Tuesday 15 May 2012

"මුල්ලිවෛයික්කාල් අපගේ අවසානය නොවේ"

yukthiya.com

මුල්ලිවෛයිකාල්හිදී අපගේ ජනතාව කෲර ලෙස මරාදැමූවද, අපගේ නිදහස සඳහා වනු නොනිමි අරගලය අවසන් වන්නේ නොමැත.  යනුවෙන් පෝස්ටර් පෙළක් ඊයේ රාත්‍රියේදී යාපනය විශ්වවිද්‍යාලය පුරා අලවා තිබුණි.
මුල්ලිවෛයිකාල් ප්‍රදේශයේදී 40,000 ක පමණ දමිළ ජනතාවක් ඝාතනය කරනු ලැබූ අතර ඉතිරිව ජීවත්ව සිටින ජනතාවද සිටින්නේ දැඩි හමුදා පාලනයක් සහ ඉතා අවම පහසුකම් යටතේය. විශේෂයෙන් මෙවැනි වටපිටායක් තුළ තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කිරීම හැර එම දමිළ ජනයාට තම නිදහස උදෙසා අන්මාර්ගයක් නොමැති තැනකට පත්වී ඇත.
තම නිදිහස උදෙසා අරලග කිරීම හැර අන්මාර්ගයක් නොමැතිය යන්න රාජපක්ෂ රෙජීමය එම ජනතාව ඉදිරියේ නැවත නැවත ස්තීර කොට ඇත.
මේ මැයි මස  19 වැනිදාට "මුල්ලිවෛයිකාල් සංහාරයට" වසර තුනක් ගතවේ.
එම පෝසටර්වල සඳහන් වන්නේ
"අපගේ අයිතිවාසිකම් සඳහා ද යුක්තිය සඳහාද නැගීසිටිමු"
"මුල්ලිවෛයික්කාල් අපගේ අවසානය නොවේ"


No comments:

Post a Comment