Monday 7 May 2012

දඹුළු අර්බුදයේ සැගවුනු යථාර්ථය - අජිත් දසනායක



සර තිහකට අධික කාලයක් පුරාවට දිග් ගැසුණු යුද්ධය ලෝකය පුරාවට කතා කිරීමට මාතෘකාවන් විවෘත කරමින් ඉතා දරුණු ඛේදවාචකයකින් නිමාවට පත්විය . යුද්ධය කෙතරම් දරුණු වීද යත් සිදු වූ අලාභයන් තවමත් නිෂ්චිතව ගණනය කරගත නොහැකිව පවතී. කොතරම් ජීවිත හානියක් සිදිවීද , කොතරම් ආබාධිතයින් පිරිසක් නිර්මාණය කරවීද , කොතරම් දේපල හානියක් සිදුවීද , කොතරම් මුදලක් වියදම් වීද යන්න පිළිබදව යුද්ධයෙන් වසර තුනක් ඉක්ම ගොස් ඇති මේ මොහොත වන විටද නිවරදි තක්සේරුවකට පැමිණීමට නොහැකිව ඇත. එහි අනිසි විපාකය ලෙස මේවනවිට  ශ්‍රී  ලංකා රජයටත් එල්. ටී. ටී. . සංවිධානයටත් එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව යුධ අපරාධ චෝදනා එල්ලව ඇත.
යුද්ධයේ කුරිරු විපාකයන් තිස් වසරකට අධික කාලයක් අත් විදි ජනතාව නැවත ආගමික යුද්ධයකට මුල පුරමින් සිටින්නෝය . ඇත්තෙන්ම මෙම අර්බුදය අප තේරුම් ගත යුතු ආකාරයන් කීපයක් වේයැයි හැගේ මෙහි තිරය පිටුපස හිද මෙහෙය වමින් සිටින්නන් කවුරුන්ද යන්න විමසා බැලීම වැදගත්ය. මෙම තත්වය තේරුම් ගැනීමට වඩාත් පහසු ආකාරට සරළ කොට ගතහොත් ලංකාව වැනි නොදියුණු රටවල අර්බුදයන් නොමැති කල අර්බුදයට යන්නේ පවතින රජයන්ය .මන්ද යත්  මෙතෙක් පැවති සියළු රජයන් එදා වේල සපයා ගැනීම සදහා යමක් කරනවා විනා දිගු කාලීන සහ කෙටි කාලීන ආර්ථික , සමාජ , දේශපාලනික , සංස්කෘතික , පවුල් හෝ ආහමික සංස්තාවන්ගේ අර්බුදයන් විසදීමට උත්සුක වූ රජයන් නොවේ . ජන්දය ලබා ගැනීමට පොරොන්දු මල්ලක් දුන්නද, බලයට පත්වූ පසුව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය මුලින්ම තම පවුලත් නෑදෑ හිතමිතුරන් සහ තමන්ට බලයට එන්නට උදවු උපකාර කල ජාවාරම් කරුවන්ගේ මඩිය පුරවාලීම සදහා පමණි. මෙවැනි තත්වයක් තුල දිනෙන් දින ලාංකික සමාජය ඇද වැටෙනුයේ වල පල්ලට මිස රජයට සමාජය ගොඩ නංවන මාවතකට ප්‍රවිෂ්ඨ කරවීමට මානයක් නොමැත.
ඉදින් මෙම බලයට පත්වන නායකයින්ගේ පටු ආත්මාර්තකාමී  උවමනාවන් විසදා ගැනීමේදී සමාජ ප්‍රශ්න නොසලකා හරිමින්  කටයුතු කිරීමට සිදුව ඇති අතර ගැටුම් නොමති, සමාජ අර්බුදයන් නොමැති කල තම අරමුණු ඉටු කර ගැනීමට අපහසු ඉලක්කයක් වන්නේය .මන්ද යත් තමන් බලයට පත් වීමේ අරමුණෙන් ජනතාව වෙත ලබා දුන් පොරොන්දු මල්ල වෙත ජනතා සිත් සතන් යොමු වෙන බෑවිනි . යුද්ධය අවසන්ව තුන් වසරක් ගෙවී ගියද, රජය තවමත් ජනතාව වෙත කොරහේ කිඹුලන් පෙන්වන්නේ මෙම නිසාවෙනි . රජය තවමත් ලංකාව තුල ජ්‍රජාතන්ත්‍රවාදය  ස්ථාපිත කොට නොමැත, සාමය ස්ථාපිත කොට නොමැත, යුධ වාතාවරනයක් යටතේ  ස්ථාපිත කල නීති රීතී සංශෝධනය කොට නොමැත . කිසිදු ආකාරයක නිදහසක් බුක්ති විදීමට  අවශ්‍යසමාජ අවකාශයක් නිර්මාණය කොට නොමැත.
මෙලෙස රජය දිනෙන් දින අප්‍රසාදයට ලක්වන විට නැවත ජන්දයක් සදහා පිවිසීම ඔවුන්ගේ දේශපාලන සිය දිවි නසා ගැනීමකි. මාගේ හැගීම නම් දැන් රජයට අවශ්යව ඇත්තේ මීලග ජන්දය මග හැර සිටීමටයි එහිදී ඔවුන් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කලගෙඩි ලාම්පු සෙල්ලම වෙත යොමු වෙනු ඇත. මෙම අරමුණ සපූරා ගැනීම සදහා ඔවුන්ට සමාජ අර්බුදයක් නිර්මාණය කර ගත යුතුය. සදහා වැඩි සමාජ ප්‍රතිවිරෝධයක් සහිත ගැටුම ස්මතු වීමට අවකාශය සලසා එය සමාජය තුල පුපුරා යාමට අවශ් පහසුකම් සැලසිය යුතුය
වත්මන්  ශ්‍රී ලාංකික භූමිය තුල ඉතා පහසුවෙන් මතු කරගත හැකි සමාජ ප්‍රතිවිරෝධය වනුයේ ඊනියා මුස්ලිම් ව්‍යාප්තවාදයයි .මෙලෙස ආගමික යුද්ධයක් සදහා මූල බීජයන් සැපයීමට මුස්ලිම්වරු එරෙහි ප්‍රවිරෝධයක් ගොඩ නැගීමට පහසු වන කරුණු කාරණා රාශියක් ඉතා පහසුවෙන් ස්මතු කර ගත හැකිය . මෙම ප්‍රධාන කරුණු අතරින් කීපයක් සලකා බලමු.
1. මුස්ලිම් වරුණට ආවේනික උප සංස්කෘතික ලක්ෂණ.
බොහෝමයක් මුස්ලිම් ජාතිකයන් සාමූහිකව ක්‍රියා කරති එය ඔවුන්ට උරුම වනුයේ දවසේ නියමිත කාල වේලාවන් තුල සිදු කරනු ලබන නැමදීම තුලිනි.එහිදී බොහෝ විට ඔවුන් නිතර මුණගැසෙති, එක්ව විසිර යති මිනිසුන් දස දහස් ගණනක් සිටින  ජන සමූහයක දහසක් මුස්ලිම්වරු සිටිය විට ඔවුන් එක්ව රැස්  වීමත්, එක්ව විසිර යාමත්  ඔවුන්ට ආවේණික වූ ස්වේත වර්ණ ඇදුමත්, හිස් වැසුමත් මත කැපී පෙනීමට ලක්වෙයි. ඉතිං මේ තත්වය තුල අනෙක් දස දහස් ගණනක මිනිසුන් සිටින  ජන සමූහයක් තුල උවද මෙම සුළු පිරිස කැපී පෙනීමට ලක්වෙයි.
2. ආර්ථික අර්බුදයේ මූලය මුස්ලිම් වරුන් ලෙස සැලකීම
මුස්ලිම් වරුණට එරෙහි ප්රතිවිරෝධය ආර්ථික අර්බුදයේ ප්‍රතිවිරෝධයක් ලෙස මතුවීමට ඇති හේතු කාරණා බොහෝය එය ඉතා දීර්ඝ ලෙස සාකච්ඡාවට බදුන් කල හැකි කරුණක් බැවින් අප එහි මූලික ලක්ෂණයන් පමණක් හදුනා ගැනීමට උත්සුක වෙමු .
ලංකාවේ වෙළද ආර්ථිකය තුල මිනිබඩු වෙළදාමේ සිට නවීන තාක්ෂණික සහ සන්නිවේදන උපකරණ ව්‍යාපාරයේත් වැඩි දායකත්වයක්  මුස්ලිම් වරුන් සතුව පවතී   මෙයට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් වෙළද ව්‍යාපරය තුල දක්වන තීක්ෂණ හැකියාවයි.
අනෙක් ජාතීන් දක්වන වෙළදාමේ අපොහොසත්කම සමාජය තුල මතුව එන්නේ මුස්ලිම් විරෝදයක් ලෙසයි . පාරිභෝගිකයෙකු තම සේවා ආයතනයක් තුලට පැමිණි පසු ඔහුසතු සියළු මුදල් ගසා කෑමට වෙර දරණ විට නැවත වතාවක්  පාරිබෝගිකයා එම වෙළද ආයතනයට පැමිණෙන්නේ නැත.අනෙක් ජාතීන් දිනෙන් දින පාරිභෝගිකයන් අහිමි කර ගනිද්දී මුස්ලිම් ජාතිකයින් දිනෙන් දින පාරිභෝගිකයන් පිරිස වැඩි කර ගනී මෙහිදී අනෙක් ව්යාපරිකයින් සිතන්නේ  මුස්ලිම් ව්යාපරිකයින් නිසා තමන්ට පාරිබෝගිකයින් අහිමි වන බවයි .තමන්ගේ නොහැකියාව සහ අඩු පාඩු දකිනවාට වඩා තම නොහැකියාව වසා ගැනීමට ඔවුන් සිදු කරන්නේ  තමන් තුල නොමැති ඊනියා ජාතිවාදය සහ ආගම් වාදයක් ස්මතු කරවීමයි.මෙම තත්වය තුල නැවතත් කළු ජූලියක ඇතිකර ගැනීමෙන් ඔවුන්ට ඉතා පහසුවෙන් තම ඉලක්කය සපුරා ගත හැකිය. කූරගල සහ දඹුල්ල වැනි සිද්දි මෙවැනි බංකොලොත් ව්‍යාපාරිකයින්ට සරු බිජුවකි .මෙම තත්වය මේරීමට ඉඩ හැර පුපුරවා සමාජගත කරවීම මොවුන්ගේ ඒකායන අරමුණයි . එමගින් නගර අශ්‍රිත වෙළදාම එහි වෙසෙන මුස්ලිම්වරුන් පලවා හැරීමෙන් පසුව අත් පත් කර ගැනීම මොවුන්ගේ පරම අභිප්‍රායයි
3. රැකියා අර්බුදයේ ප්‍රතිවිරෝදයක් ලෙස
  එසේම ලංකාවේ පවතින රැකියා අර්බුදයේප්‍රතිවිරෝදය මුස්ලිම්වරුන් වෙත එල්ල වෙයි. විශ්ව විද්‍යාලයේ විද්‍යා විෂයන්ගෙන් අධයාපනය හදාරණ සහ තොරතුරු තක්ෂණ ඉන්ජිනේරු විෂයන් ප්‍රගුණ කරන සැලකිය යුතු  සිසුන් කොටසක්ද මෙම මුස්ලිම් විරෝධයේ පුරෝගාමියෝ වෙති. මන්ද  මොවුන්ගේ රැකියා වෙළද පොළ තුල තරග කිරීමට සිදුව ඇත්තේ බහුතරයක් මුස්ලිම්  සිසුන් සමගිනි. එසේම මෙම රැකියාවන්ට අදාල වෙළද ආධිපත් පතුරුවා ගෙන සිටින්නේද මුස්ලිම් ජාතිකයින් විසිනි.
අතින් බලන කල කලා විෂයධාරාවේ  , වෛද් සහ වෙනත් ඉංජිනේරු විෂයධාරාවේ සිසුන්ට වඩා තම රැකියා සහ වෙළද පොළ තුල අහිමි අධිකාරය මගින් ගොඩ නැගුණු හීනමානයන් සහිත සිසුන්ද මෙම මුස්ලිම් විරෝධයන්ගේ සැලකිය යුතු කාර්ය භාර්යක් ඉටු කරණු ලබයි ඔවුන්ටද තම හීන මානය වසා ගැනීමට ජාතිවාදය සහ ආගම් වාදය ක්ෂේම භූමියකි. අවසානයේදී මොවුන් ගොස් නතර වන්නේ සාත්තර මගින් විද්‍ය පරීක්ෂණ සිදු කරනු ලබන ගොබ්බ ගුබ්බෑයම් තුලයි.
මෙකී නොකී සියළු  ප්‍රතිවිරෝදයන් තුලින් ආණ්ඩුව බලා සිටිණුයේ තම ඉලක්කයන් සපුරා ගැනීමටයි .මේවන විට පවතින  ශ්‍රී ලංකා රජයට ඇති ප්‍රධාන ඉලක්කයන් අතර ප්‍ර ධාන කරුණු වනුයේ යුධ අපරාධ චෝදනාවන් පසු පසට දමා ගනීමයි එය පහසුවෙන් ඉටුකරවා ගැනීමට මෙවැනි සමාජ අර්බුදයක් බොහෝ සේ උපකාරී වනු ඇත. එසේම අනෙක් ප්‍රධාන කරුණක්  වනුයේ මහ මැතිවරණය කල ගෙඩි ලාම්පු සෙල්ලමකින්  කෙලවර  කර ගැනීමයි . එමගින් දැනට ආණ්ඩුවේ පවතින බලය එලෙසම පවත්වා ගත හැකිවෙයි  
ආණ්ඩුවේ මෙම පටු අරමුණු ,ආණ්ඩුව තුලම සිටින බඩගෝස්තරවාදී දේශපාලන අත කොළු ආධාරයෙන් පහසුවෙන් ඉටුකරවා ගත් හැකිය.ආණ්ඩුවේ පවතින අමාත් ධූරයන්ගෙන් සමස්ථ ආර්ථිකයේ  සියයට අසූවකට ආසන්න අමාතයංශ ප්‍රමාණයක් රාජපක්ෂ පවුල් පාලනය තුලට කේන්ද්‍රගත කර ගනිද්දී එයට එරෙහිව කෙදිරියක්ව ගෑමට හයියක් නොමැති සිංහ වෙස්ගත්  නිවට හිවළුන්  ජන සමූහයේ පවතින යම් යම් සිදුවීම වලට ඝෝර නාඩු කරමින් සිටින්නෝය. ඔවුන්ට කන්ද කෙන්දක් සේවත් නොපෙනෙන අතර  කෙන්ද හිමාලයටත් වඩා විශාල කන්දක් කරමින් සිටින්නෝය . මෙවැනි හිවලුන් ආණ්ඩුව විසින් බලල් අතක් සේ පාවිච්චි කරද්දී   මොවුන් විසින් ජනතා ප්‍රතිවිරෝදයන් ජාතිය , ආගම වැනි  පටු තැන් වලට ලඝු කරමින් නැවතත් ලංකාවේ ජන ජීවිතය ගිණි ජාලාවක් වෙත තල්ලු කරමින් සිටින්නෝය
ආණ්ඩුවට එරෙහි ප්‍රතිවිරෝදයන් විවිද නඩු සහ ලිංගිකත්ව සිදුවීම තුලින් බිය වද්දා සමනය කර ගනිමින්  එළු , බලු හාදු කමින් පවත්වා ගෙන යන අතරේ ජන සමාජය තුල ගැටුමක් උත්පාදනය කොට තුලින් තම බලය  රැක ගැනීමට කරනු ලබන කූට උපක්‍රමයන් පිළිබදව ජනතාව දැනුවත් කර පරාජය කිරීම පවතින ජනහිතවාදී දේශපාලන පක්ෂයන්ගේත්, උගතුන් සහ සමාජ ක්රියා කාරීන්ගේත් වර්ථමාන සමාජ වගකීම බවට පත්ව ඇත. මෙම අරමුණ සාර්ථකව  ජය ගැනීම සදහාත්, ප්‍රජාතන්ත්‍රවාදය , සාමය , සහජීවනය නැවත් ගොඩ නැන්වීම සදහා සියළු බලවේගයන්ගේ  ඒකාබද්ධ පෙරමුණක් පිහිටුවා ගැනීමේ කාලය එලැඹ ඇත.


No comments:

Post a Comment