Tuesday 10 April 2012

ආරක්ෂක ලේකම්ගේ මදක් හීලැවීම හෙවත් කුමාර් මහත්තයා එලවා දැමීම !


සිදුවීම ආපසු බලන කල කුමාර් මහතාට පෙරටුගමින්ගේ ආරම්භක සමුළුවට සහභාගිමට නොලැබීම ඔහුගේ කර්මයක්ද?
නැතිනම් රටේ නීතිය කඩා වැටිම පිළිබද කැටපතක්ද?නැතිනම් ආරක්ෂක ලේකම් ගරු ගොටභය මැතිතුමා සහ පිරිවරගේ දැක්ම අනුව ඊළාම් ඩියාස්පෝරාව බළල් අතක් කරගන්නට සැදු කුමාර් මහතා අල්ලා හොල්ලා බියකර නැවත ආපු දීපන්කරෙටම පන්නල දැමුවද ?

අප විශ්වාස කරන්නේ මේ සියලු දේවල් එහි ගැබ්ව ඇති බවය.
අනිවාර්යෙන් මෙහිදී ආරක්ෂක ලේකම් තුමා ප්‍රධාන භූමිකාව රගපාව්ව!කුමාර් මහතා පැහැරගැන ,නැවත ඔහුව CID  ගෙනවිත් ,එතනින් ප්‍රශ්නකොට පිටුවහල් කිරීම  එතුමා ඉතාමත් සුඋක්ෂම ලෙස සිදුකල.
ඔහු මේ සිදුවීමෙන් ජාත්‍යන්තරයට එක පණිවිඩයක් දුන්නා,ඒ තමන් කියන තරම් කළු නැති යකෙකු බව සහ සුදු වැන් වලින් උස්සන කතා බොරුවක් ,යම් අත්අඩංගුවට ගැනීමක් සිදු උනානම් ඒ විදිමත් ක්‍රමයකට බවත්ය,වෙන වචනයකින් කියනවනම් තමන් ගැන සුදු හුණු පාරක් ගාගත්තා!
නමුත් විරුද්ධ වාදියගේ  හෝ ජාත්‍යන්තර මානව හිමිකම් කෝණයෙන් බලනවිට ඔහුගේ මානවහිමිකම් පිලිබදව යම් හීලාවීමක්  අනිත් අතට පෙන්නුම් කරනවා!
මෙය පෙරටුගමින්ට සිදුවූ ලැජ්ජාවක්,මදි පුංචි කමක් එක අතකට ,නමුත් ඉන් නොසැලී ඉතාමත් ජයට අරම්බක සමුළුව පවත්වා ඉන් ගොඩ යන ලදී.
නමුත් ඔවුන්ගේ පැනික් වීම, ඔවෙර් රෙඇක්ට් වීම ,බිය වීම ,කුමාර් මහතාගේ දෙමාපියන්ට ඥාතීන්ට සිදුවූ ශොකකූලය,ප්‍රසිද්ද ආයාචනා කියාපාන්නේ අද ලක් තලයේ සාමාන්‍ය ජනය කෙතරම් අසරණද කියන කාරණාව සහ කාටද කියන්නේ මේ දුක?
එම සිදුවිඉම් දහරාවම ගොටභය යුව රජ කෙතරම් බලසම්පන්නද ?අඩුම ඩිරෙක්ට් ඔහුට මේ ගැන කියන්නවත් ක්‍රමයක් තිබුනේ නැත ,අවසානයේදී කෙසේහෝ කුමාර් මහතාගේ මවහේ විලාපයට ඔහුගේ හදවත උනුවෙලා සමහර විට නිදහස් කරන්න 
ඇති ,ඒත්  එතුමාට එල්ලවී ඇති යුධ අපරාධ චෝදනා අනුව එසේ උනුවිමට හදවතක් අත්තයදා සිතාගැනීමට නොහැක!
අනිත් අතට තමන් ඇමරිකානු පුරවසියෙක්ව සිට  තවත්  ඔස්ට්‍රේලියනුවෙකුට ලංකාවේ දේශපාලනය කරන්න බැහැ යන තර්කය අප තුල විශ්මයක් ජනිත කරනු ලබය් .
එයින් තේරුම් යන්නේ එතුමා මේ රට සින්නක්කරේටම ලියාගන තියෙන්නේ ජිවිත භුක්තියටම!
මේ සමස්ත සිදුවීම් ජාලයෙන් ලේකම් තුමා සහ කුමාර් මහත්තය ප්‍රමුක පෙරටුගමින්ට  නොමිලේ
ලැබුන ප්‍රචාරය මෙතෙක් කිව නොහැක !
  


No comments:

Post a Comment