Friday, 11 May 2012
"මතක තියාගන්න මමත් මාධ්‍යවේදියෙක් " - ඉනාමුළුවේ සුමංගල භික්ෂුව
පහත දැක්වෙන්නේ දඹුල්ලේ මුස්ලිම් පල්ලිය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව ජාත්‍යන්තර ආගමික් ප්‍රශ්ණයක් දක්වා දිගැස්වීම පිළිබඳ , එම සිද්ධියේ ප්‍රධාන චරිතය වූ ඉනාමළුවේ සුමංගල භික්ෂුව සමග පැවැත්වූ සම්මුකඛ සාකච්ඡාවකි. පණ්ඩිත ගෑණියෙක් වෙන්න හදන්න එපා. තමුසෙ ඕන නම් රෙකෝඩින් දාගන්නවා. මගෙ කාලෙ නාස්ති කරන්න එපා.
Q - ඔබ වහන්සේ මුල් වරට වේදිකාවට එන්නෙ කණ්ඩලම හෝටලය ඉදිකිරීමට විරුද්ධව එල්ල කරපු දැවැන්ත විරෝධයත් එක්ක. නමුත් අද එතැන හෝටලයක් ඉදි කරල තියෙනවා. එදා ඔබ වහන්සෙ දක්වපු විරෝධය ගැන මොනවද හිතෙන්නෙ?
මගේ ජීවිතය පවතින තාක් කල් ඒ විරෝධය පවතිනවා. ඒ තමයි මගේ ස්ථාවරය. මම ආගන්තුකව නෙවෙයි එම විරෝධතාවට එකතු වුෙණ්. කණ්ඩලම වම් ඇල ගොවි සංවිධානයේ සභාපතිවරයා වශයෙන්. නමුත් මාධ්ය වාර්තා වුණේ සංඝ සභාවේ ලේඛකාධිවරයා වශයෙන් මම ඉදිරිපත් වූ බවක්. ගොවි ජනතාවට නායකත්වය දුන් ස්වාමීන් වහන්සේ නමක් හැටියට කණ්ඩලම වැව ගැන වගේම එතැන තියෙන වැදගත්කම ගැනත් මම දැනගෙන හිටියා. ඒ කියන්නෙ වැව් තාවුල්ලක කිසිම ඉදිකිරීමක් කරන එක වාරිමාර්ග ආඥා පනත යටතේ තහනම්. ඒක රජ කාලේ ඉදලා තිබුණ දෙයක්. ඒ වගේම ඒක ඉංග්රීආසි ආණ්ඩුවත් අනුමත කරල තිබුණා. අපි හිතුවා නිදහසින් පසු පත්වූ ශ්රීඒ ලංකා ප්ර ජාතන්ත්ර වාදී සමාජවාදී ජනරජයත් මේක ආරක්ෂා කරයි කියලා. අපි මහජන මතයක් ගොඩනැගුවා මේක වැරදියි. හෝටලය හදන එක නවත්තන්න කියලා. නමුත් ආණ්ඩුව මොකද කළේ? පොලිස් ආරක්ෂාව දාලා මහජන මතය යටපත් කරලා අපට විරුද්ධව මඩ ප්රුචාර කරමින් ආණ්ඩුව ඒකට ඉඩ දුන්නා. කණ්ඩලම සිද්ධියේදී මම පසක් කරගත් දේ තමයි මේ රටේ ප්රඩජාතන්ත්රකවාදය නමින් තිබෙන්නේ ඒකාධිපතිවාදයක් කියන එක. නාම මාත්‍රික ප්‍රජාතන්ත්‍රවාදයක් විතරයි මේ රටේ තිබෙන්නෙ. ජනතාවට කන් දෙන පාලක පක්ෂයක් අපේ රටේ නැහැ කියන එක මම තේරුම්ගත්තේ 1991 දි.
Q - ඒ දක්වපු විරෝධය ගැන අද පසුතැවිලි වෙනවද? මෙහෙමයි. ආණ්ඩුවට මොනවද කරන්න බැරි. ප්රේ1මදාස ජනාධිපතිවරයාට බැරි වුණේ පිරිමියෙක් ගැහැණියක් කරන එක විතරයි. ඉතින් හෝටලයක් හදන එක මහ දෙයක් නෙවෙයි නෙ. ඒක වුණේ ප්රේවමදාස ජනාධිපතිවරයගෙ පුර්ණ ආශිර්වාදය යටතේ. ඒ නිසා ආණ්ඩුවට අවශ්යි ඕනම දෙයක් මේ රටේ කරන්න පුළුවන්.
Q - ඔබ වහන්සෙ දෙවැනි වතාවට වේදිකාවට එන්නෙ 2012 දඹුල්ල රජ මහ විහාර භූමියට අයත් ඉඩමක ඉදිකොට ඇතැයි කියන මුස්ලිම්පල්ලියකට විරුද්ධව. මේ විරෝධතාවය ගැනත් ඉදිරියට පසුතැවෙන දවසක් එයිද? නැහැ. අපි එක් වරක් පාඩමක් ඉගෙන ගත්තා. ඒ 1991 දි. එදා අපි ප්රකත්යාක්ෂ කරගන්නෙ මේ රටේ ප්ර ජාතන්ත්රිවාදයක් නැති බව. ඒ නිසා කවුරු හරි මේ රටේප්රනජාතන්ත්රදවාදයට විරුද්ධ දරදඩු පාලනයක් ගෙන යනවා නම් ඒකට විරුද්ධව අපි දිවි හිමියෙන් කටයුතු කරනවා.
Q - ප්‍රජාතන්‍ත්‍ර විරෝධී පාලනයකට දක්වන විරෝධය ඔබ වහන්සෙ හිතන විදියට කොයි ආකාර වෙන්න ඕනද? පසුගිය 20 වැනිදා අපි පොඩ්ඩක් පෙන්නලා දුන්නෙ ඒක තමයි.
Q - උද්ඝෝෂණය සාමකාමී නැහැ කියල මම කිව්වොත් පිළිගන්නවද? ඔව් ඒකෙ අර්ධයක් මම පිළිගන්නවා. සාමකාමීව තමයි පටන් ගත්තෙ. නමුත් මිනිස්සුන්ගෙ හැගීම් සහ ආවේගයන් පාලනය කරන්න බෑ. ජාතික වශයෙනුත්, ආගමික වශයෙනුත් ලෝකෙම දිහා බලන්න. බින් ලාඩ්න් වැනි අන්තවාදී මුස්ලිම් නායකයෝ මොකද කළේ. ඔවුන්ගෙ ඉස්ලාමීය ආගම පතුරුවන්න ලේ වැගිරීම් කරල තියෙනවානේ. ඒක තමයි ප්රාකයෝගික සත්යඔය. අපේ රටේ මිනිස්සු බෞද්ධ සංස්කෘතිය තුළින් තමයි හික්මවලා තියෙන්නෙ. ඒ අය ඉවසනවා. හැබැයි ඉවසීමේ සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවලා පොඩ්ඩක් ඉදිරියට ගිය එක විතරයි. ඒක ප්ර චණ්ඩත්වයක් කියල මම දකින්නෙ නෑ.
Q - 20 වැනිදා ඔබ ප්‍රසිද්ධ ප්‍රකාශ කළා ''අද අපි ආවෙ බෞද්ධ කොඩිය අතැතිව. ඊළග පාර අපි එන්නෙ මෙහෙම නෙවෙයි'' කියල. ඒ අනාගත පැමිණීම් ආගමික කල කෝලහලයක් වෙලා ලේ වැගිරීමක් සිද්ධ වුණොත් ඒකෙ වගකිම ඔබ බාරගන්නවද? ඒකෙ වගකීම භාරගන්න ඕන මේ රටේ නිද්රාමශීලී පාලක පන්තිය. ඔවුන්ගෙ ආණ්ඩුවේ මුස්ලිම් දේශපාලන නායකයො දඹුල්ලෙ මෙම ස්ලාම් පල්ලිය ගැන වහසි බස් දොඩවනවා. ඔවුන් දැනගන්න ඕන මේ පිළිබදව අග්‍රාමත්‍ය විසින් පැහැදිලි පැහැදිලි තීරණයක් අරගෙන තියෙන බව. අගමැතිවරයා කියන්නෙ මේ රටේ දෙවැනි පුරවැසියා. ඒ වගේම එතුමා බුද්ධ ශාසන හා ආගමික කටයුතු භාර අමාත්යමවරයා. එතුමා දක්වල තියෙන්නෙ ආණ්ඩුවවේ ස්ථාවරය. ඒකට අභියෝග කරන්න පුළුවන්ද ආණ්ඩුවට හේත්තුවෙලා ඉන්න යම් යම් කණ්ඩායම් වලට සහ දඹුල්ල නියෝජනය කරන කැබිනට් ඇමතිවරයෙකුට? ආණ්ඩුවේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා කියනවා මේ පල්ලිය ඉවත් කරන්නෙ නැහැ කියලා. අගමැතිතුමා කියනවා අයින් කරනවා කියලා. රාවුෆ් හකීම් ඇමතිවරයා කියනවා පල්ලිය අයින් කරන්නෙ නැහැ කියලා මේකෙන් පැහැදිලි වෙන්නෙ ආණ්ඩුව ඇතුලෙ ඒකමතික භාවයක් නැහැ කියන එක. අනිත් එක අගමැතිවරයාටත් වඩා ලොකු අය ආණ්ඩුවෙ ඉන්නව කියන එක. එහෙම වෙන්න පුළුවන් ද? ආණ්ඩු පක්ෂආයේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කියන එකට මොකද වෙලා තියෙන්නෙ? ඒ නිසා මේ වෙලාවේ අපි ජනාධිපතිවරයාට කියනවා මේ නොහික්මුණු තක්කඩි දේශපාලකයින් ගැන තීරණයක් ගන්න කියලා.
Q - යම් කිසි සමාජයක සියලු ආගම් අදහන්නන් සිටින විට ඒ හැමෝටම සමාන අයිතිවාසිකම් ඇති බව පිළිගන්නෙ නැද්ද? ඔබ හදන්නෙ අපේ බෞද්ධ අයිතිය උදුරගන්නද? අපි හැමෝටම ගරු කරල තියෙනවා. මෙතන තියෙන්නෙ ඔය එක කතන්දරයක් වත් නෙවෙයි. බෞද්ධ උරුමය රැක ගැනීම සහ බෞද්ධ උරුමය උදුරාගැනීම අතර ප්ර ශ්නයක්. ඔය බහුබූත කතා කිසිවක් මෙතැනට අවශ්ය් නැහැ. අපි සටන් කරන්නෙ අවුරුදු 2300 ක අජේ බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්න. ඒ අය හදන්නෙ අපේ බෞද්ධ උරුමය පැහැරගන්න. ඒ නිසා කවුරුත් ඔය යථාර්ථය තේරුම් ගත්තොත් හොදයි. මම හඩ නගන්නේ ඒ උරුමය ආරක්ෂා කරගන්න මිස කිසිවක් උදුරාගන්න නෙවෙයි. ඉස්ලාම් අයයි උදුරගන්න හදන්නෙ. ඒකට ඉඩ දෙන්න බැහැ. අපි කවදාවත් ඉස්ලාම් අයිතිය උදුරගන්න ඉරාකයට මැද පෙරදිගට ගියේ නැහැ. මේක මංකොල්ල කෑමක්. මේක පැහැදිලිවම රටට කියන්න.
Q - කෙනෙකුගේ අයිතිය රැකගන්න උත්සහ කරද්දි තව කෙනෙකුගෙ අයිතිය උල්ලංඝණය වීමක් සිදුවෙනවා නම්...? ඔබ හදන්නෙ බෞද්ධ අයිතිය පාගා දමන්නද? නැහැ. මුස්ලිම් පල්ලිය 1962 සිට එතැන තිබූ බව ඔවුන් කියනවා. මම තුන් වැනි ඇහැක් තියෙන කෙනෙක් හැටියට මම මේ කතා කරන්නේ. අද ලෝකයේ ගෝලීය වශයෙන් වන දේවල් සසදලයි මම කතා කරන්නෙ. ගෝලීය වශයෙන් අද ඉස්ලාම්කරණයක් ක්රිදයාත්මක වනවා. සිංහල යැයි කියාගන්නා ඇතැම් පිරිස් පවා ඔවුන්ට ගොට්ට අල්ලනවා. මම ඔබටත් කියන්නෙ ඔවුන්ට ගොට්ට අල්ලන්න එපා කියලා.
Q - ඔබ වහන්සෙ කියනවා අද ලෝකය පුරා ඉස්ලාම් මූලධර්මවාදයක් ගොඩනැගෙමින් තිබෙන බව. ඒකට විකල්පය වශයෙන් අප රට තුළ ගොඩනැගෙමින් පවතින්නෙ බෞද්ධ මූලධර්මවාදයක් ද? තව අයගෙ තියෙන්න පුළුවන්. මට ඒකට සහතික දෙන්න බැහැ. නමුත් මගෙ නැහැ. ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා සහ ඔබ අතර ඇති ගැටුම කුමක් ද? ඔහු පළමු වරට පාර්ලිමේන්තු මන්ත්රීඔවරයෙක් වෙන්නෙ 1993 හෝ 94 දි. ඊට පෙර ඔහු පොලිස් නිලධාරියෙක්. ඔහුගෙ පියා ටී.බී.තෙන්නකෝන් නිහතමානි හොද වැදගත් බෞද්ධයෙක්. ජනක බණ්ඩාර ඡන්ද ගත්තෙ පියා නිසා. මැතිවරණ වේදිකාවෙදි හොටු කදුළු පෙරාගෙන ඔහු කිව්වා, මගේ පියා මරණ මංචකයේදි කිව්වා ''අනේ පුතේ පොලිසියෙ ඉදල හරියන්නෙ නැහැ. දඹුල්ලට ගිහින් මං නවත්තපු තැන ඉදල දේශපාලනය කරන්න කියලා'' යනුවෙන්. ජනතාව රැවටිලා ඔහුට ඡන්දය දුන්නා. මෙයා මන්ත්‍රීකම අරගෙන ඇවිල්ලා කරපු පළවෙනි දේ තමයි දඹුල්ල නගරයේ තැබෑරුමක් විවෘත කරපු එක. ජනතාව ඊට විරුද්ධව කලු කොඩි දාලා, කඩවල් වහලා බෞද්ධ කොඩි අරන් පෙළපාලියක් ගියා. ජනක එයාගෙ මැරයො දාල මේ උද්ඝෝෂණයට ගැහුවා. බෞද්ධ කොඩි බිම දාලා පෑගුවා. පොලිසිය නිහඩව හිටියා, මොකද ඔහුත් පොලිසියෙ හිටපු නිසා. මම එවකට ජනාධිපතිනි චන්ද්රිතකාට මේ ගැන පැමිණිලි කළා. එතුමිය වහාම ක්රිතයාත්මක වන පරිදි තැබෑරුම් බල පත්රිය තහනම් කළා. අපි දෙන්නගෙ ප්ර ශ්නෙ පටන් ගත්තෙ එතැනින්. අද වෙනකොට එයා මා එක්ක තරහයි ඔහු ඉක්මවා ගිය හිමි නමක් වශයෙන්.
Q;ඔබත් ඔහු එක්ක තරහද? අනේ මගේ මොන තරහක්ද? මනාපයක් තියෙන්න එපායැ තරහ වෙන්න. එයා එක්ක මගෙ යාලු කමක් තිබුනෙත් නැහැ. එදා චන්ද්රියකා ජනාධිපතිනියට කතා කරන්න කළින් මම ඔහුට දුරකථනයෙන් කතා කරල ඇහුවා ''ඔබ ඡන්දෙ ඉල්ලුවෙ පියා නවත්තපු තැන ඉදන් පටන් ගන්නවා කියලා. ඔබගෙ පියා නැවැත්තුවෙ ඔතනද?'' කියලා. ඔහුගෙ පිළිතුර වුණේ ''මම කටයුතු කරන්නෙ ජනතාවගෙ ඉල්ලීම අනුව'' කියන එකයි. මං ඇහුවා ''දැන් දඹුල්ලෙ ඔක්කොම සර්ව සම්පූර්ණ වෙලා. අඩියක් ගහන්න තැනක් විතරයි අඩු. ජනතාව ඒකද ඉල්ලුවේ'' කියලා. එයාට තරහ ගිහින් දුරකථනය තිබ්බා. ඉතින් එතනත් අපි කටයුතු කළේ බෞද්ධ අනන්යමතාව රැකගන්න. එයා ඒකට කෝප වෙලා එදා ඉදන් මගෙන් පළිගන්න හැම උත්සහයක්ම දරනවා. ඒක ඉතින් සිහිනයක් විතරයි. ඔබට විරුද්ධව දඹුල්ලෙ ජනතාව චෝදනා කරනවා රජමහ විහාරයට අයත් ඔවුන් පදිංචි ඉඩම් තව කෙනෙකුට පවරන කොට ඔබ ඔවුන්ගෙන් අක්කරයකට රුපියල් ලක්ෂයක් අය කරන බවට. ඕක මම ගන්න එකක් නෙවෙයි. බෞද්ධ විහාර හා දේවාලගම් පනත යටතේ තමයි දඹුල්ල රජමහ විහාරය සතු ඉඩම් පාලනය වන්නෙ. බෞද්ධ කටයුතු පිළිබදව කොමසාරිස්වරයා විසින් දෙන ලද ක්රයමයක් තියෙනවා. ඒ ක්රෞමය අනුව ලියාපදිංචි කිරීමේ ගාස්තුවක් අය කරනවා. මේ ඉඩම් කාටවත් විකුණාගන්න බැහැ. බදු කරුට එපා නම් නැවත පන්සලට භාර දෙන්න ඕන. මිනිස්සු එහෙම නොකර මේ ඉඩම් අත යට විකුණනවා. එවිට අපි දඩ මුදල් අය කරනවා. ඒ හැම මුදලකටම 30% ක් විහාර අරමුදලට ගෙවන්න ඕන. නැතුව මට නෙවෙයි. අපි රිසිට්පත් නිකුත් කරනවා. එවා රජයේ විගණනයට යටත්. දඹුලු විහාරයට එහෙම චෝදනා කරන විට දළදා මාලිගාවට අයිති ඉඩම් වලට මොනතරම් මුදලක් අය කරනවද කියලත් ඔබ හොයල බලන්න මාධ්යාවේදිනියක් ලෙස.
Q;ඔබ කිව්වා පල්ලියට එරෙහි මේ විරෝධය අවශ්ය තාව විසින් ඉල්ලාසිටින්නක් බව. බෞද්ධයගෙ ඉවසීම නැති කරන්න ඔබ උල්පන්දම් දෙනව නේද? නැතිනම් ඔබ ඔවුන්ව අවුස්සනව නේද? මම ඕක ප්‍රතික්ෂේප කරනවා.
Q - ඔබ හරිම අධිපතිවාදියි නේද? ඔව්. මම අධිපතිවාදියි. මම ඒක නිහතමානීව පිළිගන්නවා. එහෙම නැතුව මේ පන්සල් දියුණු කරන්න බෑ.
Q - ගිහි සමාජය සහ පැවිදි සමාජය අතර බරපතළ වෙනසක් තියෙනවා. ගිහි සමාජය තුළ හටගන්නා රණ්ඩු සරුවල් කල කෝලහල සංහිදියාවකට ගේන්න මැදිහත්වෙන්නෙ සංඝ සමාජය. ඒ තත්වය තුළ පැවිදි සමාජයේ බෞද්ධ මහා නායක හිමිවරයෙක් වන ඔබ කියනවා '' ඔව් මම අධිපතිවාදි තමයි''' කියල එතකොට ගිහි සමාජය සංහිදියාවකට ගේන්නෙ කොහොමද? අධිපතිවාදය ඔබ කොහොම අර්ථ නිරූපනය කරනවද කියල මම දන්නෙ නැහැ. නමුත් මම අධිපතිවාදය කියල අදහස් කරන්නෙ උදා. ලෙස එක හමුදාවකට ඉන්න පුළුවන් එක් අණ දෙන නිළධාරියෙක් විතරයි. හැමෝම අණ දෙන්න ගියොත් යුද්ධ කරන්න පුළුවන්ද? ඒ වගේ රටක් දියුණු කරන්න බැහැ හැමෝටම ඔලුව පාත්කරන්න ගියොත්. මම අධිපතිවාදය යන්නෙන් අදහස් කළේ අනෙකා යටපත් කිරීම. අනෙකා මත බලය පැතිරවීම කියන දේට. එකක් මතක තියාගන්න මමත් මාධ්‍යවේදියෙක්. මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක්. මාධ්යධ ගැන හොද දැනුමක් සහිත කෙනෙක්. ඔබ මාධ්‍යවේදිනියක් ලෙස ප්‍රශ්න කරන කොට මමත් මාධ්‍යවේදියෙක් හැටියට තමයි උත්තර දෙන්නෙ. ඔබ මතක තියාගන්න මාධ්යමවේදිනියක් හැටියට ඔබට යම් සීමාවක් තිබෙනවා
Q - නමුත් මම කතා කරන්නෙ ඉනාමලුවේ සුමංගල මහානායක හිමියන් සමග මෙතෙක් කළ කතාබහේදි මට හැගුණ දේ තමයි, ඔබගෙ ප්‍රකාශ තුළ ඔබ සහ ගිහියෙක් අතර වැඩි වෙනසක් නැහැ කියන එක ? තමන්ගෙ බුද්ධියෙ හැටියට ඕන තීරණයක් ගන්න. ගිහියා පැවිද්දා අතර වෙනස මට උගන්නන්න හදන්න එපා. තමුන් ඔය කළේ මට කරන්න පුලුවන් ලොකුම අපහාසයනෙ. පණ්ඩිත ගෑණියෙක් වෙන්න හදන්න එපා. තමුසෙ ඕන නම් රෙකෝඩින් දාගන්නවා. මගෙ කාලෙ නාස්ති කරන්න එපා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment