Wednesday 11 April 2012

ලිංගික අතවර පවා වූ බව කුමාර් ජාත්‍යන්තරයට කියයි

April 11, 2012 at 3:17 pm | Lanka C News.

 
(තව ලැජ්ජත් නැතුව C newsකියනවා) 

තමා රඳවාගෙන සිටි දින තුන තුළදී මාංචු දමා ඇස් බැඳ තිබූ බවත් ශාරීරික හා ලිංගික හිංසනයන්ට පවා ලක්වූ බවත් ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත් වීමක් නොවන්නට දිවි බේරා ගැනීමට නොහැකි වනු ඇති බවත් කුමාර් ගුණරත්නම් ජාත්‍යන්තර මාධ්‍යයට පවසා තිබෙන බව වාර්තා වේ.
“සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්“ පුවත් පත වාර්තා කරන්නේ මෙම මාධ්‍ය සාකච්ඡාව ඔහු ලංකාවෙන් පිටුවහල් කිරීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට උතුරින් ඇති ඔහුගේ නිවසේදී ඊයේ පස්වරුවේ පවත්වා තිබෙන බවයි.
42 හැවිරිදි ප්‍රේමකුමාර් ගුණරත්නම් නැමැත්තා නොයෙල් මුදලිගේ යන නමින් ලංකාවට පැමිණ සිටි අතර පසුව ඔහු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් පසුව මහමග දමාගොස් තිබුණි.
පසුව පොලීසිය පැවසුවේ ඔහුගේ ඉල්ලීමකට අනුව ඔහු ඕස්ට්‍රේලියාවට යැවූ බවයි.
ශ්‍රී ලංකාව විසින් ඔහු අත්අඩංගුවට නොගත් බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ පවසා තිබේ.
කෙසේවෙතත්, තමන් පැහැර ගැනීම පිළිබඳව මෙම මාධ්‍ය හමුවේදී ගුණරත්නම් ඇඟිල්ල දිගුකර තිබෙන්නේ මෙරට ආරක්ෂක අංශ වෙතටයි.
- Vimasuma.com 


No comments:

Post a Comment