Sunday 29 April 2012

සිවරාම් නොහොත් "තාරකී" මරාදමා වසර 6 යි. ඝාතකයන් තවම නිදැල්ලේ

yukthiya.com
ඡායාරුපය - JDS








1959 යේ අගෝස්තු 11 දින මඩකලපුවේදී උපත ලද ධර්මරත්නම් සිවරාම් නොහොත් "තාරකී" 2005 වර්ෂයේ අප්‍රේල් 28 බම්බලපිටියේදී රාත්‍රී 10.30 පමණ සුදු පැහැති ජීප්රථයකින් පැහැර ගනු ලැබිණි. පසුදා උදයේ (29) දී අගනගරයේ දියවන්නා ඔය අසලින් තාරකීගේ ප්‍රාණය නිරුද්ධකළ සිරුර හමුවිය. තම මාධ්‍ය සගයෙකු වූ කුසල් පෙරේරා හමුවී "හිරු" පුවත් පත් කාර්යාලය බලා යෑමට පැමිණීමේදී සිවරාම්ව පැහැරගනු ලැබීය. සිවරාම් පැහැරගත් ජීප්රථයේ අංකය ආරම්භ වන්නේ WPG11 යනුවෙන් නම සඳහන් නොකළ මාධ්‍යවේදියෙකු එවකදී පැවසීය. සිවරාම් මාධ්‍ය කේෂත්‍රයට හඳුන්වා දෙනු ලැබුවේ රිචර්ඩ් ද සොයිසා විසින් විය. නූතන දැනුම ඔස්සේ මිලිටරි යාන්ත්‍රණයන් සහ දේශපාලන සම්බන්ධයෙක් ඉතා ගැඹුරු විග්‍රහයන් ඉදිරිපත් කළ ඔහු දෙමළ ජන සමාජයේ නූතන විද්වතෙකු විය. සාම්ප්‍රධායික දෙමළ සමාජය අතික්‍රමණය කරමින් වඩාත් පුළුල් දැක්මකින් යුතු අයෙක් විය. සිවරාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ රජයට සහ රජයේ සහය ලබන කරුණා පර්ශවය වෙතද එවකදී ඇගිල්ල දිගුවිය. විශේෂයෙන් දමිළ ජමාධ්‍යවේදීන්ට සහ සියලු ජනමාධ්‍යවේදීන්ට සැලකීමේදී රාජපක්ෂ රජය අනුගමනය කරන "සුදුවෑන්" සංකල්පයම මෙහිදී භාවිතයට ගැනීම එම සැකය වඩාත් තීර්ව කරවීය. කෙසේ නමුත් තාරකී ඝාතනය කර වසර 6 ඉකුත්වී ඇති නමුත් තවමත් තාරකී ඝාතනය කළ මිනිමරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වී නොමැත. තාරකී ඝාතනය පිළිබඳ නඩු විභාගය විවිධ හේතුමත කල් යමින් සිටින බව පෙනී යයි. සිවරාම් වැනි බුද්ධිමතෙකු, අභිත ජනමාධ්‍යවේදියෙකු ඝාතනය කිරීම දෙමළ ජනසමාජයට පිරිමැසිය නොහැකි පාඩුවකි. එදා සිවරම් ඝාතනය වෙනුවෙන් ප්‍රකාශය පත්වූ හිරු පුවත්පතේ විශේෂ කලාපයට ලිපියක් යොමුකරන, තරකීගේ සමීප අතීත මිතුරකු හා දැන් ප්‍රංශයේ තනාපති වන දයාන් ජයතිලක සඳහක් කර සිටියේ "සිංහලයන් විශ්වාස කළ අවසන් දෙමළාත් මරාදමයි " යනුවෙනි. . විශේෂයෙන් සිවරාම් එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකලාපයන් ද විවේචනයකල අතර දැන් අමාත්‍ය මුරලිදරන් හෙවත් කරුණා වෙත සිවරාම් එදා ලියන ලද විවෘත ලිපියේ සදහන් කරුණු අදටද කරුණාගේ දේශපාලන භූමිකාවට අදාලය. වාම විප්ලවාදී බලවේග ලෙස තමන්ව හඳුන්වාගත් දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණද එහි එවක ප්‍රචාරක ලේකම් වූ විමල් විරවංශද තාරකී භයානක ත්‍රස්තවාදියෙකු ලෙස නම්කිරීම මගින් ඔහු මරාදැමීමට අවශ්‍ය මතවාදය ගොඩනැගුවේය. පසුකලෙක සමස්ථ දෙමළ ජනතාව සම්බන්ධයෙන්ම එවැනි දේශපාලන පක්ෂ දැරු අදහස ඒ හා සමාන විය. එවැනි ඉතිහාසයක් දෙස ස්ව්‍යං විවේචනාත්මක හැරීබැලීමකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී ධජයේ උරුම කරුවන් වීමට දුෂ්කර බව අපි සියලු දෙනා තේරුම් ගත යුතුය. එදා සිවරාම් උතුරේ ලියු සත්‍යයට ඔවුන්ට අද දකුණේදී මුහුණ පාන්නට සිදුවී තිබේ. එම නිසා තාරකීගේ අගය අදටත් වඩා හෙටට දැනෙනු නොඅනුමානය.

No comments:

Post a Comment