Saturday 12 May 2012

ගෝනගංආර පොලිස් ස්ථානාධිපති නිදන් ගැනීමට ගොස් මාට්ටු !

මොණරාගල, කොලොන්වින්න ධනඋල්පත් විහාරස්ථානයේ චෛත්‍යයේ පාදම කඩා එහි වූ නිධානයක් ගැනීමට සූදානම් වූ මොණරාගල, ගෝනගංආර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසට එම ප්‍රදේශයේ ජනතාව අවදියෙන් සිටීම නිසා බොරු ගොතා කියමින් පසුබසින්නට සිදුවිය.

එම සිදුවීම විස්තර කල විහාරාධිපති ස්වාමීන් වහන්සේ.
විහාරය පිහිටලා තියෙන්නේ කැලෑබඳ ප්‍රදේශයක. එම ප්‍රදේශයේ කිලෝමිටර් 2 ක් පමණ යනතුරු මිනිස් වාසයෙන් තොරයි. මෙම චෛත්‍ය මීට පෙරත් කිසියම් පිරිසක් හාරලා තිබෙනවා. ඒ නිසාම දැන් චෛතයක් නෑ. එතැන ඇත්තේ පස් ගොඩක් පමණයි. නමුත් එම වතාවේ ඔවුන්ට  චෛත්‍යයේ පාදම කොටස හෑරීමට කුමක් හෝ කරුණක් නිසා නොහැකි වී තිබෙනවා.

මේ පිළිබඳ අප පසුගිය 3 වැනිදා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවය පැමිණිලි කලා. මොකද මේ පන්සලේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත දෙවල් පාලනය වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිසා. ඉන්පසුව එම නිළධාරීන් මොණරාගල පොලීසියට පැමිණිල්ලක් කරනු ලැබුවා.

එසේ තිබියදී තමයි පෙරේදා(09) වැනිදා ගෝණගංආර පොලීසියේ පොලිස් ස්ථානාධිපති සහ පිරිසක් පැමිණෙන්නේ අර චෛත්‍යයේ පාදම හෑරීමට. එයින්ම එකක් පැහැදිලි වෙනවා මීට පෙර මේක හාරලා තියෙන්නෙත් ඒ ගොල්ලොම කියලා.නමුත් මෙවර ගම්මු අවදියෙන් සිටිනිසා 119 කථා කරලා ඔවුන්ව ගම්මුන් විසින් වටකරනු ලැබුවා.  ඒ අවස්ථාවේ ගෝණගංආර පොලිස් ස්ථානාධිපතිවරයා පැවසූයේ 89 කළබල කාලයේ සැඟවූ ආයුධ තොගයක් සෙවීමට තමන් ඇතුළු පිරිස පැමිණි  බවයි.

ඒ ඉතාම පැහැදිලියි මෙවුන් පැමිණිමේ අරමුණ කුමක්ද කියා යනුවෙන් එම ස්වාමීන්වහන්සේ තවදුරටත් පැවසීය.


No comments:

Post a Comment