Monday 7 May 2012

ධනේෂ්වර වෙළඳපොළ තුළ "දඹුලු ගොස් තලගොයි මැරීම"


ජාතිකවාදයක් ගොඩනැගෙන්නේ දුර්වල ආර්ථිකයක් ඇති රටවල් වලය. ඒ සීමාසහිත වෙළඳපල බෙදාගැනීමේ තරගය නිසාය. ලංකාවේ කොළඹ නගරයේ වෙළදපලින් වැඩි කොටස් අත් කරගෙන සිටින්නේ දෙමළ හා මුස්ලිම් ඉතා සීමිත කිහිප දෙනෙකු විසිනි. (එය ජාතියක් නොව මිනිසුන් කිහිප දෙනෙකි) එය මීට අවුරුදු දහසකට පෙර ද පැවැති තත්වය මිස අලුත් තත්වයක් නොවේ. මින් අදහස් කරන්නේ එම පිරිස පමණක් මෙම වෙළඳපල අල්ලා ගත යුතු බව නොවේ. එය සිදු වන්නේ නිදහස් තරගය විසිනි.
නමුත් නොදියුනු පිරිහුනු හා වැඩවසම් දූෂිත සමාජයක නිදහස් තරගයට අමතරව වරින් වර ජාතිවාදය, ආගම ආදී නොදියුණු උපක්‍රම භාවිතා කරති. මෙම උපක්‍රමදියුණු රටවල් විසින් ද අප වැනි දුප්පත් රටවලට එරෙහිව යොදා ගනිති.(අප්‍රිකානු ගෝත්‍ර දහස් ගණන් මිය යන්නේද, මැද පෙරදිග රටවල යුද්ධ ඇති වන්නේ ද මෙම පාවිච්චී කිරීම් නිසා ය. ) නමුත් මෙම උපක්‍රම මගින් වෙළඳපල කොටස අත් වෙනවා වෙනුවට සිදු වන්නේ ඉතා දුප්පත්, මෝඩ සාමාන්‍ය  මිනිසුන් මිය යාමයි (උතුරේ යුද්ධයේදී සිංහල දෙමළ තරුණයින් මිය ගියා මෙන්..) ලංකාව දැන් අර අදින්නේ මෙවැනි ගොඩනැංවීමක් වෙනුවෙනි.
ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව ලංකාවේ වෙළදපොළ තුල කැපී පෙනෙන වෙනස්කම් රාශියක් සිදු විය. ලංකාවේ යුද්ධය අවසන් කරන ලද්දේ ද මෙම වෙළඳපොළ කොටස කෙරෙහි කෙල හලමිනි. (උතුර හා නැගෙනහිර දැනට සිදුවන සියළු සංවර්ධන හා වෙළඳපල කොටස් වල හිමිකරුවන් දකුනේ සිංහල බෞද්ධයින්ය.) මෙම වෙළඳපොළ උඩු යටිකුරු කරන්නට මිලිටරි බලය ඇති සහ දේශපාලන බලය ඇති අයට උවමනා විය. මේ සදහා භාවිතා කරන ලද්දේ එල්ටීටීඊ මුදල් ය.
ලංකාවේ වෙළදපොළ කොටස අත්කරගැනීම සදහා සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලන ප්‍රවණතාවය හා සිංහල දක්ෂිණාංශික මිලිටරි මූලික කොටසට උවමනා විය.  මෙම පිරිසට අලුතෙන් එකතු වූයේ ඉතා ග්‍රාම්‍ය  මෙන්ම නොදියුණු හම්බන්තොට හා ආශ්‍රිත පහත් කොටස් ය. මෙය කදිම ගජමිතුරු සුසංයෝගයක් විය. මූලික වශ‍යෙන්ම තර්ජනය එල්ල වූයේ දෙමළ මුදල් හිමියන් වෙතයි. කොළඹ ජීවත් වූ දෙමළ මුදලාලිලාගෙන් කප්පම් ඉල්ලීම් ගණනක් ඇති විය. මේ පිටුපස සිටියේ ආණ්ඩුවට සම්බන්ධ පිරිස්ය. දෙමළ මුදලාලිලා යම් ආකාරයකට පාලනය කිරීම සාර්ථකව සිදු විය. ඉන් පසුව ඔවුන්ගේ ඉලක්කය වූයේ මුස්ලිම් වෙළඳ ප්‍රජාවයි.
ලංකාවේ වෙළඳාමෙන් වැඩි කොටසක් කරන්නේ මුස්ලිම් ජාතිකයින් විසිනි. එය සියවස් ගණනක සිට ඇති තත්වයකි. වෙළඳපොළ මූලික ආර්ථික රටාවක් පැමිණෙන විට එහි දක්ෂතා ඇති අය වෙළදපොළ අල්ලා ගන්නවා යන්න සරල සාමාන්‍ය සත්‍යයකි. එම සත්‍යය තුල ලංකාවේ මුස්ලිම් මිනිසුන් විසින් වෙළඳපල වැඩි කොටසක් අත් කරගන්නා ලදී. නමුත් මේ සියල්ල කරන ලද්දේ සමස්ත මුස්ලිම් මිනිසුන් විසින් නොව මුස්ලිම් සුලුතරයක් විසිනි. සිංහල බෞද්ධයින් අතර ද මෙය සිදු කරන්නේ ඉතා සීමිත පිරිසක් විසිනි. (දේශපාලඥයින් සේ වෙස් වලාගත් ජාවාරම්කරුවන්, මිලිටරි බලය ඇති හීනමානික මුදල් සොයන්නන්, ආගමික පූජකයින්.) මේ අතින් ගෙන බලන විට මේ සදහා සම්බන්ධ වන දෙපිරිසේම සම ලක්ෂන පෙන්වයි. මේ දෙකොටසම සාමාන්‍ය ජනතාවට අයත් වන්නේ නැත.
ජාතිවාදයේ ආරම්භකයින් කිසි විටෙක සාමාන්‍යය ජනතාවට අයත් වන්නේ නැත. ඔවුන් අයත් වන්නේ ආගමික පූජකයෙක්, ජාවාරම්කරුවෙක්, දූෂිත දේශපාලඥයෙක්, හීනමානික උගතෙක් යන කොටස් වලටය. මෙම කොටස් වල පොදු ලක්ෂණ කිහිපයක් ඇත. මේ සෑම කෙනක්ම මහජනතාවගෙන් හම්බ කරගනිමින් ඔවුන්ව හැම විටම රවටනු ලැබූ අය වෙති. උදාහරණ වශයෙන් හාමුදුරුවන්ට කන්න දෙන්නේ සාමාන්‍ය මිනිසුන් හරි හම්බ කරගත් දෙයිනි. ජාවාරම්කරුවනගේ ඉලක්කය වන්නේ සාමාන්‍ය  ජනතාවගේ මුදල් පසුම්බිය පික් ගැහීමයි. දේශපාලඥයා කිසිදු හිරිකිතයකින් තොරව ජනතාවගේ ඡන්දය ලබාගෙන ජනතාවටම කෙලවන කෙනෙකි. හීනමානික උගතා සමාජය හා සංස්කෘතිය (ජනතාව සතු දැනුම) ලබාගෙන එය සිය ඊනියා පිම්බීම වෙනුවෙන් මෙහෙයවයි. ලංකාවේ මේ සදහා මෑතකදී සම්බන්ධ වූ අලුත්ම පැලැන්තිය නම් මිලිටරි තරුකාරයින් ය. මේ පිරිසද දැඩි හීනමානයකින් හා මුදල් උවමනාවකින් පෙලේ. මෙම සුලුතර පිරිස විසින් ලංකාවේ ජාතිවාදය අවුස්සනු ලැබේ. ඒ අන් කිසිවක් සදහා නොව සිය තත්වය ආරක්ෂා කරගැනීම හා බඩ වඩා ගැනීම වෙනුවෙනි.
ලංකාවේ වර්තමාන ජාතිවාදයේ ආරම්භක පිරිස්

1.      හීනමානික ආගමික පූජකයින්,
2.      ජාවාරම්කරුවන්,
3.      දූෂිත දේශපාලඥයින්,
4.      හීනමානික උගතුන්
5.      හීනමානික මිලිටරිකාරයින්
 මෙම පිරිස් ජාතීන් සෑම එකකම පොදුවේ සිටිති. මුදල් හිමි  මුස්ලිම් සුලුතරය ද ඉස්ලාම් ආගමික පල්ලිය අතරද ඇත්තේ, ඉහත කී සිංහල බෞද්ධ ජාතිවාදීන්, ධනේෂ්වර පන්සල්, ආණ්ඩුවේ පිරිස් හා දේශපාලඥයින් අතර වන සම්බන්ධය වැනි සම්බන්ධයකි. මෙම මුදල්කාර දෙපිරිසම ආගම ඔවුන්ගේ මුදල් ආරක්ෂා කරගැනීම සදහා භාවිතා කරති. එසේම උගත් මන්ද බුද්ධික කොටස් මෙම මුදල් ආරක්ෂා කරන්නන්ගේ මතවාදය සැකසීම සදහා යොදා ගනිති. (මහරාජා සංවිධානයේ කිංස්ලි, ආණ්ඩුවේ ජැක්සන් ඇන්තනි, ජේආර්පී. සූ)
මිනිසුන් යම් වෘත්තියක ජීවත් වන විට එම වෘත්තීය කාර්යභාරය නිසි ලෙස ඉටු කරන විට වෙනත් දෙයක් ගැන සිතීමට කාලයක් ඉතිරි වන්නේ නැත. ජාතිවාදය එදිනෙදා කුලී කරන මිනිසුන්ට අවශ්‍ය නැත. ඔවුන් එය නොසලකා හරිනු ඇත. නමුත් සමාජීය වශයෙන් හැම කුණු ගොඩක්ම බාර ගන්නට සිදුව ඇති ලාංකීය රැකියා විරහිත තරුණයින්ට මෙම කුනු ගොඩද ඉහලින් බාරගෙන සිටිති. ලංකාවේ රැකියා විරහිත සුළු ධනේෂ්වර තරුණ කොටස් ජීවත් වේ. ඔවුන්ගේ රැකියා විරහිතභාවයට හේතු ලෙස ඔවුන් කිසි විටෙක ආණ්ඩුවට චෝදනා කරන්නේ නැත. ඒ වෙනුවට අල්ලා ගන්නේ මෙවැනි ජාතිවාදී අදහස්ය. මෙම පිරිසට ගමක සිටින ත්‍රීවීල් කන්ඩායම් මූලික වශයෙන්ම අයත් වේ. (මොවුන් කාලයක් ගමේ චණ්ඩි බවට ද පත්ව සිටියහ. ජවිපෙ ක්‍රියාකාරිකයන් ව සිටියේ ද මොවුන්මය. අවුරුද්ද පැමිනෙන විට අවුරුදු අත්සව කරන මොවුහු වෙසක් පැමිනි විට මිනිසුන්ගෙන් මුදල් ඉල්ලා දන්සල් දමති. මේ අයගේ ද පොදු ලක්ෂණය වන්නේ නිදහස් කාලයක් තිබීමයි. )
සමාජය තුළ ජීවත් වන ශ්‍රමය නොවෙහසන පිරිස් ඉතා සුළු පිරිසකට ජාතිවාදය අවශ්‍යම වී ඇත. ඒ එක්තරා ආකාරයකට ඔවුන්ගේ හීනමානය වසා ගැනීම වෙනුවෙනි. තවත් ආකාරයකට සිය පැවැත්ම වෙනුවෙනි. ජාතිවාදයක් සමග ආගම ද එකසේ කෙලින් සිටගනු ලැබේ. ඇතම් විට ජාතිවාදය හා ආගම්වාදය එකිනෙක වෙනස් කල නොහැකි අන්දමට එකතු වී ඇත. ජාතිවාදය අවුලුවන්නන්ගේ හීනමානය කුමක්ද? මෙහි කොටස් දෙකකි.
එකක් නම් පුද්ගලිකව සමාජය තුල මේ අය සතුව බලයක් නොමැති වීමයි. උදාහරණ වශයෙන් ගෝලීය ආර්ථිකය පැමිනි පසු සිංහල භික්ෂුන් වහන්සේලාට හා හින්දු කුරුක්කල්වරුන්ට සමාජය තුල අදාල තැන නැති වන්නට විය. (මෙය කතෝලික පූජකවරුන්ට හා ඉස්ලාම් මවුලවි වරුන්ට අදාල වන්නේ අඩුවෙනි) මේ පිරිස මෙය වලක්වාගනු පිනිස වැඩි දුර ඉගෙනීමට හා රැකියා කිරීමට පටන් ගත්හ. නමුත් මේ පිරිස පැරනි සමාජයට බැඳ තිබූ පුරුක් ගැලවී නොගිය තැන මේ අයට සමාජයේ ඉඩක් නොමැති විය. එවිට ඔවුන් විසින් ජාතිවාදය නැමති ඉතාම භයානක සහ ඇවිලෙන සුළු ගිනි පන්දම අත‍ට ගත්හ. එය ඔවුන්ගේ රැස් වළල්ල කොට ගත්හ.
අනෙක් කොටස වන්නේ පොදුවේ සිදුවන වෙළඳපල ආක්ර මනය නිසා සිය ගොදුරු බිම් නැතිවන පැරනි වැඩවසම්වාදී කොටස් වෙතය. එම කොටස් වලට ආගම් හා ජාතිවාදීන් මෙන්ම වැඩවසම් ව්යු හ වල (නිකාය හා පන්සල් වැනි) කොටස් අයත් වේ. (මැජික් කාරයින් මිනිසුන් සරල දෙයින් විශ්මිත කරනු නොහැකි විට කඩු ගිලිති.

නැත්නම් ඔවුන්ට මුදල් හිමි වනනේ නැත.) ඒ ආකාරයට මේ පිරිස ගම තුල මාධ්‍ය නාලිකා තුල සිය අවසන්ව වැරහැලි වූ පෞරුෂය විදහා පාන්නට ජාතිවාදය භාවිතා කරති. (ලංකාව වැනි රටක දියුණු ධනේෂ්වර වෙනස්කම් සිදු වී නොමැති නිසා මෙම ජාතිවාදය අවශ්‍ය ඕනෑම විටෙක එලියට ගැනීමට හැකිය.) මෙම සෙල්ලමෙන් පසු ඔවුහු සිය වලව් - පන්සල් වලට රිංගති. පාරේ ඉන්න සිංහල කොල්ලන් මුස්ලිම් කොල්ලන් හා ගහ ගනිති. සාදුකාර දෙමින් පල්ලි කඩති. සිකුරාදා පල්ලියේ මේ ගැන මව්ලවි තුමන්ලා කතා වෙති. අහෝ දුකකි. කොල්ලන්ගේ ඔලු පැලෙති. (මෙම ඔලු පලාගන්නා කොලු හාමුදුරුවරුවන්ට, සිංහල කොල්ලන්ට හට හා මුස්ලිම් කොල්ලන්ට නිශ්චිත වැඩක් හෝ ඉලක්කයක් නැත.) මෙවැනි පිරිස් ලංකාවේ අතීතයේ සිට මේ දක්වා කොස් ඇට බැවීම සදහා භාවිතා කරන ලදි. (ආමි එකට බැඳී මැරුනේද මෙවැනි කොල්ලන්මය, ජවිපේ 89 ද මෙසේමය.. දැනුත්....) ජාතිවාදයක් අවශ්‍ය වන පිරිස් ඇත්තේ සුළු පිරිසකි. ලංකාවේ හැටියට නම් ඒ උගත් වැඩවසම් අර්ධ නාගරික පන්තියට සහ ජාවාරම්කාර වෙළෙන්දන්ටය.  මෙම ජාවාරම්කාර වෙළද කොටස ලංකාවේ පසුගිය දශක කිහිපය පුරා වෙනස් විය. මේ වනවිට එහි මුදුනට පැමිනෙන්නට තැත් කරන්නේ මුස්ලිම්, දෙමළ හා සිංහල වර්ගෝත්තමවාදී කොටස් ය. මේ වන විට ලාංකීය සමස්ත වෙළදපොළ කොටසෙන් බහුතරයක් අත් කරගනිමින් සිටින්නේ දේශපාලනය හරහා වෙළඳාමට පැමිණී පිරිස් විසිනි. මෙම පිරිස් වල බහුතර බලය සිංහල හා යුරෝපා විදේශිකයින්ට වන අතර මෙම බලය ගොඩනැගීම සදහා සම්පූර්ණයෙන්ම ආණ්ඩු බලය  හා මිලිටරි බලය බාවිතා කරයි. මෙයසිංහල දෙමළ හා මුස්ලිම් යන කොටස් තුනටම පොදු අදහසකි.
ලංකාවේ වෙළඳ පන්තියේ බලය මෙතෙක් කල් තිබුණේ යූඇන්පී මූලික කරගත් පිරිසක් වටාය. මෙම පිරිස ජාතිවාදයට උඩගෙඩි දුන්නද සෘජුව එසේ කිරීමට අකමැති වන්නේ ඔවුන්ගේ ඡන්ද කොටස් වල මුස්ලිම් හා දෙමළ ඡන්ද ඇති බැවිනි.  අද වන විට මෙය වෙනස්ව තිබේ. ලංකාවේ ආර්ථිකය මේ දක්වා විනාශ කර ඇත්තේ ද එහි සමස්ථ සූරාකෑම ඇති කරන්නේ ද ‍මෙම නව වෙළඳ පන්තිය විසිනි. මෙම පන්තියේ ලක්ෂණය වන්නේ වෙළඳපල තුල ඔවුන් හට සම්පූර්ණයෙන්ම හැසිරීමට අදාල පෞරුෂයක් නොමැති වීමයි. (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් පිරිසකගේ මෙම හීනමානය තවම ඇත.) මෙම පෞරුෂ නොමැති තත්වය නිසා ඔවුන් සිය බැබැලීම සදහා භාවිතා කරන්නේ වුන්ට නැටිය හැකි මඩ ගොඩකි. එම මඩගොඩ වන්නේ ජාතිවාදය හා ආගම්වාදයයි. මේ
තුල ඕනෑම බල්ලෙකුට ඉඩ ඇත. (එය ආගම් වල ස්වභාවයයි) අතීතයේ මෙය මඩ ගොඩක්නොව ඒ ඒ සමාජය සදහා මග පෙන්වන ලද තක්සලාවන් විය. ඒ වැඩවසම් සමාජය තුලය.

නමුත් මේ වන විට ආගම හා ජාතිකත්වය යන ඒවා හුදෙක් පාරම්පරික හමස්කඩ බවට පත්ව තිබේ. එය ඒ තරමින්ම මේ වන විට සමාජයට නොගැලපෙන දෙයක් බවට පත් වී ඇත. මෙය භාවිතා කරන කිසියම් කෙනෙක් වේ ද? ඔහු හෝ ඇය හෝ එම සංවිධානයට කොන්දක් නැති බව ඉතා සෘජුව ප්‍රකාශ කල හැකිය. (සුරදූතයන් පය නොගහන තැන් වල මෝඩයින් පිනුම් ගහනවාලු) මේ වන විට ඒ සියළු ඒවා රස්තියාදුකාර හීනමානික ඉහත කී පිරිස් වල වෛරය හා ක්‍රෝධය නිෂ්පාදනය කරන කම්හල් බවට පත්ව තිබේ. මෙම කම්හල් වල ඇණ මුරිච්චි බවට පත්ව ඇත්තේ ග්රායමීය රැකියා විරහිත ඉහත කී තරුණ කොටස් ය. (ඔබාමාට සිංහලෙන් කුණුහරුප ලියන්නේ ද මේ පිරිසයි)
ලංකාවේ බහුතරයක් මෙම අවස්ථාවන් පසුකර ගොස් ඇත. එහි අති බහුතරයක් ඇත්තේ විදේශගත වී ය. ඔවුන්ගේ ජීවිතය මෙයට අදාල නොවුනද මෙකී විහිලුකාර පිරිස් වලට මුල්‍යාධාර ලබා දෙති. මෙය පසුකර ගොස් සිටින පිරිස් විවිධ ආකාරයේ යම් ආකාරයකට දියුණු හෝ වෙනස්ව  හිතන නව්යමතාවය ගැන අදහස් ඇති පිරිස් මෙම මඩ ගොඩේ වැතිරෙන්නේ නැත. අඩු තරමින් ඔවුන් යුරෝපා රටක වැඩකට හෝ පැන ගනිති.
මෙහි ආරම්භය 56 සහ ඊට එහා ඕල්කට් යුගය දක්වා විහිදේ. ඒ බ්‍රිතාන්‍ය ටත්විජිතවාදයට එරෙහිව ගොඩනැගුණු (ශක්තිමත් නැති) ජාතික ව්‍යාපාරයේ පසුගාමී කොටසක් වශයෙනි. යම් රටක් සිය ජාතික සටන මෙහෙයවිය යුත්තේ අතීතය වෙනුවෙන් නොව අනාගතය වෙනුවෙනි. නමුත් ලංකාවේ ඉන්දියාවේ මෙන් කිසිදු ශක්තිමත් පදනම් නොමැතිවීම නිසා ජාතික නිදහස් අරගලය (යැයි කියන) දේ සිදුවූයේ වත් නැත. නමුත් ඒ සදහා වන සූදානම් වීමේදී ආයුධ නොමැති නිසා ඔවුන් විසින් භාවිතා කරන ලද්දේ දුප්පත් බුදුදහමත්, පැරණි ඉතිහාසයත් ආදී
දේවල් ය. මේ දේවල් යුරෝපා ජාතීන්ට පාඩම් ඉගැන්වීමට භ‍ාවිතා කරන්නට තරම් ශක්තිමත් ආයුද නොවීය. නමුත් සිය ප්රවතිවාදියා ලෙස හඳුනා ගත් අනෙක් ජාතීන්ට විරුද්ධව බාවිතා කරන්නට විය. (ගම් වල චණ්ඩි සමග රණ්ඩු වන්නට ගොස් බය වන අය ඉන් පසුව එම වාඩුව ගන්නේ ඔහුට වඩා බලයෙන් අඩු කිසිවෙකුට
චණ්ඩිපාට් දැමීම මගිනි..) මෙම වැඩසටහන සදහා ජාත්‍යාන්තර වැඩසටනක් ද විය. එහි නායකත්වයන් සපයන ලද්දේ සීඅයිඒ නියෝජිත ඕල්කට් හා එවැනි විදේශකයින් පිරිසකි. දකුණ මූලික කරගෙන ගොඩනැගුණු ලංකාවේ සිංහල මුදලාලි පැලැන්තියේ ආශිර්වාදය ද මෙයට ලැබුණි. එහි ක්‍රියාකාරීම පුද්ගලයා ධර්මපාල ය.  මේ වකවානුව තුල ද කොළඹ වෙළඳපොළ පිලිබඳව ඇතුලෙන් තරගයක් තිබුනි. එහි සිංහල කොටස නියෝජනය කරන ලද්දේ අගනාගරික (අනගාරික නොව) ධර්මපාල විසිනි. ධර්මපාල අධිරාජ්යය විරෝධියෙකුටත් වඩාඅන්‍ය ජාති විරෝධියෙකි. ඒ ඔහුගේ මධ්‍යම පාන්තික චින්තනයයි. ඔහු විසින් නව බුදු දහමකට අදාල කතෝලික මෝස්තර ගෙන එමින් බුදුදහම මොඩිෆයි කරන ලදී. ඒ තුල ව්‍යවහාරික වශයෙන් ඔහු යුරෝපා ලැදියෙකු විය. ව්‍යවහාරික වශයෙන් අන්‍ය ජාතීන් පිලිකෙව් කරන්නෙකු විය. මෙම හීනමානිකතාවය අද වන තෙක් ම ලාංකීය සිංහල බෞද්ධ සන්ධර්භයේ ඇත. ඕල්කොට් පිළිගන්නා ඔවුන් ආරුමුග නවලාර් පිලිගන්නේ නැත. බ්ලැවැට්ස්කි පිලි ගන්නා ඔවුහු ආනන්ද කුමාරස්වාමි පිලිගන්නේ නැත. මෙහි අති සංකීර්ණ කාරනයක් නැත. මෙහි ඇත්තේ හීනමානික
ඉරිසියාවක් පමණි.
බෙදිම සදහා ජාතිවාදය පලමු වරට පාවිච්චි කරන ලද්දේ , බ්‍රිතාන්‍ය යටත්විජිත වලින් නිදහස් වන කාලසීමාව තුල ගෙන එන ලද්දේ උඩරට සිංහලයින් විසිනි. ලංකාවේ බෙදීම් සම්ප්‍රදායේ බිජුවට ඉසින ලද්දේ මේ මෝඩ උඩරට
රදලයින් විසිනි. මේ වන විට එකතු වි සිටින උඩරට හා පහතරට සිංහල බෞද්ධයින් ඒ දින වල එකතුව සිටියේ නැත. යටත්විජිත යුගයේ ධර්මපාල හා ඕල්කොට් ආදීන්විසින් ඇති කරන ලද පදනමට උඩගෙඩි දීමට යම් බාවිතයන් උඩරටින් ලැබුණි. මේ වන විට දකුණ වෙනස් මගක් ගෙන තිබුන බවට අනුමාන කල හැකිය (ඒ ගැන අධ්‍යයන ඉඩක් තබමි) බෙදීම සම්බන්ධයෙන් අඩු තරමින් හෝ දෙමළ හෝ මුස්ලිම් පිරිස හෝ මෙයට අනුකූලතාවයක් දක්වා සිටියේ නැත. මෙම නුවර පිරිසගේ අදහස වැඩවසම්වාදී පසුගාමි කුල අදහසකි.  මෙම බෙදීම් වෙනස් කරන ලද්දේ එකල සිටි දෙමළ නායකයින් විසිනි. ලංකාව තුල නිදහසක් තිබුනේ හෝ නිදහසක් ලැබුනේ නැත. ඒ යාන්ත්‍රික පරිපාලන නිදහසක් පමනි. අනෙක් කාරනය බ්රිදතාන්ය යා විසින් ලංකාව කිසි විටෙකත් ධනේෂ්වරයකට ඔසවා තැබීම සදහා වන සමාජ උවමනාවකින් ක්රිදයා කලේ නැත. ක්‍රියා කරන ලද්දේ හුදෙක් ආර්ථික හා සූරාකෑමේ අරමුණකින් නිසා, ගෙඩිය ඇතුලෙන් නරක් විය. පිටතින් පොත්ත පෙන්වා කුණුගොඩක් නිදහස ලෙස බාර දෙන ලදී.
ඉතිරි වූ සමාජ ආර්ථික දේහය පාන් නොවන පිටිත් නොවන අතරමැද එකක් විය. පිටිත් පානුත් නොවන කල එයින් කිසිදු වැඩක් ගත නොහැකිය. ලංකාවට සිය තත්ව මුල සිට සලකා බැලීමට කදිම අවස්ථාවක් ඇති විය. නමුත් මේ වන විටම කොම්ප්‍රදෝරු ධනපති පාලක පන්තියට අවශ්‍ය වූයේ වෙනස්කම් සිදු කිරීමට නොව තම භාව ලීල පාමින් කලු යුරෝපා රජෙක් බවට පත්වීමටය. මේ සදහා ඩී එස් සේනානයක විකට භූමිකාවක් රඟපාන ලදී. නමුත් ලාංකීය පදනම ජාතික වශයෙන් ගොඩනැගිය හැකි තරමින් අවකාශ තිබිනි. කිසිදු දේශපාලනික හේතුවක් නොමැතිව ලාංකීය දක්ෂණාංශය බණ්ඩාරනායක විසින් කඩන ලදී. (ඒ වන විට හේතු නොමැති තත්වයක් තුල ඔහු හට අල්ලා ගත හැකි වූයේ ජරපත් සංස්කෘතිය හා ජාතිකවාදය හා අගමයි) එතැන් සිට මේ දක්වා ලංකාවේ දේශපාලනය සංස්කෘතික දේශපාලනයක් බවට පත්විය. එහි ප්රොතිඵල වූයේ ලංකාව සිය බලයට පත්වන හැම විටම දහස් ගණනකගේ ලේ මැදින් බලය ලබාගැනීමයි. මේ සා බුදු දහම නිර්මලත්වය ගැන කතා කරන රටේ දේශපාලනික වශයෙන් ලක්ෂ 2කට ආසන්න පිරිසක් මරා දමා ඇත. මරා ආසන්නතම ජවනිකාව පැවැත්වූයේ නන්දිකඩාල් කලපුවෙනි. දැන් නැවත වතාවක් නලුවන් සොයමින් දඹූල්ල පීරයි. මේ ඊ ළග වතාවට ලංකාවේ මිනිස් බිල්ල ගැනීමට අත වනන මාරයින් දර්ශනය වන අසුබ මොහොතයි


No comments:

Post a Comment