Tuesday 15 May 2012

සැදැහවත් සිංහල බෞද්ධයන් , දෙමළ ජනයාගේ ගවයන් වසදී මරාදමති

මඩකළපුව මායිම්  ගම්මානයක් වන මංගලගම කෙවිලියමඩු ප්‍රදේශයේ තණබිමට ගිය දෙමළ ජනතාවට අයත් ගවයන්ට එම ප්‍රදේශයේ සිංහල ජනතාව විසින්  වසදී මරාදමා ඇතැයි ගොවිපළ හිමිකරුවන් විසින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී පා. අරියනේන්දිරන් මහතා වෙත පැමිණිකර තිබේ.
 
මඩකළපුව 35 වැනි ගම්මානයෙහි සුන්දරරාසා රන්චන් නැමැත්තාට අයත් ගවයන් 6 ක් මෙසේ වසදීමෙන් මියගොස් ඇති බවත් සාමිතමිබි බාලාතපිල්ලයි නැමැත්තාට අයත් එළදෙනුන් 75ක් අතුරුදහන්වී ඇතැයිද පැවැසේ. දෙමළ ජනතාවගේ පාරම්පරික ගොවි බිමිවල අනවසරයෙන් පදිංචිවී සිටින සිංහල ජනතාව විසින් තම ගවයන්ව මරා දමා ඇතැයි ගොවිපළ හිමියන් විසින් චෝදනාකර සිටී.
 
මේ අතර එම සිංහල ජනතාව විසින් ගොවිපලවලට නිතර අලාභහානි සිදුකරන බවත් තම ගවයන්ව මරාදමණ අතරම  සොරකම්ද  කරන බවත් එම ප්‍රදේශයේ ජනතාව පවසා තිබේ.
yukthiya.com



No comments:

Post a Comment