැකි වනු ඇත.
"එකම අපායක අප සැම දැවෙන සඳ - වෙනම අපායක ඉන්නට පතයි නුඹ"

ඉදිවන්නට ගිය අපාය දේශපාලන ප්‍රඥව තුළ දුටු චන්ද්‍රකුමාර වික්‍රමරත්නගේ දමිළ ඊළම පිළිබඳ ඉහත කවිය අද අර්ථපූර්ණ නොවේද? දැන් එකම අපාය තුළ සිංහයාට ද දිවියාටද පැසෙමින්, තැවෙමින් සිටිය හැකිය. මෙම සමීකරණය දෘශ්‍යාලංකාරයෙන් කියූ ඉනියවන් ජාතිය පරදා නැරඹිය යුතු දේශපාලන සිනමාවකි.

"අපේ ගේ වහල ගලවගෙන ෂෙල් වෙඩිල්ලක්‌ පාත් වෙන කොට ගෙදර හිටියේ තාත්තා විතරයි. ගේ නටබුන් කරගෙන පුපුරලා ගිය ඒ ෂෙල් එක අපේ ජීවිත විතරක්‌ ඉතුරු කරලා අනික්‌ හැමදෙයක්‌ම පොළොවට සමතලා කළා."

රන්බඩු කඩයේ සිටි සිකුරිටියාගේ බිරිඳ (නිරන්ජනී ශම්මුගරාජා) කියන මේ දෙබස්‌ හඳගමගේ දේශපාලන කවි වර්ගයකි. ඔහු මෙවර සොයාගෙන ඇති මේ නොනළුවන් කෙනකුට ඉතාලි නව යථාර්ථවාදයේ සම්පත් වුව ද සිහි කළ හැකිය.

නව රැකියාවක්‌ ලැබී ප්‍රීතියෙන් පාපැදිය පැද එන තරුණයා, එම මාවත ඔස්‌සේම මරණයේ පණිවුඩය රැගෙන පාපැදිය පදින අයුරු චන්න දේශප්‍රිය මනාව රූගත කර ඇත. වැල්ලට "හොරබඩු" එන අයුර ඔබට වෙනත් චිත්‍රපට ද සිහිගන්වනු ඇත. වැලිකතරේ ගෝරිංගේ හොර තෙප්පම් ද මිල්ලෙ සොයා හි අයථා භාණ්‌ඩ ද වැල්ලට ආවේ මෙසේ ය. මේ දැන් ගැසූ සුදු ඉරි සහිත අලුත් කාපට්‌ පාරේ මරණය පියාඹා එයි. විටෙක එහි මිනීමරුවෝ ද විටෙක වසඟකාරී ස්‌කූටර් කෙල්ලෝ රොත්තක්‌ ද ඉගිලෙති. සාමය විසින් සාදන ලද මරණ බිය යුද්ධයට වඩා දරුණු වන්නේ මෙහිදී ය.

තමාගේ ව්‍යක්‌ත සිනමා දේශපාලනය පිළිසිඳ ගැනීමට හා දරා ගැනීමට පරිණත ගර්භාෂයක්‌ අත්නොවිඳි හඳගම සිය උපක්‍රම පමණක්‌ සංශෝධනය කර අඛණ්‌ඩ ලෙස දිරියෙන් නිර්මාණ කාර්යයෙහි යෙදීම පරිණත රසික - විචාරක පර්ෂදය මගින් තක්‌සේරු කළ කවය, ගම්ලත්, අමරකීර්ති, මල්ලිකාරච්චි, එරික්‌, විඡේසිරිවර්ධන, ප්‍රියාන්, බූපති, ගලප්පත්ති මෙන්ම මිහිඳුකුල, වේරගම ආදී විචාරකයන් ද පෙරටුගාමී පක්‍ෂය, මංසල කතිකා කවය, ලංකා අක්‍ෂය බඳු පිරිස්‌ ද මේ සඳහා සිය බුද්ධිමය ශ්‍රමය යෙදීම අත්‍යවශ්‍ය වෙයි. එසේ නොවූ විට ජාතිවාදය හා අඥන බව පමණක්‌ සුදුසුකම් ලෙස දරන ඡායාමාත්‍ර විචාරක විදූෂක ඝෝෂා මෙවර ද වළං කඩයට පැනීමට බොහෝ සෙයින් අවකාශ ඇත.

අප ඉනියවන් නැරඹුයේ එක්‌වරක්‌ පමණි. නැවත නැවත නරඹා අප දරන මතවාද තියුණු කර ගැනීමට හා සංශෝධනය කර නිවරද්‍ය කර ගැනීමට ඉදිරියේදී අපේක්‍ෂා කළ යුතුය. එසේ වීමට නම් පුද්ගලයා අතහැර කෘතිය ප්‍රතිසන්දර්භ ගත කිරීමට විචාරක මැදිහත් වීම අත්‍යවශ්‍ය වේ. නිරෝධ ඇරැඹූ වේදිකාව දිගේලි විය යුතුය. සියලුදෙනා කට ප්‍රවේශම් කරගෙන, කර ඇඹූ, විතර්ක නැති, කිංකර ජීවිත ගත කරන අතර හඳගම පමණක්‌ දරුණු විය යුතු ද? ඔහුගේ උපක්‍රමික වෙනස්‌කම් පසුබැසීමක්‌ ලෙස අර්ථකථනය වීමෙන් ලාංකික සිනමාවට ගාමක බලයක්‌ හිමි නොවනු ඇත. අද්‍යතන ලාංකිකයා දමිළ වුවද සිහළ වුවද එක ගොඩේ වැටී මුහුණු දිය යුතු පොදු සතුරා රුදුරු ධනේශ්වරය තුළ මතු කර පෙන්වීමෙන් අප අතහැර දැමූ, කල් දැමූ නමුදු කෙදින හෝ වරනැගිය යුතු සමාජ අරගලය අනිවාර්යයෙන්ම එකම විසඳුම බව හඳගමයානු කැඩපත් සිනමාව මගින් නැවතවරක්‌ ශක්‌තිමත් ලෙස පිළිබිඹු කර ඇත.




හිනිදුම සුනිල් සෙනෙවි [ Hiniduma Sunil Senavi]


ධවල භීෂණය යළිත්, බොරැල්ල කනත්ත පාන්දරත් ක්‍රියාත්මතයි


අද (22 ඉරිදා) අලුයම 1-2ත් අතර කාලයේ කොළඹ බොරැල්ල පොදු සුසානභූමියේ ආදාහනාගාරය ක්‍රියාත්මක වෙමින් පැවති බව ප්‍රදේශවාසීහූ පවසති.
සාමාන්‍යයෙන් රාත්‍රී 7.00න් පසුව ආදාහනාගාරයේ කටයුතු අවසන් කිරීමට නියමිත වුවද අද අලුයම එය ක්‍රියාත්මක කරවීම සැකසහිත බවද ඔවුහූ පෙන්වා දෙති. අද අලුයම 1.40 - 2.00 අතර කාලයේ මෙලෙස ආදාහනාගාරය ක්‍රියාත්මක වී ඇති අතර සුසාන භූමිය අසල ජීප් රථ දෙකක් සහ වෑන් රථ දෙකක් නතර කර තිබී ඇත. එමෙන්ම හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම්වලින් සැරසුනු පිරිසක් සුසාන භූමිය තුළ රැඳී සිටි බවද වාර්තා ‍වේ.
මෙලෙස ආරක්ෂක අංශවල මැදිහත්වීම සහිතව මෙලෙස රහසේම ආදාහනාගාර‍යේ යම් කිසි මලසිරුරක් පුළුස්සා දැම්මේද යන්න පිළිබඳ සාධාරණ සැකයක්  පහළ වන බවද මේ පිළිබඳ තොරතුරු අප වෙත වාර්තා කළ ආරංචි මාර්ග පවසයි. මෙයට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා ඇතුළු කිහිප දෙනෙකුම මෙලෙස ආදාහනය කළ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

සතිෂ් පෙරේරා ට නිවන් සුව ලැබේවා!


පැපරාසි නිවුස් ලංකා - ප‍්‍රවීණ ගායක සතිෂ් පෙරේරා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලකදී මිය යන විට ඒ මහතා 43 හැවිරිදි වියේ පසුවිය.

නැසී ගිය ප්‍රවීන ගායක ෂෙල්ටන් පෙරේරා මහතා සතිෂ් පෙරේරාගේ පියාය.

අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.

Man Made Booze!



Sunday 22 April 2012

ගංජා සහ අරක්කු



දඹුල්ල, මුස්ලිම් පල්ලිය කඩාදැමීමට ජනාධිපති රාජපකෂගේ සහය


yukthiya.com

දඹුල්ල නගරයේ තිබු මුස්ලිම් දේවස්ථානය කඩාදැමීමට සහ විරෝධතා ව්‍යාපාරය අරම්භ කිරීමට උප්පන්දම් දී ඇත්තේ ජානාධිපති රාජපක්ෂ බව පකිස්ථානායේ ප්‍රධාන පෙලේ වෙබ් අඩවියක් වන AAJ News වෙබ් අඩවිය ප්‍රකාශ කර සිටී.  
කළහකාරී හැසිරීමක් සහිත දහස් ගණනක් සහ සංඝයා මෙම මුස්ලිම් දේවස්ථානය පිහිටා ඇත්තේ පූජා භූමියට අයත් බිමකයැයි විරෝධතාවයේ නිරත වූහ.  භික්ෂූන් 300 පමණ සහ සාමාන්‍ය ජනතාව 1700 පමණ මෙම විරෝධතාවය සහභාගී වූහ.
මෙම විරෝධතාවයේ ඉදිරියෙන්ම සිටි භික්ෂුවක් වන ඉනාමලුවේ සුමංග ජානධිපති රාජපක්ෂගේ උපදේශකයෙක් ද වෙයි.  මෙම භික්ෂුව මුස්ලිම් දේවස්ථානයට එරෙහිව විරෝධතාවන් ආරම්භකර ඇත්තේ ජනාධිපිත රාජපක්ෂගේ උපදෙස් මත බව එම වෙබ් අඩවිය තව දුරටත් හෙළිදරව් කර සිටී. එලෙසම ජානිධිපති  ලේකම්වරයෙකු විසින් දිස්ත්‍රික් ලේකම්ට සහ සමුද්ධි නියාමකවරුන්ට නියෝගකර ඇත්තේ මෙම විරෝධතාවය සංවිධානය කටයුතුවලට සහ එයට සහභාගී වන ලෙසයි. මේ අතර දිස්ත්‍රික් ලේකම්වරයා සනාත කර සිටින්නේ මෙම විරෝධතාවය සහභාගී වූ වැඩිපිරිසක් සමුද්ධලාභීන් බවයි.
ඉනාමලුවේ සුම්ගංල භික්ෂුව දඹුල්ල නගරයේ පාලනය සඳහා දැඩි බලපෑමක් කරන අතරම කන්ඩලම හෝටලය ඉදිවන සමයේදීද විරෝධතාවය නිරත විය. නමුත් එහ සමාගමෙන් ලැබුණු විශාල මුදල මත මෙම භික්ෂුව තමන්ගේ විරෝධතාවය හකුලා ගනු ලැබූ බව එම AAJ පුවත් සේවය තවදුරටත හෙළිදරව් කර සිටී.

මේ අතර "යුක්තියට " වාර්තා වන්නේ ඉනාමලුවේ සුමංගල භික්ෂුවය කණ්ඩලම හෝටලයේ ඕනෑම මොහොත රැස්වීම් සහ ඔහුගේ හිතවතුන්ට නිවාඩු ගත කිරීම ආදිය ලබාදිය හැකි අතර ඒවා සියල්ල නොමිලේ හෝටල් පාලනාධිකාරිය විසින් සලසාදෙයි. මෙයට අමතර මීට කළකට පෙර මේ භික්ෂුව පාවිච්චිකරනු ලැබූ 300 වර්ගයේ බෙන්ස් රථය කණ්ඩලම හෝටලයට විරෝධතා ඉවත් කරගනු ලැබීමෙන් පසු එම සමාගම විසින් ලබාදුන් එකක් බව පැවසේ .

Saturday 21 April 2012

රබුක්පිටිය සංහාරය


වැඩිදුර කියවන්න  
http://www.lankaenews.com/Sinhala/news.php?id=19899

Crime And Punishment, In Rajapaksa Sri Lanka

“Terror does not evolve except towards a worse terror… Nowhere in the world has there been a party or a man with absolute power who did not use it absolutely”.
Camus (Resistance, Rebellion and Death)
By Tisaranee Gunasekara
For the Tamil families of Dilithura, a small village of mostly estate workers in Elpitiya, Galle, the Sinhala and Tamil New Year was not to be an auspicious one.
Their tragedy, which ended in burnt homes and looted possessions, began with a simple, everyday inconsequence: a young villager not calling a soldier on holiday, ‘sir’. The enraged soldier reportedly responded to this non-crime with disproportionate and extra-judicial punitive action. According to the ‘Ada Derana’ Tamil website, he assaulted the young man, as well as another Tamil youth who tried to mediate. Subsequently, “around 30 youths had gathered at the location, beaten up the two Tamil youths and set fire to seven houses, push cycles, motorcycles and three wheelers. They had also got away with money and jewellery…” (Sri Lanka Mirror – 16.4.2012). The villagers informed the police. Instead of arresting the perpetrators, the police detained two Tamil youths!
When seven Tamil families loose their homes and all their possessions because one Tamil boy did not call a soldier ‘sir’, does it not smack of collective punishment?
If an outrage of this order can happen in the South, in 2012, what could not have happened in the North, in the midst of a total war without witnesses?
If a soldier on leave can take the law into his own hands with such alacrity and impunity, in Galle, what cannot the tens of thousands of soldiers on duty do, in those villages beyond Omanthai, and beyond the reach of law?
The soldier’s actions would have been explicable if he believed, however mistakenly, that the Tamil youth was a Tiger. He did not. Military personnel suffering from Post-Traumatic-Stress-Disorder (PTSD) commit crimes, including homicide and suicide. The soldier’s assault on the Tamil youth could have been explained away as a result of (unacknowledged and untreated) PTSD, but not the subsequent orgy of looting and arson. The composite picture points to a crime of an entirely different order, a crime premised on and informed by the primordial identities of the perpetrators and the victims and the total imbalance of power between the two.
In the North, Sinhala soldiers rule; Tamils have only one right – the right to obey. Such a state of affairs is bound to habituate even the most junior soldier into being treated with grovelling obsequiousness by every Tamil. That mindset, born in the North, is permeating the South, affecting the manner in which the armed forces, as an institution, perceive and deal with Tamils, as a community. This does not mean that every serviceman will act as criminally as the soldier in Dilithura did; some will; many, due to an innate sense of decency or kindness or an inborn aversion to excess, will not. But all will have the capacity to do so, because the prevailing climate of permissiveness enables every soldier to become a mini-warlord towards any Tamil, if and when he wants.
The soldier’s beyond-the-pale acts make sense seen from this prism: he was a ‘Sinhala hero’, insulted by an ‘uppity Tamil’. And being a law-unto-themselves is a mindset most soldiers succumb to in a context of de facto or de jure occupation, anywhere in the world.
In the South the initial victims will be poor Tamils, such as the villagers of Dilithura, but eventually class/social barriers will be overcome, since even the richest Tamil is ultimately powerless in a Sinhala supremacist Sri Lanka. The only ones immune will be the Tamil acolytes of the Rajapaksas, so long as they are in favour.
The Dilithura incident opens a window for us to see the life without dignity, the life of subjection which is the (actual or potential) lot of Tamils, post-war. Many of us in the South are familiar with the major and minor irritants caused by politicians who insist on being treated as a group of super beings with rights denied to the rest of us. Imagine the plight of Tamils in the North, and increasingly elsewhere, compelled to bow and scrape before every uniform – even in absentia – because such demeaning subservience is a necessary precondition for a modicum of safety (albeit of the most precarious sort, since it is not based on rights) for themselves and their families. For most Tamils such treatment is obviously a fact of life, the bitter reality they have to live day by day, with no end in sight.
Abuse and impunity are the antitheses of peace and reconciliation. Outrages such as the Dilithura incident demonstrate to Lankan Tamils that they are devoid of rights and unprotected by law; and that every Tamil can be punished for the deeds of any Tamil. This is not a path to peace but to renewed conflict.
Fighting the Myth of Rajapaksa Right to Rule
In a normal lawful democracy, Gotabhaya Rajapaksa would be nothing more than a senior bureaucrat. As the President’s brother he may enjoy some privileges but that biological fact would not entitle him to any extra rights. But in the Rajapaksa security state, Gotabhaya Rajapaksa, the de jure bureaucrat is the de facto deputy king (yuva-raja)
Parliamentarian Lakshman Kiriella has taken the long overdue step of challenging this extra-legal status quo: “The Secretary of Defence is a public servant and therefore is much lower in the protocol ladder. He has no right to question or challenge a member of parliament… It’s a violation of the establishment code and a breach of privilege of an MP and I will raise this issue in parliament” (Daily Mirror – 16.4.2012).
The Rajapaksa right to rule is a foundational myth of the current political, socio-economic and moral order. According to this narrative, the Rajapaksas should rule Sri Lanka because they are the only ones capable of defending Sri Lanka. Fear is an essential condition in compelling an entire society to accede to this anti-democratic abomination and accept that not only the President but also his brothers should have the inalienable right to wield absolute power and be above the law. But to fortify and perpetuate that servile mindset, a belief must be created which regards such unjust and illegal excesses as national security-necessities.
That is the purpose of the Rajapaksa Fairy Tales, featuring the ‘Undead Tiger’, the ‘Untrustworthy Tamil’, the ‘Unpatriotic Opposition’ and the ‘Hostile World’. So Tamils are being forced into submission, as a condition of survival. Sinhalese are being brainwashed and terrified into abnegating their democratic rights as free citizens in return for Rajapaksa protection from imaginary evils.
The issue before us today is not regime change but preventing the further erosion of Lankan democracy. This means opposing the excesses of the Ruling Siblings and their military and civilian underlings, wherever they happen.  Parliamentarian Kiriella’s challenge to Defence Secretary Rajapaksa and the opposition’s demand for a debate on abductions are welcome ripples in a sea of submissive silence. Hopefully during that debate someone will ask how the Rajapaksa brothers obtained the release of Sagara Senaratne; and why the ‘white-vanners’ obeyed them, pronto.

Government violates the religious freedom of Muslim people: Kabir Hashim


















Sri Lanka may lose the support of Muslim countries if attacks on mosques continue, the main opposition UNP said yesterday.
The party made this point while condemning the incident that took place in Dambulla yesterday morning.

UNP MP Kabir Hashim told a news conference that the people in this country would be compelled to use alternative ways to secure their rights if the government failed to safeguard the people’s right to engage in their religious observances freely.

Mr. Hashim therefore blamed that the attack was done by a government backed armed gang before the eyes of the police and the army. Besides Mr. Hashim said this particular mosque was registered with the Department of Muslim Affairs and therefore no one could claim it was illegal.

Mr. Hashim said the authorities should have filed legal action against the custodians of the mosque if there was any suspicion on it. UNP Western Provincial council Member Mujibur Rahaman said Muslims would have to go to Geneva next time to safeguard their rights.

He questioned as to what action the Muslim MPS in the government would take about it. “There are 29 Muslim MPS in the government and one wonders whether they are going to be quiet about it,” he asked. He said one could not claim that the mosque in question was an illegal one as it had existed for more than 70 years.

ශිරාල් - විමල් වී.... දහ - තුනට බය වී

21 April 2012 Editor yukthiya.com
















ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් ලෙස '13+ වර්ගයේ විසදුමක් ලබා දීම', ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය කෙළෙසන 'රට දෙකඩ කිරීමකට සමාන ක්‍රියාවක් වන්නේය' යනුවෙන් එ.ජා.ප. සජිත් පාර්ශවයේ නීතීඥ ශිරාල් ලක්තිලක 'පුවත්පතකට' ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එසේම එහිදී ශිරාල් වැඩිදුරටත්, එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ විවේචනය කර ඇත්තේ, ඉන්දියාවත් සමග එක්ව 'ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීම සදහා කුමන්ත්‍රණයක නියැලෙන්නෙකු' වශයෙනි.

මෙලෙස හදිසියේ ම 'බෙදුම්වාදය' භීතිකා රෝගයෙන් කෑමොර දෙන්නේ 'බෙදුම්වාදය' යන්න සිය 'දිව මතුර' බවට පත් කරගත් විමල් වීරවංශ නොව, කලින් බලය බෙදාහැරීම පිළිබද ප්‍රශස්ත ඇගයුමක සිටි මුලින්ම 'වම'ට බර ව සිට, පසුව 'දකුණු ලිබරල් වාදය'ට නැඹුරු වී අනතුරුව අතර මැදි 'සමාජ ප්‍රජාතන්ත්‍රවාදය'ට ද නෑකම් කියූ නීතීඥ ශිරාල් ලක්තිලකය.

ඔහු දැන් නියෝජනය කරන සජිත් පිළේ කිහිපදෙනෙකුම පසුගිය දින වල 13 විරෝධී මත පළ කළ අතර ශිරාල්ට සිදුවී ඇත්තේ, ' වැටී සිටින බදුනේ හැඩයට පත්වීම' ට ද? නැතිනම් මේ සමාජයට පේන්නට රැඩිකල් කෝටි ඇද සිටින ඇත්ත ශිරාල් ද ?

පුණුරුත්පත්තියක් තිබෙනවාද?



Friday 20 April 2012

Indonesian 8-year-old smokes 25 cigarettes a day!



පේ‍්‍රමකුමාර් ඉස්සීම නොහොත් පුහුල් හොරා කරින් දැනේ කතාව - සුනන්ද දේශප‍්‍රිය




සොරකම් කරන ලද අද ව්‍යවහාරයෙන් නම් පැහැර ගන්නා ලද අළු පුහුල සොයා ගැමියෝ හතර අත විපරමක් දියත් කළහ. කොලූ ගැටව් දැළි අඟුරු වලින් ගම පුරා බිත්ති වල මෙවැනි පැහැර ගැනීම් ගැන දනන් තුඩ තුඩ පැවැති සැක සංකා මතු කරමින් සටන් පාඨ ලීවෝ ය. ‘‘මේ පුහුලත් ඉස්සුවේ වෙන කව්රුවත් නොවෙයි’’ යන්න වැඩිම ජනප‍්‍රිය සටන් පාඨය බවට වුයේ අළු පුහුල් උස්සන්නේ කව්රුන් විසින්දැයි මේ වන විට ගැමියන් දැන සිටි නිසා ය. ගොවි සමිති විශාල ප‍්‍රමාණයක් එක් රුස්ව එක් වී ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරමින් දිගින් දිගටම සිදුවන මෙවැනි පැහැර ගැනීම් නතර කනු වස් එකා සේ එක් වන ලෙස ආයාචනයක් කළෝ ය. නහයට නොඅසන කොලූ ගැටව් කීප දෙනෙක් ‘අළු පුහුලත් රාජකීය වැඩක්’ යැයි ලියූ පාට පාට බැලූම් තොගයක් අහසට යවා තිබුනේ හැමෝටම පෙනෙන්නට ය. හැම ගොවි ගෙදරකම කියැවුනේ ‘වෙන කව්රුවත් නොවෙයි’ කියන කතාවය. සොර දෙටුවාගේ නම කිවොත් තොපටත් අළු පුහුලට වූදේ ම වෙනු ඇතැයි කියමින් අවතාර වැනි රාජ සේවකයින් සෑම රැයකම ගම බියවද්දවා තිබුනි.

මේ අතර වාරයේ අළු පුහුල සඟවා තබා රාජකීය හොර ගමනේ යමින් සිටි සොර දෙටුවා මං නම් ඕවාට නැතැයි කියා අළු පුහුල ගෙනා සිය උරහිසෙහි තවමත් අළු ඇත්දැයි බැලීමට කර අතගා බැලීය. එසැණින් ගැමියෝ සොරා හදුණා ගත්හ. නමුත් සොරා ළඟ අළු පුහුල තිබුණේ නැත. ‘ඉදින් තොපි මා සොරෙක් ලෙස හදුන්වන්නේ මන්දැ’යි රාජ සොර දෙටුවා ගෝරනාඩුවක් දැම්මේ ය. එවැනි අළු පුහුලක් තිබූ බව පෙන්වන්නට ජායාරූපමය සාක්ෂි ගෙනෙවිත් පෙන්නපල්ලා යැයි අභියෝගාත්මක ප‍්‍රකාශයක් ද කළේ ය. පොටෝ තිබුනේ නැත. පොටෝ නැත්නම් අළු පුහුලක් නැති වුණේ කෙසේදැයි රාජ සොර දෙටුවා තර්කයක් දැම්මේ ය. කර කියා ගන්නට දෙයක් නොතිබූ ගැමියෝ ‘පුහුල් හොරා කරින් දැනේ’ යැයි සටන් පාඨ කියමින් ආපසු ගියෝ ය. පුදුමයකට මෙන් එළෙස ආපසු යන අතරවාරයේ දී අළු පුහුල අල්ලපු වත්තේ තිබෙනු ඔවුහු දුටුවෝ ය. රාජ සොරා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගැමියන් විසින් ම අළු පුහුළ සඟවා තැබුවේ බාල ප‍්‍රචාරයක් මගින් අළු පුහුල් ජනප‍්‍රිය කරවා මිල ඉහළ යැවීමට බව ය. සොරා දෙටුවාගේ දංකුඩ කන කස්ටියක් කියා සිටියේ ජාතික වීරයෙක් වන සිය රාජ සොරා දෙටුවාට අවමන් කිරීමට මෙම අළු පුහුල් කතාව ගොතන ලද බව යි.

ඒ වනාහී පුරාවෘත්ත ගත පුහුල් හොරාගේ කතාවේ පශ්චාත් යුද්ධ අනුවර්ථනයකි. එය ලියා තිබුණේ සිය දරුවා අතුරුදහන් වීමෙන් පසු සිහි විකල් වූ පියෙකු විසිනැයි කියනු ලැබේ.

දැන් අපි ඇත්ත කතාවට යමු.

වාම දේශපාලන ක‍්‍රියාකාරිකයන් දෙදෙනෙකු වූ පේ‍්‍රමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පසුගිය 06 දා රාත‍්‍රියේ දී අතුරුදහන් විය. ඔවුහු පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් හැදින්වෙන ජවිපෙන් ඉවත් වූ දේශපාලන ප‍්‍රවණතාවයේ ප‍්‍රමුඛයින් දෙපලක් වූහ. එබැවින් මෙම අතුරුදහන්වීම/පැහැර ගැනීම වත්මන් ශ‍්‍රී ලංකාවෙහි දරුණුතම මානව හිමිකම් කෙළෙසීමක් බවට පත්ව තිබෙන පැහැර ගැනීමේ/ අතුරුදහන් කිරීමේ සංස්කෘතියෙහි උච්චතම ස්ථානයක් බවට පත් වීමට ඉරණම් ලබා තිබුණි. එනයින්ම මෙම පැහැර ගැනීම කේන්ද්‍ර කොට ගෙන නොනැවත කෙරීගෙන යන අතුරුදහන්වීම් පිලිබඳ දේශීය සහ ජාත්‍යන්තර අවධානය ඉහළ නංවා ගැනීමට මානව හිමිකම් ක‍්‍රියාකාරිනට මහඟු අවස්ථාවක් ද උදා විය.

ඔවුන් දෙදෙනා ගේ ජිවිත බේරා ගැනීම පිණිස දියත් වූ ව්‍යාපාරය මැත කාලීන ශ‍්‍රී ලංකාවේහි පෙර නොවී විරූ පුළුල් සිවිල් සහ දේශපාලන එකතුවක් බවට පත් විය. නිල සහ නොනිල වශයෙන් කැමැත්තෙන් මෙන් අකමැත්තෙන් ද රාජපක්ෂ පාලනයේ ප‍්‍රචාරකයින් බවට පත්ව සිටින ප‍්‍රධාන ධාරාවේ ජන මාධ්‍ය විය යුතු පරිදි එම පුළුල් පෙළ ගැස්මට නිසි අවධානයක් හෝ ප‍්‍රචාරයක් හෝ දුන්නේ නැත. එතැන ගත්තේ අන්තර් ජාල වෙබ් මාධ්‍ය යි. පැයෙන් පැයට එකී අතුරුදහන්වීම පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට ශ‍්‍රී ලංකාවේ වත්මන් මර්දනකාරී තත්ත්වයට මුහුණ දෙන ‘විරුද්ධකම් පෑමේ ජනමාධ්‍ය’ ලෙස හැදින්විය හැකි අන්තර් ජාලය මත පදනම් වූ ඊ මේල්, බ්ලොග් අඩවි, මුහුණු පොත සහ වෙබ් අඩවි යනාදියෙන් සැදුම් ලත් පුළුල් ව්‍යාපාරයක් ද ඉබේම ගොඩ නැගුණි.

පේ‍්‍රමකුමාර් ගුණරත්නම් ඕස්ටේ‍්‍රලියානු ජාතිකත්වය ද ලබා තිබූ බැවින් මෙම අතුරුදහන්වීම පිළිබඳ එරට ශ‍්‍රී ලංකාණ්ඩුවෙන් විමසන ලදුව එවැන්නකු ඕස්ටේ‍්‍රලියාවේ සිට පැමිණ ඇත්නම් එම දින වකවානු තමන්ට ලබා දෙන්නැයි තමන් අභියෝග කළ බව කියා සිටියේ අන් කවරකුවක් නොව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ය. එසේ නමුත් ප්‍රෙමකුමාර් ගුණරත්නම් ශ‍්‍රී ලංකාවට පැමිණ සිටියේ නොයල් මුදලිගේ නමින් බව ඒ වන විට ශ‍්‍රී ලංකාණ්ඩුවේ ආරක්ෂක අංශ මෙන්ම ආරක්ෂක ලේකම් ද නොදැන සිටින්නට හේතුවක් නැත. මන්ද යත් ඔහු එනමින් 2002 ජවිපෙ - ශ‍්‍රීලනිප පරිවාස ආණ්ඩු කාලයේ ධීවර අමාත්‍යාංශයේ රැකියාවක් කළ බව මේ වන විට රහසක් නොවූ නිසා ය. රාජපක්ෂ මහතාගේ හිතවකු වන අමාත්‍ය වීරවංශ මහතා මේ තොරතුර දැන සිටි අතර ඔහුට සම්බන්ධ වෙබ් අඩවියක මෙම නම ද පළ කර තිබූණි.

රාජපක්ෂ මහතා ඕස්ටේ‍්‍රලියාවෙන් ඇසූ බව කියන ප‍්‍රශ්ණය පුහුල් හොරා ඇසූ ප‍්‍රශ්නක් වැනිය.

ඒ අතරවාරයේ ම එවැන්නකු ලංකාවට පැමිණ ඇති බව පිළිගනිමින් රාජපක්ෂ මහතා කියා සිටියේ ඕස්ටේ‍්‍රලියානුවෙක් මෙහි පැමිණ පිස්සු නටන්නේ මන්ද, ආපහු යන එකයි ඇත්තේ කියා ය. (ඔහු මෙන්ම අමාත්‍ය බැසිල් රාජපක්ෂද ඇමෙරිකානු අර්ධ - පුරවැසියන් යැයි කියන කතාව මෙතැනට අදාළ නැත. එමෙන්ම ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපතිනිය ස්විස් ජාතිකත්වය ලබා තිබීමත් එකසත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන ඕස්ටේ‍්‍රලියානු ජාතිකත්වය ලබා තිබීමත් අනවශ්‍ය කරුණු ය. එමෙන්ම කේ.පී.ගේ නිල ජාතිකත්වය ශ‍්‍රී ලාංකික නොවීමත් ප‍්‍රශ්ණයක් නොවේ.)

මේ වනාහී ද පුහුල් සොරකුගේ හැසිරීම සිහි ගැන්වීමකි.

එපමණක් නොවේ. පරිසර අමාත්‍යාංශයේ සිංහල ජාතික ප‍්‍රධානියකු යැයි සඳහන් ශ‍්‍රී ලංකාණ්ඩුවේ නිල රාජ්‍යතාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රයකින් බි‍්‍රතාන්‍යට ගොස් අසුවී හිරබත් කෑ අමාත්‍ය කරුණා අම්මාන් තමාට එම ගමන් බලපත‍්‍රය ලබා ගැනීමට උදව් කළේ ආරක්ෂක ලේකම් රාජපක්ෂ මහතා යැයි එරට පොලීසියට කී බව ලසන්ත වික‍්‍රමතුංග සිය පුවත්පතෙහි වාර්තා කළේ ය. එම කතාවද මෙතැනට අදාළ නැත.

ඉක්මනින්ම අවසාන ජවනිකාව උදා විය.

ආණ්ඩුවේ මඩ දේශපාලන නාලිකාව වන අයි. ටී.එන්. හි අප්‍රෙල් 08 වැනි ඉරුදින දොරමඩලාව වැඩ සටහනට පැමිනීමට නියමිතව සිටියේ ආචාර්‍ය අත්තනායක එම්. හේරත් ය. දොරමඩලාව දේශපාලන සංවාද වැඩ සටහනක් නොවේ. එනමුත් රාත‍්‍රි 8.00ට එදින එම වැඩ සටහනට ජාතිත වීරයින් ගැන කතා කිරීමට ආරක්ෂක ලේකම් රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පැමිණෙන බව දන්වන ලදී. මේ දෙදෙනාට හදිසියේ එවැනි වැඩ සටහනකට පැමිණිමට අවශ්‍ය වූ බව පෙනෙන කිසිදු හේතුවක් නැත.

වැඩ සටහන රාත‍්‍රී 10.00ට ඇරඹුනි. ඉන් විනාඩි ගණනාවක් ඇතුළත පේ‍්‍රමකුමාර් දෙමටගොඩ පොලීසිය ඉදිරිපිට බැස්සවූ ඝාතක කල්ලිය පොලීසිය ඇතුළට දිව යන ලෙස ඔහුට තර්ජනය කළහ. එය නිල වශයෙන් පේ‍්‍රමකුමාර් පොලීසියට බාර වීමකි. ඉන් පැයකට පමුණ පසු වැඩසටහනෙහි අරමුණ වූ ප‍්‍රකාශය ආරක්ෂක ලේකම්වරයා විසින් කරන ලදී. එනම් පැහැර ගෙන යන ලැදැයි වාර්තා වූ පේ‍්‍රමකුමාර් ගුණරත්නම් දෙමටගොඩ පොලීසියට බාර වී ඇති බවයි !! ඒ අවස්ථාවේ දීම රාජපක්ෂ මහතා පුහුල් අළු ඇත්දැයි සැක සිතී සිය කර අතගා බැලීම හා සමාන කතා ගණනාවක් ද කීවේ ය.

මෙම වැඩසටහන නැරඹු සිහි මොළය ඇති ඕනෑම අයෙකුට තේරුම් යන දෙයක් නම් විශේෂයෙන්ම ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඊට පැමිණ සිටියේ කිසිදු සූදානමකින් තොරව හදිසියේ බව ය. ඒ කොතෙක් ද යත් පාතුගීසීන් ලංකාවට පැමිණයේ 1905 දී බව කී ඔහු තවත් දොස් සහිත ප‍්‍රකාශ කළේ ය. දේශපාලනඥයින් දෙදෙනෙකු සිය වැඩ සටහනට හදිසියේ ම ගෙන්වීම සාධාරණ කිරීමට තැටමූ වැඩ සටහන මෙහෙයවන හසන්ත ශ‍්‍රී ලාල් මේ විදිහට සමහර විට විපක්ෂ නායකතුමාවත් දොරමඩලාවට එන්න පුලූවන් යැයි කීවේ ය. මේ සියළු කරුණු එක්තැන් කර බලන විට ආරක්ෂක ලේකම් හදිසියේම දොරමඩලාවට පැමිණියේ පේ‍්‍රමකුමාර් නොමරා අතහැරීම වෙනත් ආකාරයකින් රටට සහ ලෝකයට දැනුම් දීමට යැයි සිතීමෙහි වරදක් නැත. එනයින් ඔහු මේ පැහැර ගැනීමෙහි කොටස්කරුවකු යැයි සැක කිරීම ද සාධාරණ ය.

රටෙහි සිදුවන අතුරුදහන්වීම් බොහොමයක් පිටුපස සිටින්නේ රජයේ යම් යම් අංශයන්හි අනුග‍්‍රහය ඇතිව ඉල්ලක ලබා ගන්නා ඝාතක කල්ලි බවට පසුගිය කාලයෙහි සාක්ෂි ගණනාවක්ම ලැබුණි. කොලොන්නාව ප‍්‍රදේශීය සභාපති පැහැර ගැනීමට පැමිණ අත් අඩංඟුවට ගන්නා ලද්දේ හමුදාවේ විශේෂ සෙබළ කණ්ඩායමකි. අමාත්‍ය ජීවන් කුමාරතුංගගේ මස්සිනා පැහැර ගැනීමෙන් පසු පැය ගණනාවක් ඇතුළත ඔහු නිදහස් කැරුනේ ජනාධිපති රාජපක්ෂට සහ ආරක්ෂක ලේකම් රාජපක්ෂට අයාචනා කිරීමෙන් පසුව ය. එවැනි කතා තවත් තිබේ.


දේශපාලන පැහැර ගැනීම් ‘දැන් ඉතිං අවශ්‍ය නෑනේ’ යැයි බිබීසී සන්දේශයට කීවේ ද ආරක්ෂක ලේකම් යටතේ සිටින මාධ්‍ය ප‍්‍රකාශකයෙකි. ‘ඒ කියන්නේ ඉස්සර පැහැර ගත්තාද’යැයි ඇසූ කල ගෝලයා කීවේ ‘ඔව් ජේ.ආර්. කාලෙ, පේ‍්‍රමදාස කාලේ චන්ද්‍රිකා කාලේ තිබුණා’ කියා ය.

ඇත්ත තමයි! දැන් පැහැර ගැනීම් වෙන්නේ නැත. මිනිස්සු කැමැත්තෙන්ම අතුරුදහන් වෙති. පුහුල් හොරා කීවේත් එහෙම ය.



සුනන්ද දේශප‍්‍රිය [Sunanda Deshapriya]

Karunanidhi can have Eelam in India: Gota .



Defence Secretary Gotabaya Rajapaksa yesterday said if DMK Leader and former Tamil Nadu Chief Minister M. Karunanidhi’s unfulfilled dream was a Tamil Eelam, he should work for it in India because the largest population of Tamils live in the Tamil Nadu state of India and not in Sri Lanka.

“A much bigger population of Tamils live in Tamil Nadu in India than the Tamil population in Sri Lanka. If Karunanidhi wants a Tamil Eelam he can have it in Tamil Nadu. He should not come to make Eelams in Sri Lanka. This is a sovereign country. We consider those who talk about Eelam as terrorists,” the Defence Secretary told the Daily Mirror.

The Defence Secretary expressed these views responding to a statement made by india’s DMK party President and former Tamil Nadu chief minister M. Karunanidhi to the effect that India should urge the United Nations to bring pressure on Sri Lanka to hold a referendum regarding Tamil Eelam in Sri Lanka. Karunanidhi wields significant political power with the Indian Central Government as his political party is a significant constituent of the Indian Congress led ruling alliance – the UPA.

“There is no war now in Sri Lanka. There exists ethnic harmony and every one lives peacefully. Karunanidhi should not attempt to arouse the Tamil people in Sri Lanka. Karunanidhi is also one among the many Indian politicians who are bent on destroying our country by making controversial statements. It is a pity that they are adopting to such low political tactics. Karunanidhi should realize that ours is an independent country and should not attempt to establish Eelam, and if he wishes he could do so in Tamil Nadu where a larger concentration of Tamil people live,” the Defense Secretary further stated. (Duminda Sanjeewa Balasuriya)

Wednesday 18 April 2012

අපේ බුධුන් අපි වදින්න !












වන්නියේ සිදුවූ 50,000 අදික නිරායුධ සිවිල් වැසියන්ගේ ඝාතන වලට සහ ඉන් අනතුරුව අද දක්වා උතුරේ හන්දියක් හන්දියක් පාසා සිදුවන බුද්ධ කරණය සදහා සිංහල මහාවංශ බුධුන්ගේ දායකත්වය මෙතැකය් කිව නොහැක.අවිහිංසාවේ ප්‍රතිමුර්තියක් වූ බුදු රජාණන්වහන්සේගේ දර්ශනය විකුර්තිකොට එය රාජපක්ෂ මහසොහොන් කල්ලියේ මිත්‍යාව වැපිරීමට දායක කරගැනීම පිලිබදව අප කනස්සල්ලට පත්විය යුතුය !

Liberate Marijuana! Global March 5th may 2012






Wednesday 11 April 2012

පැසිපික් අනතුරු ඇගවීමේ අධිරාජවාදී කුමන්ත්‍රණය පරදවමු -විමල් වීරවංස


ඉන්දියන් සාගරයේ  සුනාමි අනතුරක් පිලිබදව පෙර දැනුම් දීම හේතු කොට ගැන ඇති වූ පැනිකය
වරෙක හාත්ස්යජනක වී මට බකස් ග සිනහ ගියත් ඒ ඇසිල්ලකින් සිනහව නවතා ගත්තේ ඉන් ජනයාට
ඇති වූ පරිප්පුව හේතුකොට ගෙනය.සමහර මැති ඇමති වරුන්ගේ සිට ,බස් ගැමුණුගේ ,මහරජාගේ සිට එකී නොකී බොහෝ  අයගේ ඩිස් ඉන්ෆෝමේෂන් & TOO MUCH INFOහේතු වෙන් තත්වය වැඩිදුරටත්  උග්‍ර විය .
මෙවර ඇතිවූ හාස්‍යජනක කලබගනියෙන් රැවුල ගිනිගත් මහජනයා අතරට කව්දෝ සුරුට්ටු පත්තු කරන්න 
එවා තිබු ටෙක්ස්ට් පණිවිඩයකින් කියා තිබුනේ "පැසිපික් අනතුරු ඇගවීමේ අධිරාජවාදී කුමන්ත්‍රණයක් පරදවමු -විමල් වීරවංස" කියාය ,
කෙසේවෙතත් මෙවර ඇතිවූ තත්වය  TOO MUCH INFOපිළිබද හොදඋදාහරණයක් .
දැන් ඉතින් අපහු ඇවිදපන්කෝ ගෙදරට !    


කහවත්තේ භූත රාජු ගංජා ගැහුවනම් මිනි මරාවිද???

 ටික දොහකට උඩදී  කහවත්තේ භූත ජෝන් ගේ ලේකම් ඇතුළු අය සිදුකල ද්විත්ව ඝාතනයේ  විස්තර  තිබු ගොසිප් ලංකා අඩවියේ තිබු ලිපියක් ,එහි ලංකාවේ ප්‍රධාන පුවත්පතක මේ සිදුවීම පිලිබදව පලවූ ලිපියක් අන්තර්ගතව තිබී මා කිඇවුවා.එම ලිපියේ ප්‍රධාන හෙඩිමක් උනේ "ඝාතනයට පෙර   රාජු ගංජා ගසය් ?(මතක විදිහට )කෙසේ නමුත් ඉන් දී තිබු පණිවිඩය වන්නේ මේ  ගංජා ගසා තමා මේ ඝාතන කලේ ,නැතහොත් ගංජා යනු මිනි මරණ භයානක ඝාතන වලට වගකිව යුතු 
සහය ශක්තිය දුන් වැරදි කරුවෙකු බවය,මෙන්න මේවා තමා මිස් ඉන්ෆෝ නොමැතිනම් ඩිස් ඉන්ෆෝ මේ ලිපිය ලිය තිබු ලේකකයා ගේ පුද්ගලික නොදැනුවත්කම සහ ගංජා පිලිබදව ඔහුගේ ඇති නොදැනුවත් කම ,නොමනාපය මෙහිදී කැපී පෙනුණා.මත්ද්‍රව්‍ය ගැන දන්නා හෝ නොදන්නා රාජු වැනි ගමේ පොරක් උනත් දන්නවා මෙය  සත්‍යක්‌ නොවන බව ,රණ්ඩුවකට මොන ගොනෙක්ද 
කියන්නේ!
 .
ගංජා ගහල යන්නේ  කසිප්පු බාගයක් විතර දාගන යන්නේ නැතිව ?
සිදාදියේ පාතාලයෝ  ,මිලිටරි ,සුදු වෑන් වල පරලොව යවන අංශයේ සේවය කරන ,එතකොට
රජතුමාගේ මහසොහොන් බලකායේ එවුන්  කෘර ක්‍රියා කිරීමට කලින් 'කොකේන්' වැනි  ෂණික ආත්මශක්තිය  උපදවන මත්ද්‍රව්‍ය ගන්නවා මිස ගංජා ගහන්නේ නෑ.
*ගංජා යනු ප්‍රබල වාජිකරණයක් නිසා සමහර ස්ත්‍රී දූෂණ වලට ගෑ විය හැකිය!  
රාජු හෝ වෙන ඕනෑම මිනීමරුවෙකු මිනිමරිමෙන් අනතුරුව කලකිරීම නවතා ගැනුමට  ගංජා ගහනවා කිව්වොත් එය සත්‍යක්‌."මිනි මැරීමෙන්   අනතුරුව රාජු ගංජා ගසය්" කිව්වනම් එය නිවරදිය්.
  
ගංජා යනු දෙවියන්ගේ දකුණු  පසින් උපත ලැබූ  බව කියවෙනවා ,කලකිරීමට ගංජා යනු අමා පානයක්!
එමනිසා මෙවැනි ඩිස් ඉන්ෆෝ  සමාජය මුළා කරන  කිර්ති වර්ණකුලසුරිය  මාදිලියේ ටොපික් ,හරි විදිහට ගංජා ගැහුවනම් රාජුවා මේ ගාතනය කරන්නේ නැහැ ,උට  තේරෙනවා එහි බරපතලකම!
මෙම ලිපියේ අරමුණ ගංජා ප්‍රචලිත කිරීම නොව ඒ වටා වේලි ඇති  අන්ධ ගතානුගතික මතවාද තුරන් කොට සත්‍ය සාකච්චා කිරීමය !
WARNING; SMOKING KILLS,do not start!


මාරක සිංහල අලුත් අවුරුද්ද !

ජනාධිපතිවරයාගේ කේන්ද්‍රය යනු ලංකාවේ කේන්දරයේ ප්‍රතිවිරුද්ධ පිහිටීම  බව ලංකාවේ බොහෝ ජ්‍යතිෂයඥයින්  දනී.
ජනාධිපතිවරයා    රජවූ  වේ ලංකා භූමි කේන්දරයට සතුරු වූ නැකතක බවත් ඉන් මහජනයාට විපත් ඇති කරලිය හැකි බවත් එකල ප්‍රසිද්ද වූ කරුණක්!
එලබෙන මේ සිංහල අව්රුද්දෙ  ලිප ගිනි මෙලවීමේ ප්‍රධාන නැකත යෙදෙන්නේ හෙන්දිරික්කා මල් පුපුදින  
මළහිරු බහිනා  ගොම්මන් සමයක යැය් රාජපක්ෂ වාදී ජ්‍යතිෂයඥයින් එක හඩින් දෙන  උපදෙස්ම 
 එම නැකතේ සත්‍යතාවය පිලිබදව අප තුල  සක සංකා උපදවය් !
ජියෝතිෂය පිලිබදව අප තුල එතරම් විශ්වාසයක් නැතිඋවත්  කව්ද දන්නේ ටක්කෙටම ඒවායේ සත්‍යක්‌ ගුප්ත බලපෑමක්  නැතය්  ?
මද්යස්ත   ජ්‍යතිෂයඥයින්ගේ මතය නම් චිතකයකට ගිනි දල්වන මොහොත කෙසේවත් එහි රට වැසියාට සෙතක් අත්විය නොහැකි අසුබ බවය්.තවද ඔවුන් පෙන්වාදෙන්නේ මිනිස් බිලිපූජා මගින් ශාන්තියක්,සව්භාග්‍යක්  අත්කරගන ඇති මිසදිටු රජතුමා ප්‍රමුක මහසොහොන් බලකායේ  අභිවුර්ධිය   තහවුරු කෙරෙන මාරක නැකතක් වන මෙය සාමාන්‍ය ජනයා ට අහිතකර අගුණ  බවය්.

ශ්‍රී ලංකාවේ කලක් ජයවර්ධන හිටපු ජනාධිපතිගේ ජ්‍යෝතිෂ්‍ය ලෙස කටයුතු කරපු  ඉතාමත් කෘත හස්ත පලාපල කියන්නේකුගෙන් අප මෙම සිංහල ලිප ගිනිමෙලවීම නැකත ගැන විමසුවා. ඔහු '*තහවුරු **කරා මේ ලිප ගිනි මොලවන්නේ 'කොහොමටත් '  අසුභ වෙලාවක් බව .

මේ අරභයා සියල්ලෝ තම තමන්ගේ නුවනින් කටයුතු කරත්වා යන්න අප අදහසය !


ලිංගික අතවර පවා වූ බව කුමාර් ජාත්‍යන්තරයට කියයි

April 11, 2012 at 3:17 pm | Lanka C News.

 
(තව ලැජ්ජත් නැතුව C newsකියනවා) 

තමා රඳවාගෙන සිටි දින තුන තුළදී මාංචු දමා ඇස් බැඳ තිබූ බවත් ශාරීරික හා ලිංගික හිංසනයන්ට පවා ලක්වූ බවත් ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත් වීමක් නොවන්නට දිවි බේරා ගැනීමට නොහැකි වනු ඇති බවත් කුමාර් ගුණරත්නම් ජාත්‍යන්තර මාධ්‍යයට පවසා තිබෙන බව වාර්තා වේ.
“සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්“ පුවත් පත වාර්තා කරන්නේ මෙම මාධ්‍ය සාකච්ඡාව ඔහු ලංකාවෙන් පිටුවහල් කිරීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට උතුරින් ඇති ඔහුගේ නිවසේදී ඊයේ පස්වරුවේ පවත්වා තිබෙන බවයි.
42 හැවිරිදි ප්‍රේමකුමාර් ගුණරත්නම් නැමැත්තා නොයෙල් මුදලිගේ යන නමින් ලංකාවට පැමිණ සිටි අතර පසුව ඔහු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් පසුව මහමග දමාගොස් තිබුණි.
පසුව පොලීසිය පැවසුවේ ඔහුගේ ඉල්ලීමකට අනුව ඔහු ඕස්ට්‍රේලියාවට යැවූ බවයි.
ශ්‍රී ලංකාව විසින් ඔහු අත්අඩංගුවට නොගත් බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ පවසා තිබේ.
කෙසේවෙතත්, තමන් පැහැර ගැනීම පිළිබඳව මෙම මාධ්‍ය හමුවේදී ගුණරත්නම් ඇඟිල්ල දිගුකර තිබෙන්නේ මෙරට ආරක්ෂක අංශ වෙතටයි.
- Vimasuma.com 


ආන්ත්‍රවය්!..........තව විනාඩි කිහිපයකින් සුනාමි අනතුරක් පිළිබද අවදානමක් ! !



Tuesday 10 April 2012

”මුල්ලවයික්කාල් මිනිස් සංහාරයට ආණ්ඩුවට මූල්‍ය හා යුද්ධ ආධාර දීම අතපෙවීමක් නොවේද?


 යාපනය කතෝලික රදගුරු වසමේ යුක්තිය හා සාමය පිළිබඳ කාර්යාංශය, මැල්කම් රංජිත් රදගුරුවෙත යවන ලද විවෘත ලිපිය.
අතිගරු මැල්කම් රංජිත් කාදිනල් තුමා,
අග්‍රරාජගුරුප්‍රසාදිතුමා, කොළඹ.
අග්‍රරාජගුරුප්‍රසාදීන් වහන්ස,
රෝමානු කතෝලික සභාවේ යාපනය රදගුරු වසමේ සමස්ථ ගිහි පූජක ජනතාව නියෝජනය කරන අපි, ඔබ වහන්සේද, ඔබ වහන්සේගේ අගරදගුරු වසමේ වෙනත් අංශද උතුරු නැගෙණහිර දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලු විසඳීම අරබයා වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය හා කළමණාකාරීත්වය පිළිබද නිකුත් කරන ප්‍රකාශණයන් පිළිබදව අතිශයින් කනස්සල්ලට පත් වී සිටිමු.
පසුගිය දිනක ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද නත්තල් සාදයේදී ඔබ වහන්සේ කරන ලද කතාවෙන් අනතුරුව ද මෙවන් ලිපියක් මගින් ඔබ වහන්සේ අමතන්නට අප තුළ සුවිශාල පෙළඹවීමක් ඇති වී තිබිණී. තෙරේසා මව්තුමියගේ නිකායේ ගරු ප්‍රියා කන්‍යා සොහොයුරිය නින්දිත දේශපාලන අරමුණු මත අත්අඬංගුට ගැනීමත් සමඟම ඔබ වහන්සේ ඉතා නිවැරදී ලෙස ඊට විරෝධය පළ කරමින් නත්තල වෙනුවෙන් පැවැත්වෙන සියලු රාජ්‍ය උත්සව වලට සහභාගීවීමෙන් වළකින බවට ප්‍රතිඥා දුන්නාහුය. රජයේ මෙම කණගාටුදායක හා නින්දිත ක්‍රියාවෙන් පසු, ඔබවහන්සේගේ නත්තල් පණිවුඩය අදාළ තේමාවට සීමා කරනවා වෙනුවට, අනවශ්‍ය පිරිදි දේශපාලනය ගාවා ගනිමින් ජනාධිපතිතුමාට ප්‍රශංශා කරන්නටත්, අන්තර්ජාතික ප්‍රජාවගෙන් එතුමා ආරක්ෂා කරගන්නටත් කටයුතු කර තිබිණි.
රජයේ පෙර කී සැකකටයුතු ක්‍රියාවන්ගෙන් පසු සභානායකයෙකුගේ නිවැරදි භූමිකාව එය ද?
එම අවස්ථාවේ සභාවේ කාදිනල්වරයෙකු ලෙස ඔබවහන්සේට හිමි පූජණීය ධූරයට ගරු කිරීමක් වශයෙන් එයට විරෝධය පළකර ලිවීමෙන් වැළකුණෙමු. එහෙත් අදාළ උත්සවයට ඔබතුමා සහභාගීවීම හා ක්‍රියාකළ ආකාරය තුළ දැඩිව පිළිබිඹු වනුයේ මධ්‍යතන යුගයේදී සභාව නොමගට ඇදී යාමේ අනතුරට පත්ව දැඩි දුෂ්කරතාවයට පත්ව තිබියදීත් එකිනෙකාට මුක්කු ගැසූ සභාවේ හා රාජ්‍යයේ සම්බන්ධතාවයයි.
කෙසේ වුවද ජිනීවා හී මානව හිමිකම් කොමිසමේ මෑතකාලීන සිදු වීම් පිළිබදව ඔබවහන්සේ මෑතකදී කළ ප්‍රකාශ අපගේ හැඟීම් සහ අදහස් ඔබතුමාගේ කාරුණික අවධානය පිණිස යොමු කරන්නට අපට බල කර ඇත. කාදිනල්වරයෙකු ලෙස ඔබවහන්සේ දරන්නා වූ උතුම් නිළය විශ්වීය තනතුරක් බැවින් හුදු සිංහල බහුතරයක් ජීවත්වන ප්‍රදේශයක රදගුරුවරයෙකුට වඩා ‛‛ඒකී උතුම් තත්ත්වයට’’ සරිලන අකාරයට ඔබවහන්සේගේ චින්තනය හා ක්‍රියාව සකස් විය යුතු බව නිහතමානීව සිහිපත්කරනු කැමැත්තෙමු.
ඔබ වහන්සේ ශ්‍රී ලාංකීය රදගුරු සම්මේලනයේ ප්‍රධානියා නොවේ. එහෙත් ඔබවහන්සේගේ අදහස් අනෙක් රදගුරු තුමන්ලා විශේෂයෙන්ම යුද කලාපයන් හී දෙමළ රදගුරු තුමන්ලා විසින් දරනු ලබන අදහස් නියෝජනය කරන්නේ නැති වුවද, අග්‍රරාජගුරුප්‍රසාදීන් හා කාදිනල්වරයෙකු ලෙෂ ඔබ වහන්සේට හිමි නිළ තත්ත්වය නිසා ඔබ වහන්සේගේ ප්‍රකශය මුලු ශ්‍රී ලාංකීය සභාවේම නායකයාගේ ප්‍රකාශය ලෙස බොහෝ දෙනා වරදවා තේරුම් ගනිති.
ඔබ වහන්සේ, හඬක් නැති දීනතාවට හෙළන ලද, ව්‍යසනයට ගොදුරු වුනු මිනිසුන් වෙනුවෙන් නැගී සිටීම නිසා මරණයට පත් වුණු ජේසුස් වහන්සේගේ ජීවමාන ක්‍රියාකාරී ප්‍රාදේශීය කිතුනු සභාවක නායකයා වන්නෙහි ය. මෙවන් ප්‍රකාශයක් කරන්නට පෙර අඩුම තරමින් ඔබවහන්සේගේම රදගුරු වසමේ සාධාරණය හා මානව හිමිකම් පිළිබදව වැඩි අවධානයක් ඇති පියතුමන්ලා සමඟ සාකච්ඡා කර එම අදහස් යොදා ගන්නා ලෙස අපි යෝජනා කරමු.
අප බලන්නට පැමිණ ඇති හා මේ ප්‍රදේශයේ වත්මන් වාතාවරණය ගැන හොඳින් දන්නා ඒ බොහෝ දෙනා අපි අගය කරමු.
තීරණාත්මක 1970 දශකයේ සිටම හිටපු රදගුරු දියෝගු පිල්ලේ හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය උතුරු නැගෙණහිර ප්‍රදේශ පිළිබදව අදාළ ප්‍රදේශවල රදගුරුතුමන්ලා සමඟ කෙරෙන්නාවු විමසීමකින් තොරව ප්‍රකාශ වැනි දෑ නිකුත් නොකරන ප්‍රතිපත්තියක පිහිටා සිටියේ ය. එහෙත් ඔබවහන්සේ වැනි අයගේ ප්‍රකාශ තුළින් කතෝලික සභාවද දැන් බෙදී ඇති බවක් පිටතට පෙනෙන්නට තිබීම කණගාටුවට කරුණකි.
පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් විසින් පත් කරන ලද විශේෂඥ මණ්ඩලය සිය වාර්තාව එළිදැක්වීමත් සමඟම ඔබවහන්සේ කඩිමුඩියේම එය ‛‛අන්තර්ජාතික ප්‍රජාවේ කුමන්ත්‍රණයක්’’ බැව් කියමින් ජනාධිපතිතුමා රැකගන්නට පෙරට ආවෙහිය. ප්‍රධාන වග උත්තරකරු වූ වත්මන් ජනාධිපතිතුමා රැකගැනීමට ඔබවහන්සේ ගත් එම ලද බොළඳ උත්සහය නිසා අපි විමතියට පත් වීමු.
මෑතකදී ඔබවහන්සේ ‛‛ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීම……ශ්‍රි ලංකාවේ ස්වෛරීත්වයට හා ඒකීයත්වයට අනවශ්‍ය ලෙස අතපෙවීමක්’’ බව ප්‍රකාශ කළ බවක් වාර්තා විය. එවන් ‛‛අතපෙවීම්’’ වූ කලී මානව හිමිකම් පිළිබදව සැළකිලිමත්වන රාජ්‍යයන් හා පාර්ශවයන් විසින් කෙරෙන්නාවූ මිත්‍රශීලී සිහිපත් කිරීම් වලට පයින් ගසමින් දශක ගණනාවක් පුරාම ශ්‍රී ලංකාවේම පුරවැසියන් කොට්ඨාශයකගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් කැඳවා ගත් ඒවා බව බැගෑපත්ව සිහිපත් කරමු. මුල්ලවයික්කාල් හී මහා මිනිස් සංහාරය සඳහා ලංකා ආණ්ඩුවට මූල්‍යමය හා යුද්ධායුධ ලෙස අසීමිතව ආධාර ලැබෙද්දී, එය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ඒකීයත්වයට ‛‛අතපෙවීමක්’’ නොවූයේ කෙසේද? මහා සංහාරය සිදුවන අතරතුර ඔබවහන්සේලා එම විනාශය නොදුටුවන් සේ නිහඬව සිටි ආකාරය නොදන්නා කෙනෙක් නැත.
හිට්ලර්ගේ මහා සංහාරය සිදු වූයේද ‛‛ස්වෛරීත්වය හා ඒකීයත්වය පමණක් නොව ‛‛ප්‍රජාතන්ත්‍රවාදය’’ යැයි කියනු ලබන සංකල්පවලටද මුවා වෙමින් ය. එපමණක් නොව සිදුවෙමින් පැවති දේ ඉදිරියේ ඇස්කන් පියාගෙන සිටි ජර්මානු රදගුරුවරුන් බහුතරයකගේ නිහැඬියාවද උපයෝගි කර ගනිමින් බව ද මතක් කරනු කැමැත්තෙමු. නොහික්මුණු රාජ්‍යපාර්ශවයන් මානව හිමිකම් පිළිපැදීම කෙරෙහි පොළඹවා ගැනීමේ අරමුණ පිණිස මූලිකවම සැළසුම් වූ මානව හිමිකම් ප්‍රඥප්තිය බිහිවීම කෙරෙහි ඒකී සංහාරය සුවිශාල ලෙස බලපෑ බව එහි මූලාරම්භය දෙස බලන විට ඉතා පැහැදිලිය.
උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම ඇති කරන ලද්දේ රජය වෙත එල්ල වූ පීඩනය නිසා මෙන්ම, සිදු වූ සංහාරික අපරාධ ආවරණය කරගනු පිණිස බව සියලු ඥාණාන්විත පුද්ගලයෝ(සිංහලයන් බොහෝ දෙනෙකුද ඇතුලු) දනිති. එහි වාර්තාවද පැහැදිලිවම එකී අරමුණු සාක්ෂාත් කර ගනු පිණිස සැළසුම් වී තිබුණ ද සුභවාදී ප්‍රගතියක ප්‍රවේශයන් බවට පත් කර ගත හැකි නිර්දේශ කිහිපයක් එහි අන්තර්ගත බව අපි පිළිගනිමු. ‛‛මේකී අනිසි මැදිහත් වීම්වලට දියහැකි බලවත්ම පිළිතුර වන්නේ උගත් පාඩම් කොමිසමේ වාර්තාවේ නිර්දේශ විගස ක්‍රියාත්මක කිරීම’’ බවට ඔබවහන්සේ දරණ අදහස මෙන්ම එය ක්‍රියාත්මක කිරීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගතයුතු බවට ඔබතුමා රජයෙන් කරන්නා වූ ඉල්ලීම ගැන අපි සතුටු වෙමු.
 රජයේ පාර්ශවයෙන් ඒ සඳහා කිසිදු ප්‍රයත්නයක් නොමැති වීම ගැන අපි කණගාටු වෙමු. දෙමළ ජනතාව සියඑ ආකාරයෙන් යටපත් කිරීමෙන් පසු එවැන් අවශ්‍යතාවයක් යළි පැනනගින්නේ නැති බැවින් එතෙක් කල්මැරීම සඳහා යොදාගන්නා ලද තාවකාලික වාද්‍ය ඛණ්ඩයක් මෙය යොදා ගන්නට ඇති බවක් පෙනෙන්නට ඇත. මේ කල්මැරීම දැන් යුද්ධයේ අවසාන අදියරේ වූ ඝාතන පිළිබදව කෙරෙන හමුදා විමර්ෂණයක වේශයෙන් කරළියට පැමිණ ඇති බව වාර්තා වේ. මෙය සොරා ඇල්ලීමට සොරෙකු යෙදවීමක් වේද?
ආණ්ඩුව ලෝකයේ අවධානය වෙනතක යොමුකරනු පිණිස උතුරු නැගෙණහිර සංවර්ධනය කිරීමේ තුරුම්පුව යොදා ගනිමින් සිටී. ලැබෙන ආධාරවලින් විශාල ප්‍රමාණයක් තම වාසිය සලසා ගැනීම සඳහා යොදා ගන්නා අතර අදාල සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතිනුයේ උතුරු නැගෙණහිර ජනතාවගේ නිසි සහභාගීත්වයෙන් හෝ කළමණාකාරීත්වයෙන් තොරවය. අපට ඉක්මනින් අවශ්‍ය වන්නේ කාපටි පාරවල් හෝ බැංකු, හෝටල් හෝ නොයෙක් සංදර්ශණ නොවේ. නමුත් අවශ්‍ය වන්නේ අප ප්‍රදේශය තුළ අපගේ පැවැත්ම තහවරු කරන ක්‍රියාමාර්ග ඇති කිරීමයි. එහිදී ඕනෑම කෙනෙකුට සිට කැමැත්තෙන්ම මේ ප්‍රදේශයේ ජීවත්වීමට ඇති අයිතිය අපි ප්‍රතික්ෂේප නොකරමු. එහෙත් අප ප්‍රදේශය තුළ අපවම සුලුතරයක් බවට පත්වන ආකාරයට ජන සංයුතියට හානිකිරීමේ දුෂ්ඨ සැළසුම් සහිත ජනපදකරණය අපි ප්‍රතික්ෂේප කරමු. මෙය දිනටමත් මහා පරිමාණයෙන් වෙමින් පවතී.
ආණ්ඩුව ප්‍රතික්ෂේප කළද, අපේ අහිමිවීම් සුවිශාලය.,පිරිමැසිය නොහැකිය.., යතාර්තවාදී හා කල්පවත්නා විසඳුමක් ප්‍රමුඛ අවශ්‍යතාවය වී ඇත. එය ලඟාකර ගත හැක්කේ අවංකව කෙරෙන සත්‍ය ගවේශණයකින්, වගවීමෙන්, සාධාරණය ඉටුකිරීමෙන්, වැරදි නිවැරදි කිරීමෙන්, සමගිවීමෙන් හා අනෙක් අයගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමේන් පමණි.
 ඇත්තෙන්ම අවශ්‍ය වී ඇත්තේ, කාරයක්ෂම, විශ්වාසනීය හා අපක්ෂපාතී යාන්ත්‍රණයකි. ‛‛ධර්මිෂ්ඨකම, සාපිපාසාවන්නෝ භාග්‍යවන්තයෝය’’ කියු අප ගුරු ස්වාමීන් වහන්සේගේ මාර්ගෝපදේශය අනුගමනය කරමින් මේ අරමුණ කරා යෑම පිණිස ඔබවහන්සේගේ පූජණීය ධූරය යොදා ගන්න ලෙස අපි ආයාචනා කරමු. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශාන්ත සභාව පීඩනයට ගොදුරු වන්නන්ගේ හා හඬක් නැති වූවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඉදිරිපත්වීම වැඩි වන තරමට බාහිර මැදිහත්වීම් සහ අතපෙවීම් සඳහා ඇති අවස්ථා අඩුවන බව අපි විශ්වාස කරමු.
ක්‍රිස්තුස්වහන්සේට හා උන්වහන්සේගේ සභාවට සේවය කිරීම සඳහා යැදුමෙන් සහය වන බවට සහතික වෙමින්, ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබේ දරු, ඒ. සන්තියාපිල්ලේ( යුක්තිය හා සාමය කාර්‍යංශය)
පරිවර්තනය – අජිත හැඩ්ලි පෙරේරා
 (රාවය පුවත් පතින් උපුටා ගන්නා ලදී)
- විකල්ප