Tuesday 8 May 2012

නිදන් කොල්ලයට ‘දැයට කිරුළ’ යොදා ගෙන !



රාජපක්‍ෂවරුන්ගේ නිදන් කොල්ලය සඳහා රාජ්‍ය අනුග‍්‍රහයෙන් කි‍්‍රයාත්මක වන දැයට කිරුළ වැඩසටහනද යොදා ගෙන තිබේ. අප වෙත වාර්තා වන පරිදි පසුගිදා ‘දැයට කිරුළ’ පැවැති ඔයාමඩුව අක්කර 500 කට වැඩි පුරාවිද්‍යාත්මක භූමියෙහි මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකා රැකවරණ යටතේ නිදන් සෙවීමේ කැනීම් සිදු කෙරෙමින් පවතී.
‘දැයට කිරුළ’ උත්සවය පැවැති භූමියෙහි ගොවීන්ගේ වී රැස් කර තැබීම සඳහා වී ගබඩාවක් සාදන බව කියමින් පසුගියදා යකඩ තහඩුවලින් සැකසූ කූඩාරමක් ආරක්‍ෂක හමුදාවන් විසින් ඉදි කළ අතර, එය විවෘත කරනු ලැබුවේ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසිනි. එහෙත් එය විවෘත කළ පසු මේ දක්වා කිසිදු වී ලොරියක් එම ස්ථානයට පැමිණ නැත.
එහෙත් එම ප‍්‍රදේශය යකඩ තහඩුවලින් වට කර ඒ තුළට කිසිවෙකුට ඇතුළුවීමට නොහැකි වන සේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් යොදවා තිබේ. එම වට කළ ප‍්‍රදේශය තුළ නිදන් සෙවීමේ කැනීම් අඛණ්ඩව සිදු වෙමින් පවතී.
පසුගියදා ආන්දෝලනයට ලක් වූ සිවලාපිටිය නිදන් කොල්ලයට සහභාගි වී ඇත්තේද ඔයාමඩුවට අනුයුක්ත කර සිටින රාජපක්‍ෂවාදී පොලිස් විශේෂ කාර්ය බළකා පිරිසකි.
2013 ‘දැයට කිරුළ’ වැඩසටහන අම්පාර ප‍්‍රදේශයේ පැවැත්වීමට මේ වන විට තීරණය කර ඇති අතර, ඒ සඳහා යොදා ගෙන ඇත්තේද පුරාවිද්‍යාත්මක භූමියකි.

lankanewsweb.com


No comments:

Post a Comment