Friday 11 May 2012

හරකෙක් හමුදා වෙසක් කූඩුවක හැපෙයි‘- හරක් අයිතිකරැට හමුදාවෙන් වෙඩි තබයි !

වෙසක් උත්සවය නිමිත්තෙන් සාදා තිබූ වෙසක් කූඩුවක හරකෙක් හැපුනු නිසා එම හරක් බලාගත් තරැණයාට කිලිනොච්චි, කුමාරසාමිපුරම් ප්‍රදේශයේදී හමුදා සෙබලෙක් පසුගිය සදුදා(7) වෙඩි තබා ඇතැයි තිනකුරල්(10) පුවත් පත වාර්තා කරයි. එහි වැඩිදුරටත් සදහන් වන්නේ, එදින කුමාරසාමිපුරම් ප්‍රෙද්ශයේ තම හරක් රැළට ආහාර සපයා දී පසුව නැවත ගව පට්ටි කරා රැගෙන යමින් තිබුණේ ය. එම වේලාවේ ඒ ආසන්නයේ තිබූ හමුදා මුරපොලක වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් කූඩු එල්ලා තිබූ අතර පැමිණි හරක් රංචුවෙන් එක් හරකෙකු එක් වෙසක් කූඩුවක හැපී ඇත. එම සිදුවීමෙන් කෝපයටපත් එම ස්ථානයේ සිටි හමුදා සෙබලෙකු හරක් බලාගත් තරැණයා වෙත එක්වරම වෙඩි වරැසාවක් එල්ල කර ඇත. එස්. ක්‍රිෂ්ණ කුමාර් නැමති තරැණයාට මෙම වෙඩි තැබීමෙන් බරපතල ලෙස තුවාල සිදුවී ඇති අතර, වෙඩි තැබීමෙන් පසු එතනට පැමිණි හමුදා සෙබලු පිරිසක් මෙම තරැණයාව රෝහල් ගත කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් තරැණයාගේ දෙමව්පියන්ට හෝ ඥාතීන්ට මේ පිළීබදව කිසිදු තොරතුරක් ලබා නොදි ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. පසුව මෙම සිදුවීම ආරංචි වූ තරැණයාගේ ඥාතීන් එම හමුදා සාමාජිකයින් සමග බහින් බස් වීමක් සිදු වී ඇති අතර පසුව එය සමනය වී ඇත. එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෙළි නොකිරීමට වග බලා ගන්නැයි හමුදාව විසින් එම ඥාතීන්ට තර්ජනය කර ඇතැයි වාර්තා වේ. සංස්කාරක සටහන මේ දක්වා වෙඩි තැබූ හමුදා සෙබලා පිළිබදව කිසිදු පරික්ෂණයක් සිදු කර නොමැති බව වැඩිදුරටත් වාර්තා වන අතර එම තරැණයාගේ තත්ත්වය පිළිබදව සෙෘඛ්‍ය බළධාරීන්ගෙන් තොරතුරක් ලබා ගැනීමට ‘විකල්ප‘ දැරෑ උත්සහය ව්‍යර්ත වූයේ දුරකථනය එකවරම විසන්දි කිරීමෙනි. - විකල්ප

No comments:

Post a Comment